15
Dec
වසන්ත ඔබේසේකර අභිනන්දනය දෙසැම්බර් 29 දා
ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් 75 වැනි වියට පා තබන දෙසැම්බර් 29 වැනි දින ඔහුගෙන් සිනමාවට සිදු කෙරුණු විශිෂ්ට මෙහෙය අගැයීම සදහා ‘වසත්සිරි අභිනන්දනය‘ මැයෙන් උපහාර උළෙලක් දෙසැම්බර් 29 දින ජාතික චිත්‍රපට සංස්ථා සිනමාහලේ දී පැවැත්වෙයි.
වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව ඊළග පරම්පරාවට බලපාන්නේ කෙසේද යන මැයෙන් එදින ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ප්‍රවීණ සිනමාවේදී අසෝක හදගම විසිනි.
වසන්තගේ සිනමාව පිළිබද වාර්තා චිත්‍රපටයක්ද එදින තිරගත කෙරෙන අතර එය සමන් අතාවුදහෙට්ටිගේ තිරනාටකයක් අනුව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රකට සංස්කරණ ශිල්පි රවීන්ද්‍ර ගුරුගේ විසිනි.
වසන්ත ඔබේසේකරයන් අධ්‍යක්ෂණය කළ ‘දඩයම‘ චිත්‍රපටයද එදින තිරගත කිරීමට නියමිතය.