07
Nov

අකලංක-උපේක්ෂා පලහිලව්වෙන් ඉනෝකා සකල අමාරුවේ

ප්‍රවීණ  සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද ගේ අලුත්ම  සිනමා නිර්මාණය ‘සින්ඩ්‍රෙල්ලා‘ ළඟදීම තිරගතවිමට නියමිතයි . එහි ප්‍රධාන  භූමිකා නිරූපණය කරන්නේ අකලංක ගනේගම සහ උපේක්ෂා ස්වර්ණමාලියි

චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලදී ඔවුන් දෙදෙනාගේම සහාය ඉනෝකාට ලැබිය යුතු වුවත් එකට පත්තර මුල් පිටුවල කවර සඳහා ඡායාරුප සඳහා පෙනී සිටීම - එකට රූපවාහිනී වැඩ සටහන්වලට පෙනී සිටීම  ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉනෝකා දැන් සකල අමාරුවක වැටිලා කියලා පුවතක් වෙබ් අඩවිව ඔස්සේ ප්‍රචාරය වුණා.

මේ ගැන  අපි ඉනෝකා සත්‍යංගනීගෙන් ඇහුවා. ඊට ඇය පිළිතුරු දුන්නේ මෙහෙමයි

‘සින්ඩ්‍රෙල්ලා‘  චිත්‍රපටය රූපගතකළේ  2011 වසරේදීයි. මේ චිත්‍රපටයේ ප්‍රබල ප්‍රේමණිය ජවනිකා රැසක්ම රුප ගතකළා. සම්පූර්ණයෙන්ම දිය යට රූපගත කළ  Water bale එකක් ඒ අතර වෙනවා. ඒ වගේම ගීතමය ජවනිකා 11ක් කොටස් දෙකකින් සමන්විත මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා.  ප්‍රේම ජවනිකාවලදී පෙම්වතුන් හැටියට ඔවුන් දෙදෙනාගේ ශරීරයේ සියලුම අංගවලින් ප්‍රේමය ප්‍රකාශ වෙනවා. ඒ නිසා වෙන්න ඇති අකලංක -උපේක්ෂා සැබැ ජීවිතේදීත් පෙම්වතුන් කියා පුවත්පත් අතිරේක සහ වෙබ් අඩවි මගින් ප්‍රචාරය වුනේ.  ඒක ඔවුන්ගේ  පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඒ ගැන මං කිසිවක් ප්‍රකාශ  කරන්නේ නෑ

  

මීට මාසෙකට කලින් සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ නාමාවලියට අදාල යුග ගීයක්  සහිත මියුසික් වීඩීයෝවක් කරන්න මුලින්ම කතා කලේ අකලංකට. ඔහුගේ පිළිතුර වුනේ විවාහවෙලා ඉන්න නිසා ඒකට සම්බන්ධවෙන්න   අමාරුයි කාරුණිකව තේරුම් ගන්න කියලයි.

 මගේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්පුවත්පත් අතිරේක  වලටත් අකලංක-උපේක්ෂා එකට ඉන්න ඡායාරූප  ගන්න  මට කතා කළා ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න මං ඔවුන්ට පොරොන්දු වුණා

නමුත් චිත්‍රපටයක ප්‍රධාන නළු- නිලි යුවල එකට  හිඳුවා පිංතූර ගැනීම- රූපවාහිනී නාලිකවල  එක ට හිඳුවා කතා කිරීම ආදීයට සම්බන්ධවීමෙන් වැලකී සිටීම මට කරන අසාධාරනයක්. වෘත්තිකයන් හැටියට වෘත්තිය හා පෞද්ගලිකත්වය කියන දෙක අතර සීමාවන් හඳුනාගන ඒ දෙකටම හානියක් නොවෙන විදියට බුද්ධිමත්ව කටටයුතු කිරීමයි වැදගත්. එහෙම නොවුනොත් සින්ඩ්‍රෙල්ලා කොටස් දෙකකින් යුත් චිත්‍රපටක් නිසා වැනසෙන්නේ චිත්‍රපට දෙකක්   

අකලංකටත් උපේක්ෂාටත් මං මේ දොස් කියනවා නෙවි.රූප ගතකිරීම් වලදි ඔවුන් මට ඉහළම සහයෝගය දුන්නා. විශේෂ යෙන් අකලංක තමන්‍ගේ  පෞද්ගලික දේවල් පවා සපයමින්  රූපගත කිරීම්වලට සහාය වුණා. ඒත් මේ  වෙලාවේ මගේ එකම ප්‍රාර්ථනාව මේ දෙදෙනාම මං මුහුන පා සිටින ප්‍රශ්නය තේරුම්  ගෙන මුලදි මට දැක්වු සහාය  ඉදිරියටත් දැක්වීමේ අවශ්‍යතාවයතේරුම් ගෙන කටයුතු කරන්න කියලයි 

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday276
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1516
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10358
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028427

Follow us on Facebook

Online Users

We have 63 guests online