20
Dec

විජයත් විවාහ යෝජනාවක් ගෙනාවා - ස්වර්ණා කහවිට

swarana-kahawita2

• මුලින්ම රඟපෑ ‘බිනරමලී’ චිත්රපටයෙන්ම ඔබ සම්මානයට පාත්ර වුණා නේද?

ඔව්... ඒ වසරේ ‘සරසවි’ සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ මං.

• බිනරමලී ගැන මතකය අවදි කළාම දැන් මොකද හිතන්නේ?

‘බිනරමලී’ චිත්රපටය හැදුවේ ඒ කාලේ ගුවන්විදුලියේ. බොහොම ජනප්රිය වුණු ‘මුවන් පැලැස්ස’ නාට්යයෙන්. ඒ වගේ ජනප්රිය වුණු චරිතයක් මට ඉස්සෙල්ලාම රඟපාන්න ලැබුණු එක වාසනාවක්.

swarana-kahawita

• මොකක්ද ඔබ ඒ චරිතයට තෝරා ගන්න තිබුණ සුදුසුකම?

මං හිතන්නේ මගේ පෙනුම වෙන්න ඇති. ඒ කාලේ මට දිග කොණ්ඩයක් තිබුණා. මගේ පෙනුමෙ බිනරමලීගේ ගැමිකම තියෙන්න ඇති.

• ඔබේ අයියා ආරියරත්න කහවිට බොහොම ජනප්රිය සිනමා ලේඛකයෙක් ඔහුගේ උපකාරයෙන්ද ඒ චරිතය ලැබුණේ?

අනේ නෑ... මං සම්මුඛ පරීක්ෂණයට ගියේ ගෙදරට හොරෙන්. ඒ කාලේ චිත්රපටයක රඟපාන එක ගැහැනු ළමයකු නොකළ යුතු දෙයක් කියලමතයක් තිබුණා.

wijaya

• කොහොමද හොරෙන් ගියේ?

මුවන්පැලැස්සේ බිනරමලී මං රේඩියෝවෙන් අහලා බොහොම ප්රියකළ චරිතයක්. ඒකෙන් චිත්රපටයක් හදනවා ප්රධාන නිළියකට අලුත් මුහුණක් හොයනවා කියලා දැන්වීමක් තිබුණා. මාත් ඉල්ලුම් පත්රයක් දැම්මා. හැබැයි ගෙදරට හොරෙන්. උත්තරයක් ලැබුණා සම්මුඛ
පරීක්ෂණයට එන්න කියලා.

• ඉතිං කා එක්කද ගියේ?

මගේ අක්කා එක්ක. සම්මුඛ පරීක්ෂණයට 500ක් විතර හිටියා. විනිශ්චය මණ්ඩලේ ඩී.බී නිහාල්සිංහත්, මුදලිනායක සෝමරත්නනත් හිටියා. මට දෙබස් කිහිපයක් කියවන්න දුන්නා. පස්සේ දන්වන්නම් කිව්වා. මෙන්න එදා හවසම නිහාල්සිංහයි මුදලිනායක සෝමරත්නයි අපේ ගෙදර ආවා.

• අම්මලාගෙන් බැනුම් ඇහුවා?

බැනුම් ඇහුවා විතරක් නෙවි. ගුටිත් කෑවා. පස්සේ අක්කගේ ඉල්ලීමට බිනරමලී චිත්රපටයට විතරක් රඟපාන්න අවසරය ලැබුණා.

wijaya-swarana kahawita

• සම්මාන ලැබුණාම මොකද කිව්වේ?

චිත්රපටයේ මංගල දර්ශනයට ටී.බී. ඉලංගරත්න ඇමැතිතුමාත් බිරියත් ඇවිත් හිටියා. ඒ දෙන්නම මගේ රඟපෑම් අගය කළා. ඇමැතිතුමා සුබ පතනවා අම්මලාට ඇහුණා සම්මාන ලැබුණාට පස්සේ අම්මලා ගොඩක් සතුටු වුණා.

• බිනරමලීගෙන් පස්සේ ගැමි චරිතමද ලැබුණේ?

එහෙමත් නෑ. විවිධ චරිත ලැබුණා. රන්ඔංචිල්ලා, පූජිතයෝ, අබිරහස, ලස්සන දවසක්, හරියන කොට ඔහොම තමයි, සිරිල් මල්ලි, හරිම බඩු තුනක්, ඔන්න බබෝ බිල්ලෝ එනවා, සසර නිවෙන ගින්න වගේ චිත්රපටවල ප්රධාන චරිත රඟපෑවා.

