27
Jan

ඒ කාලේ අපි ගස් ගල් වගේ - සොමී

somee-1

නළුවෙක් වෙන්න කියල ද කොළඹ ආවේ?

නෑ. ගායකයෙක් වෙන්න ඕනේ කියල හීනයක් නම් තිබුණා.

ඇයි නළුවෙක් වෙන්න හීනයක් නොතිබුණේ?

ඒ කාලේ අපට පෙනුණේ නළු නිළියෝ දේව දේවතාවෝ වගේ. ලේසියෙන් එතැනට ළං වෙන්න පුළුවන් කියල හීනෙන්වත් හිතුණේ නෑ.

කොහොම වුණත් දෙවි දේවතාවුන් ළඟට ළංවුණා?

ඔව්. සුමන ආලෝක බණ්ඩාරගේ එරබදු මල් හිනාවුණා නාට්‍යයේ ප්‍රධාන චරිතයෙන් වේදිකාවට ආවා. සංගීතඥ ජයතිස්ස අලහකෝන් මගේ රඟපෑම දැකලා මළ කෝලං නාට්‍යයට සම්බන්ධ කළා. නාට්‍ය ගොඩක රඟපෑමට ආරාධනා ලැබුණා.

somee-3 somee-2 

වේදිකා රංගනයෙන් ලැබුණු ප්‍රතිචාර මොනවගේද?

‘මළ කෝලං’ නාට්‍ය දර්ශනයෙන් පස්සේ මට මතකයි සෝමලතා සුබසිංහ මහත්මිය සුබ පතල කිව්වා වේදිකාවට අවශ්‍යම නළුවෙක් කියලා. ඒ කාලේ නාට්‍ය විචාර ලියපු ගුණපාල මල්ලිකාරච්චි මගේ රංගනය ගැන රිවිරැස පත්තරේට ලිව්වා.

ඒ ආරම්භයත් එක්ක කොහොමද සාර්ථක රංගන ශිල්පියෙක් හැටියට මතුවෙන්න පුළුවන් වුණේ?

ඇත්තම කියනවනම් අපි ඒ කාලේ ගස් ගල් වගේ බිහිවුණු නළුවොනේ. ගහක් නිකං ඔහේ වැවෙනවාට වඩා ඒක පුංචි කාලෙම සත්කාර කරලා අතු කපලා කොටලා හැදුවම ඒ ගහ ලස්සනට හැදෙනවානේ.

ඉතිං කොහොමද ලස්සනට අතු ඉති දාලා වැඩෙන්න පුළුවන් වුණේ?

ඒ කාලේ ලංකාවට ආවා පිටරටවල බොහොම කීර්තිමත් නාට්‍යවේදීන්. ඔවුන්ගේ වැඩමුළුවලට සහභාගි වෙලා වේදිකාවේ සමබරතාව තියාගන්න හැටි, ශරීරය නම්‍යශීලී කරගන්න හැටි, සාමූහිකව වැඩ කරන හැටි, විනය පවත්වාගන්නා හැටි ඉගෙන ගත්තා.

ඔබ කාලය තුළ වෘත්තීය නළුවෙක් හැටියට පවතින්නත් හොඳ කට්ටක් කන්න ඇති නේද?
ආර්ථික දුෂ්කරතා තිබුණත් ඒක ජීවිතේ සුන්දරම කාලේ කියලයි මට හිතුණේ. හොඳ නළුවෙක් වීමේ පරමාර්ථය ඉදිරියේ ඒවා කටු හැටියට දැනුණේ නෑ.

ඔය කාලයක් බොරැල්ල කොටා පාරේ බෝඩිමක හිටියා?

ඔව්. ජයසේකර අපෝන්සු, රංජිත් සුරංග වගේ මගේ සමකාලීනයන් එක්කයි හිටියේ. අපි ඉතිං එකිනෙකාට උදව් කරමින් සමහර විට රණ්ඩු සරුවල් වෙවි වුණත් සතුටින් හිටියා.

එතකොට සිනමාවට ආවේ?

ඒකත් අහම්බෙන්. මෙරිල් විජේසේකර කියලා යාළුවෙක් මාත් එක්ක බස් එකේ යන අතරදි පත්තරේක තිබුණ දැන්වීමක් දැකලා මාවත් අරගෙන බැස්සා. පත්තරේ තිබුණේ අලුතින් පටන්ගන්න චිත්‍රපටයකට නළු නිළියෝ ඕනෑ කියලා.

මොකක්ද චිත්‍රපටය?

දයානන්ද ජයවර්ධනගේ ‘අමරණීය ආදරේ’ සම්මුඛ පරීක්ෂණයට අපි යනකොට අපට ලැබුණේ 296 වැනි නොම්බරය. ඒ නොම්බරය කියල කතා කරන කොට යාළුවා මට යන්න කියලා තල්ලු කළා.

සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණාද?

ඔව්. උප ප්‍රධාන චරිතය ලැබුණා. ඉන් පස්සේ පතිරාජ එල්.එස්. දයානන්දගේ ‘සෙලීනාගේ වලව්ව’ චිත්‍රපටයේ මට හොඳ චරිතයක් ලැබුණා.

somee

ගාමිණී ෆොන්සේකාගේ ‘උතුමාණෙනි’ චිත්‍රපටයත් ඔබේ රංගන ජීවිතේ සුවිශේෂ සිද්ධියක්?

ඔව්. ඒක නළුවකුට ලැබෙන විශේෂ භාග්‍යයක්. ඵඥබ එකේදී විනය පවත්වා ගැනීම, ර්ධධඤ එක හරියට තියා ගැනීම, අයෙ තමන් එක්ක රඟපාන ශිල්පියාට ගෞරව කිරීම, අනේ‍යාන්‍ය සබඳතාවන් පවත්වා ගැනීම වගේ බොහෝ දේවල් ගාමිණීගෙන් ඉගෙන ගත්තා.
රංගන ශිල්පියෙක් මෙහෙයවා ගැනීමේදී ඔහු මොනවගේ උපක්‍රමද යොදා ගන්නේ?

රූපගත කිරීම්වලට කලින් පුහුණුවීම් දෙක තුනක්ම පවත්වනවා. එහෙම කරලත් රූපගත කිරීමේදී වැරැදීමක් වුණොත් ළඟට ඇවිත් බොහොම හෙමින් කියාදෙනවා.

ඔබ විවාහ වෙන්නෙත් නිළියක් සමඟ?

ඔව්. සුසිලා ඉන්ද්‍රානි රත්නායක මගේ බිරිය. ඇය හමුවෙන්නේ ‘කුවණ්ණා’ නාට්‍යයේ රඟපාන්න ගිය අවස්ථාවේදී. 1976දී අපි විවාහ වුණා.

විවාහයෙන් පස්සේ ඇගේ නිළිකම නතර වෙනවා?

ඔව්. ඇය අවුරුදු 9ක්ම මං වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් කැපවෙනවා. ඉන් පස්සේ ‘අයෝමා’ චිත්‍රපටයෙන් නැවතත් රංගනයට එක්වෙනවා. ඒ රංගනයට ඇයට හොඳම සහාය නිළිය සම්මානයත් ලැබුණා. ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ ‘තහංචි’ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයත් ජයගත්තා.

හදිසියේම ඔබ රට හැර යන්නේ වෘත්තීය නළුවකු හැටියට පවතින්න බැරි බව වැටහුණු නිසාද?


ඔව්. රට තුළ පැවැති භීෂණකාරී තත්ත්වය තුළ සිනමාව කඩා වැටුණා. තවදුරටත් එහි රැඳී සිටීමේ අවදානම දැනෙන්න ගත්තා.

ඔබ ගියෙත් ඇමෙරිකාවේ හොලිවුඩ් පුරය ආසන්නයට?

ඔව්. කැලිපෝනියාවට යන්න ලැබීමෙන් මට හොලිවුඩ් පුරයේ චිත්‍රපට නරඹන්න, නළු නිළියෝ ඇසුරු කරන්න, සිනමාව හදාරන්න වාසනාව පෑදුණා.

නැවත ලංකාවට එන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම එනවා. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ආසාවෙන් ඉන්නවා. ඒ වුණත් අද මේ රටේ සිනමා කර්මාන්තය පවතින්නේ එදා මං රට හැර යන කොට තිබුණ තත්ත්වයේමයි.

ඒකට හේතුව මොකක්ද කියලා දැන්නෙ නැද්ද?

සිනමා කර්මාන්තය ගොඩ ගන්න පිහිටුවූ චිත්‍රපට සංස්ථාවේ සභාපති පුටුවට නුසුදුස්සන් පත්වීම ප්‍රධාන හේතුවක්. සංස්ථා සභාපතිට විශාල බලතල තිබෙනවා. ඒත් බලතල පාවිච්චි කරලා කර්මාන්තය ගොඩගන්න ඒ බැරි සභාපතිවරයෙක් මොන එහෙකට ඒ පුටුවේ තියාගෙන ඉන්නවාද කියලා මට තේරෙන්නේ නෑ. අද මේ රටේ සියලුම සිනමා ශිල්පීන් සභාපතිවරයාගේ වැඩපිළිවෙළට විරුද්ධයි.

ධම්මිකා අක්මීමන

- මව්බිම

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday1246
mod_vvisit_counterYesterday459
mod_vvisit_counterThis week1246
mod_vvisit_counterLast week10106
mod_vvisit_counterThis month20053
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2053188

Follow us on Facebook

Online Users

We have 10 guests online