10
Nov

ජයවිලාල් ඉල්ලා සිටි සිනමාවේ දේශීයත්වය රාජපක්ෂ සමයේ රාජ්‍ය මතවාදයක් බවට පත්කර ගත්තා ප‍්‍රසන්න විතානගේ

ජයවිලාල් විලේගොඩ සහ කරුණාසේන ජයලත් කියන විචාරකයන් දෙදෙනාම අපේ සිනමාවේ මුල් යුගයේ දී සටන් කළේ දේශීය සිනමාවක් වෙනුවෙන්. ඒත් දේශීයත්වය කියන මත අද වෙනකොට කොයි ආකාරයටද නිර්වචනය කරගෙන තියෙන්නේ. ඒක පසුගිය කාලයේ රාජ්‍ය මතවාදය බවට පත්කරගත් හැටි දකින්නට ලැබුණා.


ජාත්‍යන්තර සම්මානලාභී ප‍්‍රසන්න විතානගේ මේ බව පැවැසුවේ ගුණසිරි සිල්වා විසින් ලියන ලද  ‘ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසුමක්’ ග‍්‍රන්ථය දොරට වැඞීම නිමිත්තෙන් පසුගියදා තරංගනී සිනමාශාලා පරිශ‍්‍රයේදී පැවැති උත්සවයේ ප‍්‍රධාන දෙසුම පවත්වමිනි.

සිනමාවට දේශීයත්වය කියන සංකල්පය නිල මතවාදයක් ලෙස පසුගිය කාලයේ ගොඩනැගුනා. විශේෂයෙන්ම මෙම මතවාදය 2004-2005 යුගයේදී ගොඩනගනවා.
ජයවිලාල් එදා අහිංසක ලෙස කියපු දේශීයත්වයේ කාරණය පසුව මතුකරනවා වෙනස්ම විදියකට.  ඕක නෙමෙයි ලංකාව. මේකයි ලංකාව කියලා අදහසක් ඇතිකරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයේ සිටි කාලයේ මේ විදියට සිනමා කර්මාන්තය මෙහෙයුවේ කොහොමද?
ඔහු සිනමා කර්මාන්තය මෙහෙයවන්නේ ජාතික චිත‍්‍රපට සංස්ථාවට අණ දීලා නෙමෙයි. එහෙනම් කොහොමද? ඔහු කරුණු තුනක් අනුගමනය කරමින් මේ කාර්යය කරනවා. ඒ තමයි ව්‍යවස්ථාදායකය විසින් කරන ලද බලපෑම, විධායකය විසින් කරන ලද බලපෑම, සහ තමන්ගේ පාක්ෂිකයන් හරහා කරන ලද බලපෑම. අද අපි මේ තුන මෙනෙහි කළොත් ඔබට මතක ඇති විධායකය කරපු බලපෑම විධියට සිනමා කර්මාන්තයේ යෙදුන විධියට සිනමා කර්මාන්තයේ යෙදුන විශාල පිරිසක් කැඳවලා ඔහු කිව්වා ඉන්දීය චිත‍්‍රපට වල නිරූපණය කරන්නේ සොල්දාදුවෙක්. ඔහු මැරෙන්නෙත් ජාතික කොඩිය අත දරාගෙනයි කියලා. අපේ චිත‍්‍රපටවල සොල්දාදුවන්ව නිරූපණය කරනවා ඔවුන් ගණිකා නිවාසවල රස්තියාදුවන අය හැටියට. මේක වහාම නවත්වන්න  ඕන. ඒ සඳහා මම මේ රටේ පෞද්ගලික නාලිකා වලට කිව්වා එවැනි චිත‍්‍රපට එකක්වත් පෙන්වන්න එපා කියලා. ඒ වගේම කිසිම වැඩිහිටි තේමාවක් සහිත චිත‍්‍රපට ලංකාවේ රූපවාහිනී නාලිකා වල ප‍්‍රචාරය කරන්න එපා.
ඔහු ඒ කතාව කිව්වේ මම අධ්‍යක්ෂණය කරපු ඉර මැදියම චිත‍්‍රපටයට. නමුත් ඉර මැදියමේ තිබුණේ කිසියම් මානුෂීය කාරණවක්. ඒක ලංකාවේ පමණක් නෙමෙයි යුද්ධයත් එක්ක වියට්නාමයේ පවා වෙච්ච දෙයක්. මේක නෙමෙයි ජාතිකත්වය කියන්නේ ඔහු විශ්වාස කරන දේ නම් ඒක ජාතිවාදය බවට පත්වුණා. මොකද සිනමා කරුවාව ඔය විධියට ප‍්‍රශ්න කරනකොට එය ජාතිකත්වයට එරෙහියි.

