First Take එකම Cut - දිල්හානි
“දේදුන්නෙන් ආ සමනලිය” එහෙම නේද ඒ කාලේ ඔබ හැඳින් වුණේ?
ඔව්. මගේ මුල්ම චිත්රපටය “දේදුන්නෙන් ආ සමනලි නේ”
ඉතිං සමනලිය දේදුන්නට ආවේ කොහොමද?
ඒක් ඉතිං අහම්බෙන් වෙච්ච දෙයක්. නිළියක් වීමේ හීනයක් මට තිබුණෙම නෑ.
මොනවද තිබුණු හීන?
අනේ එහෙම මුකුත් මගේ හීන තිබුණේ නෑ. මං සැහැල්ලුවෙන් ජීවත් වුණේ.
නිළි උපත ගැන කියමුකෝ?
“දේදුන්නෙන් ආ සමනලියක්” චිත්රපටයේ අධ්යක්ෂ යසපාලිත නානායක්කාර මාව පාරේ යනකොට දැකල රඟපාන්න කැමැතිද ඇහුවා. මං බෑ කිව්ව.
ඉතිං ඊට පස්සේ?
එහෙනම් රඟපාන්න ඕනෑයි කියල හිතුණම එන්නකෝ කියල කිව්වා. පස්සේ “දේදුන්නෙන් ආ සමනලියට” නිළියක් ගන්න සම්මුඛ පරීක්ෂණයට ලාල් වීරසිංහ මාව එක්කගෙන ගියා.
ගිය ගමන් තෝරා ගත්තාද?
අපෝ නෑ. දෙබස් කියන්න කිව්වා. ටෙලිෆෝනයෙන් කතා කරන්න කිව්වා. නටන්න කිව්වා. කොටින්ම මාව සෑහෙන්න නැටෙව්වා එදා... ඉන් පස්සේ ඩබින්වලට එන්න කිව්වා. ඔය ඔක්කොම කරල තමයි මාව තෝරා ගත්තේ. දැන් වගේ සෙල්ලමක් නෙවි. ඒ කාලේ අධ්යක්ෂවරු නිළියක් බිහිකරන්න කලින් හැකියාවන් මොනවද කියල හොඳට නිරීක්ෂණය කළා.
ඉස්සෙල්ලාම ඉඥබ එකට ගියාම චකිතයක් දැනුණේ නැද්ද?
මට මහ අමුතු ලෝකයක් වුණා එතැන. ෆ්රෙඩී සිල්වාත් එක්ක මුලින්ම කැමරාවට මුහුණ දෙන්න වුණේ. ඒ වෙලාවෙ එයා හිටියෙ ගැහැනියකට ඇඳගෙන දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා. ජ්ඪපඵබ ඊචඬඥ එකම ඛ්භබ.
චිත්රපටය තිරයට ආවට පස්සේ කොහොමද ප්රතිචාර?
ඒක තිරගත වෙන්නත් කලින් මට එක දිගට චිත්රපට පෝලිමක රඟපාන්න වරම් ලැබුණා.
ඒකට විශේෂ හේතුවක් තිබුණද?
මං ඉස්කෝලෙ යන කාලේ ඉඳලම නර්තනය හදාරලා තිබුණා. ඉතිං ඒ කාලේ ජනප්රිය චිත්රපටවලට මගේ නර්තන හැකියාව වැදගත් වුණා. අනික මගේ තරුණකම, පෙනුම ඒ ඔක්කොමත් බලපාන්න ඇති.
ඒ කාලේ කොහොමද නිළියක් හැටියට ලැබුණ ප්රතිචාර
ලියුම් ගොඩක් ආවා. දුරකතන ඇමැතුම් ආවා. ගෙදරට හොයාගෙන ආවා රසිකයෝ.
ඒවා අතර විවාහ යෝජනා එහෙම තිබුණාද පෙම් හසුන්?
අපෝ ඒවායින් අඩුවක් නෑ. සමහර අය මං නිසා වහ බොනවා කියලත් ලියුම් ආවා.
ජනප්රියත්වය ගැන අද මොකද හිතෙන්නෙ?
එදා තිබුණ ජනප්රියත්වයේ අද කියල වෙනසක් නෑ. හැබැයි මං අදත් ර්චපඬඥබඪදඨ යනවා. වෙනදා වගේම රසිකයෝ හමුවෙනවා.
