20
Jan

ඒ mood එකෙන්ම රවීන්ද්‍රට පිහියෙන් ඇන්නා - වීණා ජයකොඩි

veena jayakody

  • ඔබ සිනමාවට ආවේ හය හතරත් නොතේරෙනම කාලෙක?

ඔව්. මං සිනමාවට ආවේ මගේ අම්මා රෝහිණී ජයකොඩිගේ වුවමනාවට. අවුරුදු 4දි. "අහංකාර ස්ත්‍රි" චිත්‍රපටයෙ කුඩා දරුවකු හැටියට රඟපාමින්.

  •  ඒ හය හතර නොතේරෙන කාලෙනේ? ඉන් පස්සේ?

"කොහොමද වැඩේ" චිත්‍රපටයේ පබාවතී හැටියට අවුරුදු 14දි රඟපෑවා.

  •  ඔබේ අම්මා සිංහල සිනමාවේ

පළමු කාන්තා අධ්‍යක්‍ෂවරිය?
ඔව්. "හැංගි හොරා" චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් අධ්‍යක්‍ෂණය කළෙත් අම්මා. ඒ චිත්‍රපටයෙත් මං රඟපෑවා.

  •  ඔබ රසික අවධානයට ලක්වුණේ?

අප්සරා චිත්‍රපටයෙන්. ගාමිණී ෆොන්සේකාත් එක්ක කළ පළමු රඟපෑම ඒක.

  •  ගාමිණී වැනි දැවැන්ත ප්‍රතිරූපයක් එක්ක රඟපෑමට ලැබීම ඔබට දැනුණේ කොහොමද?

ඒක ලොකුම භාග්‍යයක්. මොකද පුංචි කාලේ ඉඳලම මගේ ජනප්‍රිය නළුවා ගාමිණී. එයා ඒ කාලේ ජනප්‍රියම දැවැන්තම නළුවා.

  •  ඒ වගේ ප්‍රවීණයෙක් එක්ක රඟපානකොට බියක්, චකිතයක් දැනුණේ නැද්ද?

දැනුණා. ඒත් මගේ අම්මා සිනමා නිළියක් නිසා අම්මත් එක්ක නිතරම ෂූටින් බලන්න ගිය නිසා මට ඒ කාලේ සිනමාව කියන එක අලුත් දෙයක් නෙවේ. ඒ නිසා බියක්, චකිතයක් තිබුණෙ නෑ.

  •  ගාමිණී අලුත් අයට අතහිත දුන්නා?

අපොයි ඔව්. හොඳම ගුරුවරුයෙක්. සෙට් එකේදි යාළුවෙක් වගේ.

  •  ඉන් පස්සේ ගාමිණී ඔබේ රංගන ජීවිතේ වඩාත්ම ඔපවත් කළා?

රඟපෑමෙදි ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් මං අදටත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

  • ඔබේ රංගන කුසලතා වඩාත් එළියට ආවෙත් ගාමිණී එක්ක රඟපාද්දි?

ඔව්. "මයුරිගේ කතාව", "සාගරයක් මැද", "බාඳුරා මල්", "සරුංගලේ" "රෑ මනමාලි" චිත්‍රපටවල මගේ රඟපෑම් වඩාත් ඉස්මතු වුණා.

  •  අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් ගාමිණී කොහොමද නළු නිළියන්ගෙන් රඟපෑම් එළියට ගත්තේ?

සෙට් එකට ගියාම එතුමා නළු නිළියන්ගෙන් ලොකු විනයක් බලාපොරොත්තු වෙනවා. ඒක නැති වුණාම නොසෑහෙන්න බැනුම් අහන්න වෙනවා.

  •  ඔබත් ඒ වගේ බැනුම් ඇහුවා?

ඔව්. "රෑ මනමාලි" චිත්‍රපටයේ රූපගත කිරීමකින් පස්සේ මං සෙට් එකෙන් එළියට ගිහින් හිනාවෙවී ආපහු ආවා. ඊළඟට තිබුණේ මං රවීන්ද්‍ර රන්දෙණියට පිහියෙන් අනින්න යන දර්ශනයක්. ඒ හැඟීම ගන්න නම් මට කලින් ඉඩධබ එකේදි තිබුණ mood එක තියෙන්න ඕනෑ. මං සැහැල්ලුවෙන් හිනා වෙවී ආපු එකෙන් ඒ mood එක ගිලිහිලා තිබුණේ. ඒ වෙලාවේ නොසෑහෙන්න බැන්නා.

  •  බැනුම් ඇහුවට පස්සේ හොඳටම වැඩේ කරන්න ඇති?

ඔව්. හිතේ අමාරුවත් එක්ක ඇත්තටම පිහියෙන් අනිනවා වගේම රඟපෑවා. ඊට පස්සේ ගාමිණී කිව්වා ඒ විදියට බැන්නේ ඒ mood එක ගන්න ඕන නිසාම තමයි කියලා.

  •  ඔබ ද්‍රවිඩ කාන්තා චරිතවලට තෝරා ගන්න විශේෂ හේතුවක් තිබෙනවද?

මං හිතන්නේ මගේ පෙනුම නිසා වෙන්න ඇති. අනික මං එහෙම චරිත රඟපාන්නත් ආස කළා.

  •  ඔබට දමිළ භාෂාවෙන් කතා කරන්නත් පුළුවන්?

ඔව්. මගේ දෙමළ යාළුවො ගොඩක් හිටියා. ඒ අයගෙ ආශ්‍රයෙන් මට භාෂාව හුරු වුණා. අනික මං ඒ සංස්කෘතියටත් කැමැතියි.

  • සිංහල සිනමාවේ හොඳම චරිත රඟපෑ ඔබ මීට වඩා අගය කිරීමකට ලක්විය යුතු නැද්ද?

මං හිතන්නේ ඒ අගය කිරීම මට ලැබුණා. "සුරබිදෙන", "මාරුතය" වගේ රඟපෑම් අගය කෙරුණා.

  •  දැන් ඔබ විවේකයෙන්ද?

එහෙමමත් නෑ. මං අදත් රඟපානවා. අදටත් ඇරැයුම් ලැබෙනවා. හැබැයි මං දැන් ඒවා භාරගන්නේ මගේ ජීවිතේට අවශ්‍ය විවේකයට බාධා නොවන විදියටයි. මං මේ දවස්වල වඩාත් ආගමට නැඹුරු වෙලයි ඉන්නේ.

ධම්මිකා අක්මීමන
- මව්බිම

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday216
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1160
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12723
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099814

Follow us on Facebook

Online Users

We have 12 guests online