නදීකා බංණ්ඩාරගේ ‘තෙත්භූමි‘ පෙබ 09දා
නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය තෙත්භූමි පෙබරවාරි 09 සවස 7.00ට මහල්වරාව බේකරිය සංස්කෘතික අවකාශයේදී පැවැත්වේ.
ප්රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි.
ඩොනල්ඩ්- අසිරිමත් සිනමා රූපාවලිය 22ද එළි දකී
ප්‍රවීණ සිනමා ඡායාරූප ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්නගේ සිනමා ඡායාරූපකරණය අරබයා ජීවන්ත දයානන්ද සහ ප්‍රසන්ත පරණවිදාන ලියූ කෘතියක් ‘ඩොනල්ඩ්-අසිරිමත් සිනමා රූපාවලිය‘ මැයෙන් ජනවාරි 22දා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී නිතුත්වෙයි.
පතිරාජ සමරු උත්සවය ජනවාරි 28 තරංගනියේ
ආචාර්ය ධර්මසේන පතිරාජ සමරු උත්සවය ජනවාරි 28 දා සවස 4 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි.
එහිදි ‘විචාරාත්මක දුරස්ථභාවය සහ කලාකරුවාගේ කාර්යය‘ මැයෙන් සමරු දෙසුම පවත්වනු ලබන්නේ ආචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි.
නාට්‍ය සිනමා රඟපෑම හා නිර්මාණ ඩිප්ලෝමා පාඨමාලාවක් ජනකරළියෙන්
වේදිකා නාට්‍ය, සිනමා (ටෙලිනාට්‍ය ඇතුළු රඟපෑම, රචනය සහ අධ්‍යක්ෂණය පිළිබඳ ක්රමානුකූල වෘත්තීය පුහුණුවක් ලබා දෙන ඩිප්ලෝමා පාඨමාලාවක් ජනකරළිය සංස්කෘතික පදනම විසින් ආරම්භ කර තිබේ.
ජනකරළිය නාට්‍ය තුනක් අනුරාධපුරයේ
ජනකරළිය සංස්කෘතික පදනම විසින් නිර්මාණය කළ ‘‘තිත්ත කහට’’, ‘‘හිරු නැගෙනතුරු’’ සහ ‘‘අඳුර සහ එළිය’’ යන නාට්‍ය තුන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයිය නව රංගශාලාවේදී රංගගත වෙයි.
මෙම ඔක්තෝබර් මස 17 වැනි බදාදා ‘‘තිත්ත කහට’’ නාට්‍යය සවස 2.30ට සහ 6.30ටද, ‘‘හිරු නැගෙනතුරු’’ සහ ‘‘අඳුර සහ එළිය’’ නාට්‍ය දෙක 18 වැනි බ්‍රහස්පතින්දා සවස 6.30ටද රඟදැක්වෙනු ඇත.
එල්ෆින්ස්ටන් රඟහල නවීකරණයෙන් පසු යළි විවතවෙයි.
ශ්‍රී ලාංකේය සිනමා, නාට්‍ය හා රංගකලා ඉතිහාසයේ කීර්තිමත් රඟහලක් ලෙස මෙරට කලාකරුවන්ගේ හා ප්‍රේක්ෂක ජනතාවගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ, ජාතික මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති එල්ෆින්ස්ටන් රඟහල, අංග සම්පූර්ණ නවීන රංගශාලා තාක්ෂණය සහිතව, නි වාස සහ,සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, රන්ජන් රාමනායක අතින් යළි විවෘත කෙරිණි.
‘ගින්නේ උපන් සීතල ‘ හෙට(18) සිට
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ වීරගේ දේශපාලන භුමිකාව ‘ පාදක කරගනිමන් අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ‘ගින්නෙන් උපන් සීතල‘ හෙට (18) සිට දිවයින පුරා සිනමාශාලා රැසක තිරගත වෙයි.
ටවුමෙ ස්කෝලෙ..
