24
Jun

හොඳම නළුවා ජීවන් ද? මහේන්ද්‍ර ද ?පුබුදු ද? හොඳම නිළිය නිරංජනීද ද? හිමාලි ද ? උමාලිද ද? තීන්දුව අද

2016  රයිගම්  ටෙලි සම්මාන උළෙල  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (24)සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

09
Jun

රජත පුස්තක සම්මාන උළෙල හෙට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පළමුවරට සංවිධානය කරන රජත පුස්තක සම්මාන උළෙල ජූනි 10 දා (හෙට) සවස  6.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි  ලෝටස් ශාලාවේදී පැවැත්වෙයි.

29
May

‘රයිගම් ටෙලීස්‘ සම්මාන රාත්‍රිය කල් දමයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුළු රටම දැඩි ආපදාවකට මුහුණ දී ඇති හෙයින්  ලබන ජූනි මස 3 දා පැවැත්වීමට නියමිතව තිබූ ‘රයිගම් ටෙලීස්‘ සම්මාන රාත්‍රිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව කිංඩම් ඔෆ් රයිගම් නිවේදනය කරයි.

16
May

රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශ රාත්‍රිය 19දා

 

‘රයිගම් ටෙලීස්‘ සම්මාන නිර්දේශ  ප්‍රකාශයට පත් කරෙන උත්සවය  මැයි 19 දා සවස 6 ට  නළුනිළියන් සහ කලාකරුවන් විහාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ  කිංග්ස්බරි  හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

Print
02
May

බුඩීගේ ‘ නිම්නයක හුදෙකලාව‘ 19 ද තිරයේ

බුඩී කීර්තිසේනගේ අලුත්ම චිත්‍රපටය ‘නිම්නයක හුදෙකලාව‘ මැයි 19දා සිට කොළම රීගල් -කොල්ලුපිටිය -ලිබර්ටි ලියිට් -මහරගම ඇමටි ලයිට්-  බොරැල්ල ලිඩෝ ඇතුළු සිනමාශාලා රැසක තිරගතවෙයි

සෞම්‍ය ලියනගේ-සංගීතා වීරරත්න-රවීන්ද්‍ර රන්දෙනිය -විමුක්ති ජයසුන්දර-සමනලී ෆොන්සේකා-පාලිත  සිල්වා ජයලාල් රෝහණ- ලක්ෂ්මන් මෙන්ඩිස්- සචිනි අයේන්ද්‍රා ඇතුළු නළි නිළියන් චරිත නිරූපණය කරති.

14
Jun

රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය ජූනි 24 දා

රයිගම් ටෙලි සම්මාන උළෙළ ජූනි 24 දා සවස 6.30 ට  නෙළුම්  පොකුණ රඟහලේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි.

03
Jun

සුනිල්ගේ සුවිසල් මෙහෙවර

සම්පූර්ණ නම සුනිල් අනුරාධ මිහිඳුකුල ය. 

එය සුනිල් මිහිඳුකුල වූයේ මෙසේය.

1976 වසරේ දී මගේ සංස්කාරකත්වයෙන් බිහි වූ සකුරාසිනමා - කලා සංග්‍රහය සඳහා සුනිල් අනුරාධ මිහිඳුකුල නමින් තැපෑලෙන් එවූ ලිපියක් මම ඒ නමින්ම පළ කළෙමි. සිනමාවේ පියා හැටියට සැලකෙන ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් පිළිබඳව සුනිල් පුවත්පතක් වෙනුවෙන් ලියූ ප්‍රථම ලිපිය නිසා එය පළ කිරීමෙන් ලෑබූ සතුටත් ස්තුතියත් පළ කරමින් ඔහු තවත් ලිපියක් එවා තිබිණ. එම ලිපිය මා පළ කළේ අනුරාධකෑල්ල හලා දමමිනි

20
May

රයිගම් ටෙලි සම්මාන -වැඩිම නිර්දේශ- ‘බොහිමියානුවා‘ ට සහ ‘තනි අතට යන පාර‘ට

ඊයේ රාත්‍රී (19) කොළඹ  කිංග්ස්බරි  හෝටලයේදී උත්කර්ෂවත්  අන්දමින් පැවැති රයිගම්  ටෙලි සම්මාන නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදී වැඩිම නිර්දේශ ප්‍රමාණයක්  හිමිවූයේ ලලිත් රත්නායකගේ  ‘තනි අතට යන පාර‘ සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘බොහිමානුවා‘ යන   ටෙලි නාට්‍ය දෙකටය.