ව්‍යවස්ථාදායකයට කරන ලද බලපෑම මතක ඇති. අශෝක හඳගමගේ අක්ෂරය චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වීමට තිබුණු මොහොතේ ඒ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට රැු`ගුම්පාලක මණ්ඩලය ලබාදී තිබූ සහතිකය නැවත ඉල්ලා සිටියා. කවුද එහෙම ඉල්ලාසිටියේ? පෙත්සම් දෙකක් සලකා බලා එවකට චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා. ඊට පසුව අශෝක හඳගම මේ පිළිබඳව මානව අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. මොකද රැගුම්පාලක මණ්ඩලයෙන් අනුමත වුණාට පසුව කිසිම අයිතියක් නෑ නැවතත් එය ඉල්ලන්න. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ඒ නඩුව අහන්න එනවා. ඔහු කියනවා එහෙම නැවත ඉල්ලා සිටින්න අයිිතියක් තියෙනවා. මොකද රැු`ගුම් පාලක මණ්ඩලය පත් කළේ ඇමතිවරයා නිසා  කියලා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් තීන්දුවක් තමයි පුරහඳකළුවර චිත‍්‍රපටයට ලැබුණේ. එතනදි ඇමතිවරයාට නැවත අනුමත වූ චිත‍්‍රපටයක් ඉල්ලා සිටින්න බෑ කියල තීරණය වුණා.

ඒ වගේම තමයි. සංජීව පුෂ්පකුමාරගේ ඉගිගෙන මාළුවෝ. ඒ චිත‍්‍රපටය පෙන්වීමට නියමිතව තිබුණා  බණ්ඩාරනායක ශාලාවෙදි. ඒ වෙලාවේ ඒ චිත‍්‍රපටය වාරණය වුණා කියලා ජාතික ආරක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ නිසා පදික වෙළෙඳුන්ගේ සංගමය විශාල උද්ඝෝෂණයක් කරනවා. ඔවුන් මේ අධ්‍යක්ෂකවරයාගේ හිස ඉල්ලනවා.
පදික වෙළෙඳුන්ගේ සංගමය කියන්නේ ඒ රජය විසින් හෙහෙයවපු සංගමයක්. මහින්ද කහඳගමගේ කියලා මහත්මයෙක් කළේ. මේ විදියට එකම මතවාදයක් එනම් රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙනීසිටින්න සිදුවුණා. නිර්මාණකරුවාගේ ස්වීය චින්තනය විනාශ වුණා. ගුණසිරිගේ පොත එනකොට විශාල වශයෙන් මේ සමාජ ක‍්‍රමය වෙනස්වෙලා තියෙනවා. සිනමාව ගොඩනංවන්න නම් කර්මාන්තය තුළ ජාතික ප‍්‍රතිපත්තියක් ගොඩනැගිය යුතුයි. ඒ ප‍්‍රතිපත්තිය හැදිය යුත්තේ සිනමාවට සම්බන්ධ සියලූම දෙනාගේ දායකත්වයෙන්. චිත‍්‍රපට මණ්ඩල සමග කිසියම් එකගතාවකට පැමිණිය යුතුයි.


Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday281
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1521
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10363
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028432

Follow us on Facebook

Online Users

We have 66 guests online