ජනප්රිය නිළි සම්මානයක් ලැබුණා නේද?
ඔව්. ජනප්රිය නිළිය. නැඟී එන නිළිය වගේ සම්මානත් ලැබුණා ‘මේ මගේ සඳයි’ චිත්රපටයේ රඟපෑමට හොඳම නිළි සම්මානයත් ලැබුණා.
හොඳම නිළිය වුණාට පස්සේ රංගන ජීවිතේ වෙනසක් ඇති වුණාද?
ජනප්රිය රැල්ලේ චිත්රපටවල රඟපෑමට පස්සේ “සුදු පිරුවට”, “එකදා වැහි”, “මැවිලා පෙනේවි රූපේ”, “මේ මගේ සඳයි” වගේ චිත්රපටවල චරිත නිරූපනයන් සංකීර්ණයි.
ඒ වෙනකොට රංගනය ගැන වැඩියෙන් හිතන්න ගත්තද?
ඔව්. ඉතිං වයසින් මුහුකුරා යනකොට ජීවිතේ අත්දැකීම් ලබනකොට කොහොමත් රංගනයේදී ඒ ජීවිතාවබෝධය වැදගත් වෙනවා. ඒ ඒ චරිතවල ස්වභාවයන් හඳුනා ගන්න පහසු වෙනවා. ගල් මල් දෙකම තුළින් හොඳට පදම් වෙලා ඉඳීම රංගන ශිල්පිනියකට වැදගත්.
චිත්රපට නැරැඹීමෙන් පොත පත හැදෑරීමෙන් රංගනයට යමක් එකතු කර ගන්නවාද?
නෑ. මං චිත්රපට නරඹන්නේ ඒක විඳින්න. අඬන්න ඕන තැන්වල අඬනවා. හිනාවෙන තැන්වල හිනාවෙනවා. අඥතචය එකේ තමයි චිත්රපට බලන්නේ ඒවයේ චරිත රඟපාන්න නම් ඔළුවේ තියාගෙන මං රඟපෑමට ඉඥබ එකට යන්නේ නෑ. මං කිසිම දෙයක් පුරෝගෙන ඉඥබ එකට යන්නේ නෑ. හිස් අතින් ඉඥබ එකට යන්නේ. රංගනය කියන්නේ ඉවර වෙන්නේ නැති විෂයයක්.
ඒ කාලේ කාර්ය බහුලකම අද නැතිවීම දැනෙන්නේ කොහොමද?
ඒ කාලේ කාර්ය බහුලකම තරුණ වයසට ඔරොත්තු දුන්නා. දැන් මං වඩාත් කැමැති නිස්කලංකව ඉන්නයි. තනිකමට - හුදෙකලාවට මං බොහොම කැමැතියි.
ඇයි තනිකමත් හුදෙකලාවක් දැනෙන්නේ?
මං ඉන්න පරිසරයත් ඒකට හේතුවක්. මං මේ පරිසරයට ගහකොළට, සතුන්ට කැමැතියි. හුළං පොදක් ඇඟේ ගෑවුණාමත් මහා විශාල වින්දනයක් දැනෙනවා.
වෘත්තීය නිළියකට රඟපෑමෙන් අෑත්වීම ආර්ථිකයට බලපාන්නේ නැද්ද?
මං රඟපෑමෙන් අෑත් වෙලාම නෑ. අපට හරියන චරිත ලැබුණම බාර ගන්නවා. ඉස්සර වගේ බදාගෙන කරන්න තරම් කැමැත්තකුත් නෑ. ඒ කාලේ අපි චිත්රපටවලින් හොඳට හම්බ කළා. ගෙවල් ෙදාරවල් හැදුවා. දැන් අපට පවතින්න පුළුවන්. මං කොහොමත් වැඩි වියදම් සහිත ජීවිතයක් ගෙවන කෙනෙක් නෙවි.
ඔබට තනිව ඉන්න තියෙන කැමැත්ත ප්රියංකර ඉවසනවාද?
එයත් වැඩිය සද්ද බද්දවලට කැමැති නෑ. එයත් හුදෙකලාවට කැමැතියි. මගේ පුතාත් එයාගේ පාඩුවෙ වැඩ කරගන්නවා. අපි ඔක්කොම අපේ නිදහස භුක්ති විඳිමින් එකට ජීවත් වෙනවා.
- මව්බිම (ධම්මිකා අක්මීමන)