13
Jan

Set එකට ගියාම අදත් බය හිතෙනවා - සබීතා

sabeetha0

ඔබ සිනමාවට ආවෙත් ඔබේම නමින් චිත්‍රපටයක?
ඔව්. 'සබීතා' චිත්‍රපටයෙන්. හැබැයි ඊට කලින් මං වයස අවුරුදු තුනේදි 'හතර කේන්දරේ' චිත්‍රපටයේ රඟපෑවා.

'සබීතා' චිත්‍රපටයේ ඔබ රඟපානකොටත් පාසල් සිසුවියක්?
ඔව්, මට වයස අවුරුදු 13යි. අම්මයි - තාත්තයි එක්ක ෂූටින් බලන්න ගිය වෙලාවක මාව දැකල සෑම් පෙරේරායි රොනල්ඩ් පෙරේරායි ජේ. සෙල්ලවරත්නම්ට මං ගැන කියල තිබුණා. එයා අලුත් නිළියක් යොදාගෙන චිත්‍රපටයක් කරන්න හිතාගෙන හිටියෙ.

හාපුරා කියා ඉඥබ එකට ගියාම බියක්, චකිතයක් ඇති වුණාද?
මට සිනමාව අලුත් දෙයක් නෙවි. එතකොටත් මොකද මගේ අම්මා - තාත්තා දෙන්නම සිනමාවට සම්බන්ධ නිසා. ඒත් මට එදා ජ්ඪපඵබ ඊචඬඥ එකේදි පුදුම බයක් දැනුණා. එදා දැනුණ බය අදත් මට චිත්‍රපටයක මුල්ම රූපගත කිරීමේදී දැනෙනවා. ඒක හරි පුදුම දෙයක්.

'සබීතා' චිත්‍රපටයෙන් පස්සේ ඔබට එකදිගට ආරාධනා ලැබුණා?
ඔව්. ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපට වගේම කලාත්මක චිත්‍රපටත් විශාල වශයෙන් හැදුණා. ඒ දෙපැත්තෙන්ම මට ආරාධනා ලැබුණා.

ඒත් ඔබ වැඩිපුරම විකිනුණේ ජනප්‍රිය රැල්ලේ?
ඔව්. මගේ රංගනයේ හැරවුම් ලක්‍ෂයක් වුණේ 'දෙවැනි ගමන'

පාකිස්තානු චිත්‍රපටවලටත් කාලයක් ඔබ නැතිවම බැරි වුණා.
ඔව්. මං පාකිස්තානු චිත්‍රපට 17ක රඟපෑවා.

කොහොමද ඒ අත්දැකීම?
අපේ රටේ ජනප්‍රිය නිළියක් හැටියට හිටි මට ඒ රටෙත් පුදුම ජනප්‍රියත්වයක් හැදුණා. මඟේ තොටේදි හමුවුණු පාකිස්තානු ජාතිකයන් මාව හඳුනාගෙන කතාබහ කළා.

භාෂාව ඔබට හරස් වුණේ නැද්ද?
ඇත්තටම මට උර්දු භාෂාවෙන් දෙබස් කියන්න සෑහෙන වෙහෙසක් ගන්න වුණා. ඒ කාලේ රෑ තිස්සේ මං දෙබස් පාඩම් කරනවා. හරියට විභාගයකට පාඩම් කරනවා වගේ.

කොහොමද ඒ කාලේ මේ රටේ රසික ප්‍රතිචාර?
ලියුම් දහස් ගණනක් ආවා. ඒවට පිළිතුරු ලියන්න මං වෙනම ගෑනු ළමයෙක් යෙදුවා. හැම රසිකයකුටම ස්තුති කරල මගේ පිංතූරයකුත් යැව්වා.

