11
Jun

මගේ වැඩ තාම ඉවර නෑ - කමල් අද්දරආරචිචි

kamal-addararachi

ඔක්කොම අතෑරලා දැන් ඔයා ආයෙත් වේදිකාවට ඇවිල්ල කියලයි ආරංචිය.

නෑ එහෙම දෙයක් නෙමෙයි මං පටන් ගත්තෙත් වේදිකාවෙන්නෙ.

රගපෑම් ඉවරයිද?


සමහරුන්ට එහෙම හිතූණත් මගේ රගපෑම් තාම ඉවර නෑ.

ඒවුණාට කාලෙන් කාලෙට ඔයාට සිද්ධවෙචිච අලකලංචිත් එක්ක සමහරු එහෙමත් කිවිවනෙ?
පිස්සුද?

මං මේ තාම යස අගේට ඉන්නේ

දැන් ගූරුකමත් අතෑරලා දාලාද?

එහෙමත්ම නෑ ඕනෑ වෙලාවක ගූරුහරුකමි දෙන්න මං සූදානමි.

කාලෙන් කාලෙට වෘත්තීය වෙනස්කමි සිද්ධ වෙන්නෙ රගපෑම වෘත්තීය මටිටමෙන් තර්ජනයක් හින්දද?

අනේ නෑ. මට නමි රගපෑම වෘත්තීය මටිටමෙන් තර්ජනයක් වෙලා නෑ. ඒත් රගපෑම කියන දේ ලෝකෙ තියෙන පැරණිම වෘත්තිය කරන්න මට ඕනැ නෑ.

අද රගපෑම ඒ වගේ වෙලා කියන එකද ඔය කියන්නෙ?

ඔවිනෙ.

ඔයා රගපෑමට ආවෙ අවුරුදු කීයෙදි විතරද?

අවුරුදු 17දි.

දැන් ඔයාගෙ වයස ඇහුවොත් කියන්න කැමතිද?

අපොයි ඔව් ගෑනුන්ගෙන්නෙ වයස අහන්න එපා කියන්නෙ මට දැන් අවු: 51යි

ආදරේ හින්ද ඔයා ජීවිතේ ලොකූ කලබැගෑනි ඇතිකර ගත්තානෙ?

ආදරේ හින්ද නෙමෙයි.

එහෙනමි?

වෙන වෙන හේතූ නිසා.

මොනවද වෙන හේතූ?

වරදවා වටහා ගැනීම්.

රමණී බර්තොලමියුස්ගේ මරණයට ඔයා වගකියන්න ඕනෑද?

ඒ වෙලාවෙ වැරදි වැටහීමක් තූළින් එයා එයාගෙ ජීවිතේ නැති කරගත්තෙ.

ඇය ගැන අද වෙනකොට මොන වගේ හැගීමක්ද ඔයාගෙ හිතේ ඉතූරුවෙලා තියෙන්නෙ?

අපි ආදරේ කරන අය කැමති අය කවදාවත් වයසට යන්නෙ නැහැ ඒ වගේ තමයි ඇයත් කවදාවත් වයසට යන්නෙ නැතූව මගේ හිතේ ඉඳීවි.

ඒ සිදුවීමත් එක්ක ඔයා ඒ කාලෙ ෆීල්ඩි එකට ආවෙත් නැහැනෙ?

අදත් මම ෆීල්ඩි එකට නැහැනෙ.

මම ඇහුවෙ එදා ගැන?

ආවා ජයන්තගෙ ඔත්තූකාරයා එක්ක.

හොඳ ප‍්‍රතිචාරයක් නෙමෙයිනෙ ලැබුණේ?

හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙන්න විදියක් නෑනේ.

ඔය කාලෙ කොළඹ විශ්වවිද්‍යාලයේදීත් නරක ප‍්‍රතිචාරයක් ලැබුණ නේද?

ජයන්තගෙ නාට්‍යයක් පෙන්වන්න ගිය වෙලාවක ඒක සිද්ධ වුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො ගැන මං කියපු දෙයක් එක ශිෂ්‍යයකූට ඇහිල මට නරක විදියේ ප‍්‍රතිචාර ලැබුණා.

මොකද හිතූණෙ?

ඔය වගේ දේවල් ඕනෑ තරමි පාර්ලිමේන්තූවෙත් සිද්ධවෙන්නෙ එහෙම වුණා කියල සැලෙන්න ඕනෑ නෑ.

ස්ත‍්‍රී දූෂණ කතාවක් හින්දත් ලොකූ ආන්දෝලනයක් ඇතිවුණානෙ?

ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් කියන්න පුුලුවන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඉඳන් ශ්‍රේෂ්ථාධිකරණය දක්වා අහපු නඩුවක් ඒක හිතා මතාම බොරු කියල තියෙනවයි කියන කාරණය ඔප්පු කරන්න පුලුවන් වුණා.

ආයෙත් මසාජ් ක්ලිනික් කතාවකටත් ඔයා පැටලුණානෙ?

ඒක කිසිම පදනමක් නැති කට කතාවක්නෙ.

එහෙමත් කතා හැදෙනවද?

මොකද නැත්තෙ කට කතාවක් පත්තර වාර්තාකාරයො ප‍්‍රවෘත්තියක් කළා ඒ ගොල්ලො මාධ්‍යවේදියො නෙවෙයි.
පොලීසියකවත් ඒ සමිබන්ධයෙන් මගේ නම සඳහන් වෙචිච පැමිණිල්ලක් නෑ කටඋත්තරයකටවත් මට පොලීසියකට එන්න කියල නෑ.

ආපසු හැරිල බලනකොට ඔයා ඔයා ගැන තෘප්තිමත්ද?

මනුෂ්‍යයො හැම තිස්සෙම අතෘප්තිකරයි කවදාවත් තෘප්තිමත් වෙන්නෙ නෑ මම හැටියට ඉන්නෙ මගේ අතීතය ඒක ශක්තියක්
කූටුමිබයත් එක්ක ගතවෙන ජීවිතය ගැන කොහොමද දැනෙන්නෙ?

අනෙක් ප‍්‍රශ්න අමතක කරල දාන්න හොඳම තැන පොඩි එකාගෙ මූණ දකිනකොට එතැන වෙනමම ලෝකයක් අනූගෙ අයියගෙ පුතා ඉන්නෙත් අපි එක්ක ඒ හින්ද පුත්තූ දෙන්නයි.

පුතාට දැන් වයස කීයද?

මේ මාසෙ 26 වැනිදාට අවුරුදු 8යි

පුතා අම්මා වගේ නේද?

එයා වගේ වෙචිච එක හොඳයි.

ඇයි?

පෙනුමත් හොඳයිනෙ මට වඩා
පුතා ගැන මොකද හිතෙන්නෙ?
හරි ආඩමිබරකාරයෙක්.

ඒ මොකද?

කමල් අද්දරආරචිචිගෙ පුතා කියල අගවන්න හදනවා
ඉතිං?

මට හිනා.

ආඩමිබරකාර තාත්තෙක්ද?

මං ආඩමිබර නැති තාත්තෙක් (හිනා)

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday164
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week433
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11856
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125359

Follow us on Facebook

Online Users

We have 13 guests online