16
Jul

විශ්ව විද්‍යාලවලට හූ කියමු

විශ්ව විද්‍යාල සලකනු ලැබූයේ බාහිර සමාජයට වඩා උසස්, දියුණු හා පුළුල් වපසරියක් සහිත ආයතනයක් වශයෙන්. එහි අධ්‍යාපනයත්, අධ්‍යාපනය උදෙසා භාවිතා වන ශිල්පක්‍රමත්, අධ්‍යාපනය සඳහා වූ වටපිටාවත් පාසැලින් හා සමාජයේ අනෙකුත් අධ්‍යාපන ආයතනයන්ගෙන් වෙනස් වූවක් ලෙස අතීතයේ පටන් උත්කර්ෂයට නැංවුණා. එහි ඇත්තක් ද නොතිබුණා නොවේ. විකල්ප අදහස් දරන්නන් හෝ අලුත් අදහස් දරනන්නන් බොහොමයක් දෙනා මේ විශ්ව විද්‍යාලවලින් අධ්‍යාපනය ලත් අය බව පෙනෙන්නට තිබුණා. විශේෂයෙන් පාසැල්වල සිටි උපාධිධාරී ගුරුවරුන් මේ අතරින් කැපී පෙනුනා.

අනාගතයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සිසුන් පෙළඹවීමට මේ ගුරුවරුන් කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළා. ඔවුන්ගේ අදහස් සැමවිටම නැවුම් වුණා. රැඩිකල් ස්වභාවයක් ගත්තා. යමක් දෙස අලුත් ඇසකින් බලන්නට, සාම්ප්‍රදායික අදහස් මතම යැපී නොසිටින්නට ඔවුන් සිසුන්ට පූර්වාදර්ශයක් සැපයුවා. පාසැල තුළ පමණක් නොව සමාජය තුළ ද මේ උපාධිධාරීන් කැපී පෙනෙන මෙහෙයක් ඉෂ්ට කළා. ඔහුන් සිය නිවස් තුළ පවා පොත පත බහුල ඇකඩමික් පරිසරයක් ගොඩ නගාගෙන සිටියා. 

මේ පිරිස සුවිශේෂී වූයේ ඔවුන් ලත් අධ්‍යාපනය නිසාම නොව විශ්ව විද්‍යාලය තුළ අත් විදි උප සංස්කෘතියේ ආනුභාවයට ද ලක් වීමෙන් බව අපට පෙනුනා. එය පුද්ගලයෙකුගේ අදහස් වෙනස් කිරීමට, අලුත් කිරීමට හා පුළුල් කිරීමට දායකත්වයක් ලබා දී තිබුණා. ඔවුන් එහි ආනුභාවය තම ජීවිතය පුරාවටම තබා ගත්තා. 
සමාජයේ යම් ඉදිරිගමනක් පිළිබද බලාපොරොත්තු තබා ගත හැකි වූයේ මේ පිරිස මතයි. ඔවුන් නිවසේ දී, පාසැලේ දී, ගමේ දී මේ කාර්ය කරමින් සිටියා. අප විශ්ව විද්‍යාලයට යෑම ජීවිතයේ එක් සුවිශේෂී අරමුණක් බවට පත් කර ගත්තේ ද මේ පිරිස දැකීමෙන් හා ඇසුරු කිරීමෙන්. 

පාසැලට වැඩි යමක් අප විශ්ව විද්‍යාලයෙන් බලාපොරොත්තු වුණා. පාසැලේ ක්‍රියාත්මක වූ නීති රීති සමුදායෙන් නිදහස්ව, ගුරු වදන් දේවභාෂිත සේ කට පාඩම් නොකරන, ස්වයං අධ්‍යයනය මුල් කර ගත්, ප්‍රශ්න කිරීමට ඉඩක් සහිත අධ්‍යාපනයක් අප එහි දී අපේක්ෂා කළා. අනෙක් අතින් සිය අදහස් නිදහසේ එලි දැක්විය හැකි, විසංවාදයට ඉඩක් ඇති පරිසරයක් ද අප අපේක්ෂා කළා. අප විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ කාලයේ යම් තරමකට එවන් පරිසරයක් එහි තිබුණ බව කිව යුතුයි. 

එහෙත් අද වන විට විශ්ව විද්‍යාල තුළ ඇති වෙමින් පවත්නේ කුමක් ද

විශ්ව විද්‍යාලය බාහිර සමාජයටත් වඩා පසුපසින් ගමන් කිරීමක්. 

කෞෂල්‍යා ප්‍රනාන්දුගේ නාට්‍යය කොළඹ මහජන දර්ශන කීපයක් පැවැත්තුවා. ඒ එකදු දර්ශනයක දී හෝ කිසිවෙකු හූ තැබුවේ නැහැ. ගල් මුල් ප්‍රහාර එල්ල කළේ නැහැ. එහෙත් විශ්ව විද්‍යාල සිසුන් එයට ප්‍රතිචාර දැක්වූයේ හූ තැබීමෙන්. ගල්මුල් දමා ගැසීමෙන්. එයට ඒතු වූ බව කියැවෙන්නේ එහි එන සිප ගැනීමේ දර්ශනයක්. 
ප්‍රසිද්ධියේ පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරව් යනුවෙන් ද, අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කරව් යනුවෙන් ද රාජ්‍ය තන්ත්‍රයට විරුද්ධ අදහස් කියමින් පාරවල් හරස් කරන මේ විශ්ව විද්‍යාල සිසුන් මතවාදීව සිටින්නේ සදාචාරය සම්බන්ධයෙන් රාජ්‍ය තන්ත්‍රය විසින් ක්‍රියාත්මක කෙරෙන්නා වූ යල් පැන ගිය නීති රීති පද්ධතියටත් පිටුපසින් නොවේ ද?

අද වන විට විශ්ව විද්‍යාල උප සංස්කෘතිය යනු, කවුරුන් හෝ උගන්වන සටන් පාඨ කියමින් කෑ ගැසීමටත්, පරපීඩක කාමය ඉෂ්ට කර ගන්නා නවක වදය ආරක්ෂා කර ගැනීමටත් පමණක් ලඝු වී තිබෙනවා. ඔවුන් සමාජයට කියමින් සිටින්නේ සමාජයේ ගමන් මග පෙරටුගාමී නොව පසුගාමී විය යුතු බවයි. එහෙත් සමාජය සිටින්නේ ඔවුන්ට වඩා ඉදිරියෙන්. විශ්ව විද්‍යාල තුළ නැති සමාජ කතිකාවත් , බුද්ධිමය සංවාද හා විසංවාද සමාජය තුළ කෙරෙනවා. තමාගේ වර්චුවල් ෆැන්ටසි තුළ සිර වී සිටින විශ්ව විද්‍යාල සිසුන් හෝ ඇදුරන් මේ කතිකාවන්ට විවෘත නැහැ. 
දැන් කළ යුත්තේ අප එක්ව මේ ලිං මැඩි විශ්ව විද්‍යාලවලට හූ තැබීමයි.

-Aruna premarathana




a



Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday203
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week402
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12441
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083774

Follow us on Facebook

Online Users

We have 89 guests online