07
Jan

First Short එකේම මූණත් නෑ දෙබසත් නෑ - නදීකා ගුණසේකර

nadee-2

මුලින්ම රඟපෑමට එක්වුණේ කාංචනා චිත්‍රපටයෙන්?

ඔව්, එතකොට මට අ.පො.ස. උසස් පෙළ ලියන්න තිබුණේ මාස තුනයි. ඒකේ අධ්‍යක්‍ෂ එම්. සංඝදාස මහත්තයා, අම්මගේ යාළුවෙක්.

ඒක වෙනස්ම විදියක චිත්‍රපටයක්?

ඔව්. 70 දශකයේ තරුණ සිනමාකරුවෝ ගොඩක් සිනමාවට ආවා. එයාල අලුත් අත්හදා බැලීම් කළේ. 'කාංචනා' චිත්‍රපටය, චිත්‍රපටයක් හදන පිරිසකගේ කතාවක් වටා ගෙතුණු එකක්.

ඔබ ඒකට තෝර ගන්න විශේෂ හේතුවක් තිබුණාද?
අලුත් නිළියක් යොදා ගන්න තිබුණු වුවමනාව තමයි හේතු වුණේ. ඇත්තෙන්ම සංඝදාස මහත්මයා මාව හරියටම දැක්කේ මුහුරත් උළෙලේදී. එතැනදියි එයා මට දිග කොණ්ඩයක් තිබුණ බව දැක්කෙ. මුහුරත් එක තිබුණේ කලංසූරියගේ මහනුවර ඉඩධන එකේ.

මුලින්ම විජයත් එක්ක රඟපාන්නට අවස්ථාව ලැබුණ නේද?
ඔව්. විජය ප්‍රධාන නළුවා කතාවේ හැටියට. මං චිත්‍රපටයේ රඟපාන්න ආපු නවක නිළිය. වොලී නානායක්කාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා. ඩොනල්ඩ් කරුණාරත්න තමයි කැමරා ශිල්පියා.

nadrr9

ඉස්සෙල්ලම රූපගත කිරීම මතකද?
ඔව්, මුලින් රූපගත කිරීම තිබුණේ රීගල් එකේ. කතාවේ හැටියට ඒ චිත්‍රපටයේ මංගල දර්ශනය දා ඉස්සෙල්ලම ප්‍රධාන නිළිය පාන පත්තු කරන දර්ශනයක් රූපගත කළේ.

හාපුරා කියල කැමරාවට මුහුණ දෙනකොට බය හිතුණද?
මටත් වඩා ඒ වෙලාවෙ බයෙන් හිටියේ අම්මා. මට වරදියිද කියල එයා බය වුණා.

ඉතිං වැරදුණාද?
First Short එකෙදි මං දෙබස් කිව්වා. ඩොනල්ඩ් කරුණාරත්න ඇහුවා කාටද දෙබස් කිව්වේ කියල.

ඇයි ඒ?
මං දෙබස් කියල තියෙන්නෙත් රඟපාල තියෙන්නෙත් කැමරාවට හසු වන විදියට නෙවි. පස්සේ බැලින්නම් කැමරාවේ මගේ මූණත් දෙබසත් නෑ. එදා තමයි මං ඉගෙන ගත්තේ හරියට කැමරාවට අසුවෙන විදියට රඟපාන හැටි.

'කාංචනා' තිරයට එන්න කලින්ම චිත්‍රපට පෝලිමකට රඟපාන්න ලැබුණා නේද?
ඔව්. 'තනි තරුව' - වජිරා - බිත්ති හතර - රිදී නිම්නය - චංචල රේඛා - බට්ටි වගේ චිත්‍රපට ගොඩක්.

ඔබේ මුහුණේ තිබුණේ අහිංසක පෙනුමක්. කටහ‍ෙ¾ඩ් තිබුණෙත් අමුත්තක්. ඒකද දිගටම චිත්‍රපට ලැබෙන්න හේතුව?
මං කිව්වේ ඒ කාලේ සුනිල් ආරියරත්න, පරාක්‍රම සිල්වා, ඩී.බී. නිහාල් සිංහ, සේන සමරසිංහ වගේ සිනමාවට අලුතින් ආපු තරුණයන්ට සිනමාවේ අලුත් මුහුණ යොදා ගන්න ඕනෑ වුණා.

nadee-10

ඔය අතරේම ඔබ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටවලත් පිනුම් ගැහුවා?
ඔව්. ලෙනින් මොරායස්ගේ 'යුගයෙන් යුගය' චිත්‍රපටයෙත් සේන සමරසිංහගේ 'චංචල රේඛා' චිත්‍රපටයෙත් රඟපෑමෙන් තමයි මං ජනප්‍රිය රැල්ලෙන් පිනුම් ගැහුවෙ. 'යුගයෙන් යුගයම' චිත්‍රපටයෙන් තමයි මගේ රඟපෑම්වල ස්වභාවයන් එළියට ඇදල දැම්මේ. ඊට පස්සේ සුනිල් සෝම පීරිස්, වී. සිවදාසන්, යසපාල නානායක්කාර, දයා විමලවීර ඇතුළු ජනප්‍රිය රැල්ලේ අධ්‍යක්‍ෂවරුන්ගේ චිත්‍රපටවලට මාව යොදාගත්ත.

ඇයි ඒ වෙනකොට ඔබ එකම චරිතවලට කොටුවෙන ගතියක් තිබුණද?
70 දශකයේදී අපිත් එක්ක සිනමාවට ආපු නළු නිළියෝ ඉබේම දෙපැත්තට බෙදිලා වෙන් කෙරුණා. සමහර අය දිගටම ජනප්‍රිය රැල්ලට අහුවුණා. අනිත් අය කලාත්මක චිත්‍රපටවලටම තෝරා ගත්ත.