10
May

හින්දි සිනමාවේ කඳුළු බිඳුව

'Tragedy queen'
මා සිතින් පෙම් කළ එකම සිනමා නිළිය 'මීනා කුමාරී'(Mahjabeen)

Baiju Bawra චිත්‍රපටය තුළින් ඇය බෞතිස්ම ලැබුවා පැවසුවොත් එය නිවැරදිය. එයින් ඇය සම්මානයටද පාත්‍රවිය. ඉන් අනතුරුව තිරයට පැමිණි පරිනීතා, ශාර්දා , කොහිනූර්, zසාඩ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, දිල් ඒක් මන්දීර්, චේරාග් කහීන් රෝශ්නී කහීන්,සාන්ජ් ඕර් සවේරා වැනි චිත්‍රපට තුළින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනි.

01
May

කෑම්ප්එක වත්ත නවකතාව පිළිබඳ විමසීමක්

සාහිත්‍ය හා සමාජය අතර ඇත්තේ ප‍්‍රබල සම්බන්ධයකි. සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමට වස්තු විෂය සපයනු ලබන්නේ සමාජයයි. නිර්මාණයන්ට පාදකවන සමාජ පරිස්ථිතිය පිළිබඳ අවබෝධය සාර්ථක රසවින්දනයකට උපකාරී වේ. සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, සමාජ විද්‍යාත්මක විචාර න්‍යාය වැනි සංකල්ප ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ ද මේ නිසාවෙනි. කුමන හෝ කාලවකවානුවක සමාජ, දේශපාලන, සංස්කෘතික, ආර්ථික සාධක පාදක කොටගෙන නිර්මාණ බිහිවිය හැකිය. බුද්ධිමත් සහෘදයා එම සමාජ, දේශපාලන, ආර්ථික සාධක ඇති යුගය සොයා යයි. අපට නුහුරු නුපුරුදු අද්දැකීම් ග‍්‍රහණය ගත හැකි වනුයේ එවිටය.

09
Jun

‘වසන්ත සිරිත‘ 15 දා එළිදකී

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරගේ හතලිස් වසරක සිනමා භාවිතාව විමසමින් තුසිත ජයසුන්දර ලියූ ‘ වසන්ත සිරිත ‘ කෘතිය එළිදැක්වීමේ උළෙල ජූනි 15 දා සවස 3 ට ජාතික පුස්තකාල  සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

30
May

සුනිල් මිහිඳුකුල ජීවිත සිනමාවෙන් සමුගනී - අවසන් කටයුතු ජුනි 01

ස්වකීය ජීවීත කාලයෙන් අඩකටත් වඩා සිනමා ලේඛනයෙන්- විචාරයෙන් ලාංකේය සිනමා සංස්කෘතිය පෝෂණය කළ ප්‍රවීණ  පුවත්පත්කලාවේදී සුනිල් මිහිඳුකුල අද (30) උදෑසන ජීවිත සිනමාවෙන් සමුගත් අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජුනි 1දා සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් සිට මහජන  ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.

19
May

සිංහල සිනමාවට ස්වර්ණමය දායාදයක්

සිංහල සිනමාවට දක්ෂ නිළියන්ගේ හිඟයක් පවතින කාලයක විශිෂ්ටතම රංග කුසලතා ප්‍රකට කරමින් සිටින නිළියකගේ  සම්ප්‍රාප්තිය යළිත්  අද හෙටම සිනමා තිරයේ දකින්නට හැකි වනු ඇත. ඇය  තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘නිනෝ ලයිව්‘  චිත්‍රපටයේ රඟන  උමාලි තිලකරත්නය.

10
May

‘වෙනස ඉක්මවන වෙනස’ - බූඩීගේ චිත්‍රපට උළෙල 17 දා

පෙරළිකාර සිනමාකරු විශ්වනාත් බුද්ධික කීර්තිසේන :බූඩී - ගේ සිනමා උළෙලක් මැයි මස 17 - 18 දෙදින තුළ ජාතික චිත්‍රපට සංසථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.

28
Apr

සුදුස්සාට සුදුසු තැන- හුණුවටයේ කතාව

සෘජුවම විරෝධාකල්ප දනවන බොහෝ නිර්මාණවල ගැබ්වන සටන්පාඨ ස්වරූපය මා සිත නොගනියි. අනිත් අතට අවනත ව පවත්නා ක‍්‍රමයට මෙහෙකරන නිර්මාණ ඊටත් වඩා සිත් නොගනියි. කලාත්මක විරෝධය සමග එකග නොවී බැරිය. විසිවන සියවසේ විවාදාපන්නම නාට්‍යකරුවා ලෙස හඳුනාගත හැකි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නම්වූ ජර්මන් ජාතික නාට්‍යකරුවා අප ග‍්‍රහණය කරගන්නේ මෙකී ප‍්‍රබල කලාත්මක විරෝධයෙනි.

More Articles...

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday327
mod_vvisit_counterYesterday652
mod_vvisit_counterThis week3346
mod_vvisit_counterLast week5823
mod_vvisit_counterThis month17196
mod_vvisit_counterLast month22101
mod_vvisit_counterAll days1892202

Follow us on Facebook

Online Users

We have 2 guests online