'ටවුමෙ ස්කෝලෙ' සම්භාව්‍ය චිත්‍රපටයක් නොවුනත් එය අවර ගනයේ නිර්මාණයක් ලෙස දකින්නට මම මැලි වෙමි.
ජනප්‍රියවාදි ලක්ෂණ සහ සුපුරුදු බයස්කොප් අවසානය නොවන්නට එය මිට වඩා කතා බහට ලක්වන්නට ඉඩ තිබිණ.
පාසල් දරුවන් අතර පවතින තරගකාරී බව සහ එම තරගයට දරුවන් තල්ලු කරන දෙමාපියන් ගෙ මානසික තත්ත්වය දරුවන් වඩා භයානක ප්‍රපාතයකට හෙලන ආකාරය ‘ටවුමෙ ස්කොලෙ‘ තුළ සාකච්ඡාවට ලක් කොට තිබේ.
දරුවන් සහ මව්පියන් තුළ පවතින මෙම මානසික තත්ත්වයට එක්තරා පාසලක පන්ති බාර ගුරුවරියකද පත්විම නිසා සිදුවන්නට ගිය මහා ව්‍යසනයක් පිළිබඳව කියන මෙම චිත්‍රපටය කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුත්තේ මේ රටේ ගුරුවරුන් සහ මව්වරුන්ය.
වෙස්මූණ ගලවන්න නොවැ11
ප්‍රවීණ නාට්‍ය වේදී ලූෂන් බුලත්සිංහල ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘වෙස්මූණ ගලවන්න‘ නොවැම්බර් 11 දා සවස 7ට ලයනල් වෙන්ට්ඩ් රහහලේ වේදිකාගත වෙයි.
නිදහසේ පියා ඞී. එස්. ඔක්තෝබර් 12වන දා සිට තිරයට.
හැත්තෑ වසරක් ඉක්මවූ හෙළ සිනමා වංශකතාවේ, ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන් ම එකවර ප්‍රදර්ශනය කිරීමේ භාග්‍ය ලබමින්, සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ, නිදහස් සටනට නායකත්වය සැපයූ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක ශූරීන්ගේ ජීවන චරිතය ඇසුරින් තැනූ ”නිදහසේ පියා - ඞී. එස්.” චිත්‍රපටය 12වන දින සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හී දී තිරගත කිරීමට නියමිතව ඇත.
අපේ ‘තිත් කහට‘ කේරළයට රහ දැනේ
ජනකරළිය සංස්කෘතික පදනම මගින් නිෂ්පාදනය කරන ලද ‘තිත් කහට ‘ 11 වෙනි කේරළ අන්තර් ජාතික නාට්‍ය උළෙලට තෝරාගෙන ඇත. ඒ අනුව ජනවාරි විසිවෙනිදා සහ විසි එක් වෙනිදා එම නාට්‍යය් දර්ශන වාර දෙකක් එහිදී පැවැත්වෙයි
‘දැකල පුරුදු කෙනෙක්‘ දකින්න අවස්ථාවක්
මලිත් හෑගොඩගේ කුළුඳුල් චිත්‍රටය ‘දැකල පුරුදු කෙනෙක්‘ ලඟදීම තිරයට පැමිණෙයි
2018 සරසවි සම්ම්මාන උළෙලේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයත්- 2016 දෙරණ සම්මාන උළෙලේ මතු බලාපෙරොත්තු තැබිය හැකි අධ්යක්ෂ ලෙස ජූරි සම්මානයත් - යාපනය අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා සම්මානයත් - දිනූ අන්තර් ජාතික සම්මාන උළෙල කිහිපයකම සම්මාන සඳහා නිර්දේශ වූ ‘දැකල පුරුද්දු කෙනෙක්‘ චිත්‍රපටයේ බිමල් ජයකොඩි, සමාධි ලක්සිරි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞෂල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆෙනසේකා ,දයාදේව එදිරිසිංහ, අතුල පතිරණ, නදී කම්මැල්වීර, චරිත නිරූපණය කරති.