යුගයෙන් යුගයට චිත්‍රපටයෙන් ඔබ සෑහෙන්න මල්ගස් වටේ දිව්වා නේද?
ඔව්. ඒකෙ සින්දු 7කට මට විජයත් එක්ක සින්දු කිය කියා නටන්න සිදු වුණා.

ඔබ වඩාත්ම ජනප්‍රිය වුණේ චංචල රේඛා චිත්‍රපටයෙන්?
අනේ, ඔව්. ඒකේ දං චූටිගේ චරිතයට මං තාමත් ආදරෙයි. අදටත් රසිකයෝ මං දැක්කම දං චූටි කියල කියනවා. ඒකෙ 'කීන දංමිටක්් කඩන් ආවා මගේ නංගෝ'සින්දුව හරිම ජනප්‍රිය වුණා.

ඒකේ ඔබ රඟපෑවෙත් සිනමාවේ දැවැන්තයෙක් එක්ක?
ඔව්, ගාමිණී ෆොන්සේකා කියන්නේ සිනමාවේ මහා වෘක්‍ෂයක්. මට බයත් හිතුණා ගාමිණී අයියා එක්ක රඟපාන්න. මං ගාමිණී අයියා ඉස්සරහ
අඥතචය නෑ. පුදුම ගෞරවයක් අපි එයාට තිබුණේ.

ඔබට මොනවගේ ප්‍රතිචාරද රඟපෑමෙදි ගාමිණිගෙන් ලැබුණේ?
ගාමිණී අයියා නවකයන් ආදරයෙන් වැලඳ ගත්තා. සහයෝගය දුන්නා. මට අනන්තවත් වරදිනවා. සමහර දර්ශන හත් අට වතාවක්ම ගන්න සිදු වුණා. අනේ ඒත් ඒව පුදුම විදියට ඉවසුවා.

කොහොමද ඒකාලේ රසික ප්‍රතිචාර...?
දැන්වගේ ඉර්ඉ මොබයිල් ර්ථීඩධද, ජ්චජඥ ඕධධඬ නොතිබුණ නිසා ලියුම්වලින් තමයි රසිකයන්ට අපව අමතන්න තිබුණේ. ටෙලි ෆෝන් තිබ්බෙත් සීමිත පිරිසකට විතරනේ. ඉතිං දවසකට ලියුම් මල්ලක් විතර එනවා.

මඟ තොටේදි කරදර එහෙම වෙලා නැද්ද?
සමහර රසිකයෝ මගේ අතේ වළලු ගලවාගෙන තියෙනවා, එක රසිකයෙක් දවසක් මගේ කොණ්ඩෙන් ඇදල කෙස් රොදක් ගලවා ගත්ත. එක රසිකාවියක් මට කොච්චර ආදරේ කළාද කියලා මාත් එක්ක ගෙදර නැවතිලා මගේ සියලුම වැඩකරල දුන්නා. එයාගෙ නම කුසුම්, මගේ ස්වර්ණාභරණ පවා එයාගේ භාරයේ තමයි තිබුණේ.

විශේෂ සිදුවීම් මතකද?
රසිකයන්ගේ ආදරය නිසා එක එක සිදුවීම් වුණා. එක රසිකයෙක්ට එයාගේ පෙම්වතිය අහිමි වුණා මං නිසා.

ඇයි ඒ?
එයා මගේ හැම පින්තූරයක්ම පත්තර කෑල්ලක ගිය පින්තුරයක්ම, පොතක අලවගෙන හිටියලු. රට යනකොටත් ඒක අරගෙන ගිහින්. එහෙදි පෙම්වතිය ඒක දැකල එයාව අත්හැරලා.

ඔබ ලෙස්ටර්ගේ සුමිත්‍රාගේ චිත්‍රපටවලත් අපූරු චරිතවලට පණ දුන්නා?
ඔව් නිහාල් සිංහගේ 'රිදී නිම්නය' චිත්‍රපටයේ වගේම ලෙස්ටර්ගේ 'බැද්දේගම' සුමිත්‍රා පීරිස්ගේ 'යහළු යෙහෙළි' චිත්‍රපටවලත් රඟපෑවා. ඒවා මගේ රංගන ජීවිතේ, තවත් අමරණීය සිහිවටන.

ඔබට ජනප්‍රිය නිළිය - හොඳම නිළිය සම්මාන ලැබුණෙ නැද්ද?
ජනප්‍රිය නිළියටත් - හොඳම නිළියටත් කිහිප වතාවක්ම නිර්දේශ වුණා. සහාය නිළියට සම්මාන ලැබුණා. 'හිමි - අහිමි' ටෙලිනාට්‍යයෙන් ජනප්‍රිය නිළිය සම්මානය හිමි වුණා.

ඔබේ එදා අවිවේකී රංගන ජීවිතයට වඩා අද විවේකී ජීවිතයට ප්‍රිය කරනවාද?
මං අදටත් සිනමාවෙන් ඉවත් වෙලා නෑ. මෑතකදී 'අජාසත්ත' චිත්‍රපටයෙත් රඟපෑවා. ඒ කාලේ ෂූටිං යනකොට තිබුණු අවිවේකීකම ඇතුළේ පුදුම සතුටක් තිබුණා. දැන් ඒවා මතක්වෙනකොට පොඩි සාංකාවකුත් නැත්තෙම නෑ.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday174
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1079
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4645
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141921

Follow us on Facebook

Online Users

We have 25 guests online