• එතකොට ඔබ ජනප්රිය රැල්ලේ චිත්රපටවලත් රඟපාන කොට ගෙදරින් ප්රශ්න ආවේ නැද්ද?

ඇත්තටම මට ලැබුණු හැම චරිතයක්ම එහෙම ප්රශ්න වෙන ඒවා නෙවෙයි. හැබැයි ‘උන්නත් දාහයි මලත් දාහයි’ චිත්රපටයේ මට බලහත්කාරකමක් කරන්න යන චරිතයක් කරන්න ගිහින් මට ඇඬුණා.

• මොකක්ද ඒ දර්ශනය?
ඒ දර්ශනයේ තිබුණේ ටෝනි රණසිංහ මාව Rape කරන්න හදන එකක්. ටෝනි මගේ හැට්ටය කීතු කිතුවලට ඉර දමන එකක්.

• ඒක දැකලා ගෙදරින් බැනුම් ඇහුවේ නැද්ද?

හොඳටම බැනුම් ඇහුවා. ඒත් චිත්රපටයට ගිවිසුම් අස්සන් කරන කොට මං ඒ ගැන දැනගෙන හිටියේ නෑ.

• ඒ කාලේ තිරයේ පෙම් ජවනිකා මැව්වේ කා එක්කද?

ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග දෙන්නත් එක්ක මං රඟපෑවා. විජයත් එක්ක රඟපෑව ‘අබිරහස’ ගොඩක් ජනප්රිය වුණා. ගාමිණී එක්ක රඟපෑ ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ චිත්රපටයත් ඒ වගේම ජනප්රිය වුණා.

• ඒ කාලේ නිළියන්ට ගෝනි ගණන් ලියුම් ආවා නේද?
අපෝ ඔව්. දවසට ලියුම් 100කට වඩා ආවා. ඒවා අතර පෙම් හසුන් පවා තිබුණා.

• නළුවන්ගෙන් ප්රේම යෝජනා ආවේ නැද්ද?

එහෙම ඒවත් තිබුණා. විජය මට බොහොම කැමැත්තෙන් හිටියා. මාව විවාහ කරගන්න අදහසක් ඔහුට තිබුණා. අපේ ගෙදර ඇවිත් කාලා බීලා එහෙම යනවා. අම්මාගෙනුත් ඇහුවා මං ගැන. ඒ කාලේ රසිකයෝ කිව්වේ විජයයි මායි හොඳට ගැළපෙනවා කියලයි.
• ඉතිං ඇයි යෝජනාවට අකැමැති වුණේ?

මට ඒ දවස්වල ප්රේම සම්බන්ධයක් තිබුණා වෛද්ය ශිෂ්යයෙක් එක්ක.
• ඒකට මොකද වුණේ?

Cast ප්රශ්නයක්. ගෙදරින් හොඳටම විරුද්ධ වුණා. පස්සේ ඔහු වෙන කෙනෙක් බැන්දා.

• දුක හිතුණේ නැද්ද?

මොකද නැත්තේ ඒක මට බොහොම වේදනාකාරී ඇත්දැකීමක් වුණා.

• ඒ නිසාද විවාහ නොවී ඉන්න හිතුවේ.

නෑ මං කාලයක් ජපානයේ හිටියේ. එහෙ ඉඳලා ආපහු එන්න වුණේ අම්මාගේ අසනීපය නිසා. මට අම්මාව අවුරුදු 7ක් බලා ගන්න වුණා. ඊට පස්සේ යන්න හදනකොට තාත්තා ඇඬුවා. ඉතිං තාත්තාවත් බලා ගන්න සිද්ධ වුණා. කාලය මටත් හොරෙන් ඉගිළිලා ගියා.

• දැන් මොකද හිතෙන්නෙ?

මේ ජීවිතෙත් බොහොම සැහැල්ලුයි. වගකීම් නෑ නිදහස්.

• තනිකමක් දැනෙන්නේ නැද්ද?

නෑ. අක්කලා, එයාලාගේ දරුවෝ එක්ක ජීවත්වන නිසා තනිකමක් දැනෙන්නේ නෑ.

• නිළි ජීවිතේ අතරමඟ කඩා වැටුණේ ජපානෙ ගමන නිසා නේද? ඒ ගැන කනගාටු නැද්ද?

ජපානය කියන්නේ බොහොම හොඳ විනීත රටක්. මම එහෙ ජීවත් වෙන්න බොහොම ප්රිය කළා. එහෙ දිගටම ජීවත් වෙන්න බැරි වීම ගැනයි කනගාටු.


ධම්මිකා අක්මීමන

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday72
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week221
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4466
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150019

Follow us on Facebook

Online Users

We have 5 guests online