රයිගම් ටෙලීස් -සම්මාන උළෙලට නිර්මාණ බාර ගැනේ
රයිගම් ටෙලි සම්මාන උළෙල පහලොස්වන වරටත් ලබන වසරේ මාර්තු 23 දින නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.
2018 වසරේ විකාශය වූ ටෙලි නට්‍ය සහ අනෙකුත් වැඩසටහන් උදෙසා එහිදී සම්මාන ප්රදානය කෙරේ.
නදීකා බංණ්ඩාරගේ තෙත්භූමි යලිත් 26දා
නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය තෙත්භූමි ඔක්තෝබර් 26 වන සවස 7.00ට නුගේගොඩ විජේජ්රාම රෝයල් තැප්‍රොබේනියන් රංග අවකාශයේදී වේදිකා ගතවෙයි.
ප්රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි.
නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් Þයක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි.
අලවත්තගේ ‘කවිර කතිකාව‘ හෙට (16)
පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, විචාරකයකු හා කවියකු වන ජයසිරි අලවත්තගේ ‘කාව්‍යාලාප‘ සහ ‘මකරන්ද‘ කාව්‍ය විචාර පිළිබඳ විචාරාත්මක සංවාදයක් ‘කවිවර කතිකාව‘ මැයෙන් හෙට (16) සවස 3ට නුගේගොඩ මහජන පුස්තකාලයේදී පැවැත්වෙයි.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ තිස්ස නිහාල් වික්‍රමසිංහ එහිදී දෙසුම් පවත්වති.
More Articles...
- ස්වර්ණ පුස්තක සම්මාන අද
- සෆීර්ර්ගේ දස වසරක ජර්මානු නාට්‍ය අත්දැකීම්
- නදීකා බණ්ඩාරගෙන් ‘තෙත් භූමි‘
- සිනමා රංගනය ඉගෙන ගන්න අවස්ථාවක්
- රයිගමයටයි ගම්පලයටයි ඉහළම ප්‍රතිචාර
- උදයගේ ‘වස්සානයේ සඳ‘ දැන් රිදී තිරයේ
- බුද්ධිනීගේ ‘අහස්‘ දොරට වැඩුම 24 දා
- කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මැයි 24 -30 ලයනල් වෙන්ඩ්ට්හිදී
- ‘වස්සානයේ සඳ‘ තිරනාටකය සහ නවකතාව 25 දා එළි දකී
- ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ඉනෝකා
- සම්මානලාභි ‘පවුරු වළලු‘ තිරනාටකය එළි දකී
- වෙනසක පුරෝගාමියා සුනරුත් පැතුම සමග නික්ම ගියේය
- සිනමා ප්රාඥයාගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව හෙට නිදහස් චතුරශ්‍රයේ
- ආසියාවේ මහා සිනමා ප්‍රාඥයා අාචාර්ය ලෙස්ටර් සමු ගනී
- යශෝධරා 26 දා සිට දිවයින පුරා සිනමාශාලා 85ක
- හොදම නළුවා- මහේන්ද්‍ර- හොදම නිළිය - නදී ජනප්‍රියම නළුවා -තුමිදු ජනප්‍රියම නිළිය -නයනතාරා හොදම ටෙලි නාට්‍යය- බැද්දේ කුලවමිය ජනප්‍රියම ටෙලි නාට්‍යය- කූඹියෝ
- හොඳම නළුවා රොෂාන්ද? ශ්‍යාම්ද? මහෙන්ද්‍ර ද? රයිගම් ටෙලි සම්මාන මාර්තු 24ද නෙළුම්පොකුණේ
- උදය කාන්ත වර්ණසූරියගේ සිනමා චාරිකාවේ වෙනසක්
- හොදම නිළිය චාන්දනී ද? නදී ද? හිමාලි ද?
- රයිගම් ටෙලීස් නිර්දේශ ලාභීන් අගැයීම් උළෙල 9දා