විරාගය ඔබේ රංගන ජීවිතයේ දැවැන්ත වෙනසක්?
ඔව්. විරාගය නරඹනකොට මට පුදුම හිතුණා, ඒ රඟපෑවෙ මමද කියල. තිස්ස අබේසේකරයන් මාව මුළුමනින්ම වෙනස් කළා. ඒ රංගනයෙන් පස්සේ මං රංගනය කියන එක හදාරන්න වෙහෙසුණා. ලෝකයේ හොඳම චිත්‍රපට විශාල ප්‍රමාණයක් නැරැඹුවා. සිනමා රසවින්දන පාඨමාලාවලට සහභාගි වුණා. පොත්පත් කියෙව්වා.

sabeetha1 sabeetha3

තරුණ අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනකුගෙම චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ ඉන් පස්සෙද?
'විරාගයෙන්' පස්සෙත් ඊට කලිනුත් මට චන්දන සිල්වාගේ 'සහන් එළිය', ප්‍රියන්ත කොළඹගේ ගේ 'විමුක්ති', බන්දුල පද්මකුමාරගේ 'සරසවි දියණියෝ' වගේම සුදත් දේවප්‍රියගේ චිත්‍රපටයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. මගේ අවාසනාවට ඒ එක චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනයට ආවෙ නෑ. ඒවා එකිනෙකට වෙනස්ම රඟපෑම්.

ටෙලි නාට්‍යයෙත් ඔබට හොඳම චරිත ලැබුණා නේද?
ඔව්. 'දණ්ඩේ ලූ ගිනි' - 'අකාල සන්ධ්‍යා' - 'ඇසළ කළුවර' - 'පිටගම්කාරයෝ' වගේ ටෙලි නාට්‍යවල සංකීර්ණ චරිත රඟපාන්න ලැබුණා. 'පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයේ අවුරුදු 20 ඉඳල 70 වෙනකම් දිවයන චරිතයක්. අද හැදෙන ටෙලිනාට්‍යවල වගේ නෙවි අපි විශාල කැපවීම් කළා ඒ චරිතවලට පණ දෙන්න.

විවාහයෙන් පස්සේ රඟපෑමට තිත තිබ්බේ ඇයි?
චිත්‍රපට රඟපෑව කාලේ අසීමිත වෙහෙසක් දරන්න වුණා. උදේ හවා ෂූටින්. රැයක් දවාලක් නෑ. විවාහයෙන් පස්සේ මට හිතුණා මං නිළියක් විදියට නෙවි සාමාන්‍ය ගෘහණියක් විදියට ජීවත් වෙන්නත් ඕනෑ කියල. පුතා පුංචි කාලේ එයාගේ වැඩ කරන්න මහත්තයගේ වැඩ කරන්න වගේම ගෙදර ‍ෙදාරේ වැඩ කරන්න සාමාන්‍ය ගෘහණියක් වෙන්න මට ඕනෑ වුණා.

දැන් ඔබ නැවතත් රංගනයට එක්වෙලාද?
මට කලාවෙන් අෑත්වෙන්න බෑ. අම්මා - තාත්තා වගේම මාත් පුංචි කාලේ ඉඳලම කලා ක්‍ෂේත්‍රයේ රැඳුණා. නැටුමට, සංගීතයට මං කවදත් කැමැතියි. දැන් මගේ පුතාට අවුරුදු 14ක්. ඒ නිසා දැන් මට යම් නිදහසක් තියෙනවා. ඒත් අද මගේ වයසට ගැළපෙන හොඳ චරිත ලැබුණොත් රඟපානවා. 'අබා' චිත්‍රපටයෙන් යළිත් රඟපෑමට එක්වුණා. ඊට පස්සේ 'අජාසත්ත', 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටවලින් මං යළිත් ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා.

ඒ කියන්නේ සබීතා දැන් යළි තිරයේ?
ඔව්. මං දැන් එදා වගේම රඟපානවා. උත්සවවලට යනවා. එදා තරම් අවිවේකීව නොවුණත් මං ආයිමත් ක්‍ෂේත්‍රයේ සැරිසරනවා වගේ මට දැනෙනවා.

ධමමිකා අක්මීමන
ඡායාරූප - ප්‍රියන්ත වික්‍රමආරච්චි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday189
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1094
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4660
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141936

Follow us on Facebook

Online Users

We have 38 guests online