22
Nov

රසමසවුළු-ප්‍රතාපවත් මිනිසකුගේ පෞරුෂය

‘රසමසවුළු’ ලියන්නට පටන් ගත් මුල්ම දවසේ දී මා එය ආරම්භ කළේ, පත්තර කාලාවේ අදීනම, සුන්දරම, ක‍්‍රියාශීලීම, මිනිසුන් මට හමුවුණේ ඇත්ත පත‍්‍රයෙනි යනුවෙන්ය.

ඒ අදීනකම තහවුරු කරන සිද්ධියක් මෙවර ගෙන හැර දක්වන්නට අදහස් කරමි.

ඇත්ත කවදත් පවතින ආණ්ඩු විරෝධී පුවත් පතක් විය. ජනතා ඡුන්දයෙන් පත් වූ හැම ආණ්ඩුවක්ම අද වගේම එදත් බලයට පත්වූ කෙටි දිනකින් ජනතා අපේක්‍ෂා බිඳ දැම්මේය. එම අපේක්‍ෂා බි`ද දැමූවා පමණක් නොව අද මෙන්ම එදාත් ආණ්ඩුව ඇතුළත ¥ෂණ, වංචා සිදු වීම සුලබ සිද්ධියක් විය.
ඉතින් එදා ඇත්ත පුවත්පතේ මුල් පිටුවේ ප‍්‍රධාන ශීර්ෂ පාඨයෙන් හෙළිදරව් කෙළේ එදා පැවැති ආණ්ඩුවල ජනතා විරෝධි දූෂිත ක‍්‍රියාවන්ය.
ඇතැම් අමාත්‍යංශයක සිදු වූ දූෂණයක් වංචාවක් දත්ත සහිතව හෙළිදරව් කරමින් මුල් පිටුවේ ප‍්‍රවෘත්තියක් ලෙස පළවූ දවසක උදෙන්ම ඇත්ත කාර්යාලයට ‘නෑදෑයින්’ සොයා ඒම සාමාන්‍ය සිරිතක් විය.

එවන් දිනයක ඇත්ත ප‍්‍රධාන කර්තෘ බී.ඒ. සිරිවර්ධන හෙවත් සිරා කාර්යාලයට උදෙන්ම එන ගමන් කියා ගෙන එන්නේ ‘අමරේ අද බාප්පලා ඒවි’ කියමිනි.

‘බාප්පලා’ නොහොත් ‘නෑදෑයන්’ යනු සී.අයි.ඩි. යේ නිලධාරින්ය. අමරේ යනු එවකට ඇත්ත පුවත්පතේ මුද්‍රණ අංශයේ සිටි පොර්මන්වරයාය.

එදාට අමරේ කරන්නේ ප‍්‍රධාන පුවතට අදාල ලිපිගොනු සියල්ල සොයා ගත නොහැකි අන්දමට අස්ථානගත කිරීමයි. පුවත්පතක පළවන සෑම පුවතකටම අදාල ලිපි ගොනු කාලයක් යන තුරු ආරක්‍ෂා කර තබා ගන්නේ, යම් පුවතක සත්‍ය අසත්‍යතාව පිලිබඳව අභියෝග කරමින් නීතිමය ප‍්‍රශ්නයක් පැන නැගුන විට ඊට මුහුණ දීම සඳහා ය.

දහවල් වන විට ඇත්ත කාර්යාලයට බාප්පලා එනවිට බොහෝ විට සිරා කතුවැකිය ලියමින් සිටි. බාප්පලා කෙලින්ම යන්නේ මුද්‍රණ අංශයටය. එහි ගොස් එදිනට පත‍්‍රයේ පළවූ පුවත්පත්වලට අදාල සියලූ ලිපිගොනු එකින් එක ඇද දමා පරික්‍ෂා කරන්නට සමහර විට බාප්පලා දවසේ වරුවක්ම ගත කරති.

එසේ පීර පීරා සොයා බලා කිසිවක් සොයා ගත නොහැකි තැන බලාපොරොත්තු සුන්ව බාප්පලා සිරා සොයා එති.

‘ආයිබෝවන්ඩ. වාඩිවෙන්න. සේන මේ මහත්වරුන්ට තේ ටිකක් හදල දෙන්න’.

කියමින් සිරා සුපුරුදු ලෙස කතුවැකිය ලියන්නට පටන්ගනී.

බාප්පලා සිරා වැකිය ලියනවිට බාධා නොකරති. එවකට සිරා ලියන වැකිය රටේ දේශපාලනඥයන්, විශ්වවිද්‍යාල ඇදුරන් සිංහල භාෂා විශාරදයන් ගේ මහත් ගෞරවයට පාත‍්‍ර විය.

එවකට සිටි රාජ්‍ය නායකයන් ද උදේ අවදි වූ ගමන් අතට ගන්නේ ඇත්ත පත‍්‍රයයි. දේශපාලන වශයෙන් ද, දෘෂ්ටිවාදාත්මක වශයෙන් ද, භාෂාව හැසිරවීමේ නිපුණත්වය අතින් ද, සිරා ගේ කතු වැකියට එසේ රටම ගරු කරන නිසා ම ඔහුගේ පෑන සෘජුව මර්ධනය කරන්නට කිසිවකු සාහසික වූ යේ නැත.

සිරා කතුවැකිය ලියන තෙක් ‘බාප්පලා’ පත්තර බලමින් සිටිති. බොහෝ විට
සිරාගෙන් ප‍්‍රශ්න කරන්නට එන ‘බාප්පලා’ ඔහුගේ වැකිය කියවන දැන උගත්කම් ඇති අය වෙති. ඔවුන්ගේ නොමඳ ගෞරවයද එදා සිරා කෙරෙහි තිබුණේය.

‘හා ඔය මහත්තුරු දැන් එමු බලන්න. මොකක්ද ප‍්‍රශ්නෙ.?

‘බාප්පලා’ දෙතුන් දෙනෙක් සිරා ළ`ග හසුන් ගනිති. ඔවුන්ගෙන් එකෙකු එකවරම අසා සිටින්නේ අද පත‍්‍රයේ ලීඞ් එක ලිව්වේ කවුද කියාය.

‘ඒක ලිව්වෙ මම. අහන ප‍්‍රශ්නයක් මගෙන්ම අහන්න.’

සිරාගේ පළමු පිළිතුරෙන්ම ප‍්‍රවෘත්තිය ලියූ පත‍්‍ර කලාවේදියාගේ ආරක්‍ෂාව තහවුරු වෙයි. ඉන් පසු පැයක් දෙකක් සිරාගෙන් ප‍්‍රශ්න අසා සටහන් කර ගන්නා ‘බාප්පලා’ සේන සාදා දුන් තේද බී හිස් අතින් ආපසු යති.

සිරා ගොඩනඟාගෙන තිබූ අසීමිත පෞරුෂයටත්, ඇත්ත පුවත් පතට තිබූ ජනතා පදනමටත්, එහි සටන් ශක්තියටත් එදා පාලකයෝ හිස නැමූහ. ඒ නිසා අද පුවත්පත් කතුවරුන් මෙන් සිරා සී.අයි.ඩි. යට දක්කාගෙන ගියේ නැත.

ප‍්‍රතාපවත් මිනිසෙකුගේ සහ ප‍්‍රතාපවත් පුවත්පත් කලාවක මහිමය එයයි.

-ගුණසිරි සිල්වා

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday214
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1454
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10296
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028365

Follow us on Facebook

Online Users

We have 4 guests online