27
Nov

මගේ පෙම්වතා ඔහුම පමණයි-.මධුෂා රාමසිංහ

ඔබ ගැන මේ දවස්වල වෙබ් අඩවිවල පළවන පුවත් ගැන මොකද කියන්නේ?

සමාජ ජාලා වෙබ් අඩවි සහ සමහර පුද්ගලයන්ගෙන් සමහරු මා විවාහ වූ බවත්, තවත් සමහරු මං පෙම්වතියක් බවටත් මං ගැන මමවත් නොදන්න කතා පතුරුවමින් ඉන්න නිසා මට හිතවත් මගේ මාධ්‍ය මිතුරන්ගෙන් මං විශේෂ ඉල්ලීමක් කරනවා මේක නිවැරදි කරල දෙන්න කියලා.

ඔබ මෙහෙණියක් වන්න ආසාවෙන් හිටිය බව වරක් ඔබ අපත් සමග පැවැසුවා,?‍

,ඔව්. මට පුංචිකාලෙ ඉදන් ඕන කලේ මෙහෙණියක් වෙන්න. ඒත් අම්මගෙන් මට ඒකට කිසිම අවසරයක් ලැබුණෙ නෑ. මම ඒ අවසරය ලබා ගන්න නොසෑහෙන කැපවීම් කලා,2007 වසරෙන් පස්සෙ කිසිම තැනක පෙනෙන්නවත් ආව චරිතයක් නෙවෙයි මම. ඉන් පෙරත් කලා ශිල්පිණියක් ලෙස තෝරා බේරාගත් චරිත කීපයකට රංගනයෙන් දායක වීම සහ ගායනය , ලේඛනය තුලිනුත් අනවශ්‍ය කිසිම දෙයකට සම්බන්ධ නොවුනෙ මා කවදා හෝ මියයාවිද අපවත් වේවිද කියන කාරණාව සම්බන්ධව විශ්වාසයක් නොතිබුණු නිසයි.

 

එතකොට ඔබ අම්මාගේ ඉල්ලීමට එකඟ වුණා?

චීවරයක් දරන්න මහා සංසාරික කුසල කර්මයක් තියෙන්නට අවශ්‍යයි. ඒ කුසලය සම්පූර්ණ කරන්නෙ නැතිව ගිහිගෙයි ගැටලු වලට බයේ පැනල ගිහින් චීවරයක් දරලා ධර්ම අවබෝධය ලබන්න අපහසුයි. ඒ කාරණාව නිසා මම උත්සාහ ගත්තා ටිකෙන් ටික මගෙ අම්මාගෙ ඉල්ලීම් වලට සවන් දෙන්න. අම්මාගෙ ආසාව උනේ මම පතිනියක් වෙලා දරුවන් ලබනවා දකින්නයි.
ඉන් පස්සේ ඔබ ‍ පෙම්වතියක් වෙන්න හිතුවා?

අම්මාගෙන් නොලබපු අවසරය කෙසේහෝ, කෙදිනක හෝ, විවාහක ස්වාමිපුරුෂයාගෙන් ලබන්නම් කියල මම තදින්ම හිතට ඇරන් මට විවාහ යෝජනා කරපු කීප දෙනෙක්ගෙ චරිත අධ්‍යනය කලා, සති දෙකක් යද්දි මේ කෙනා මට නොගැලපෙන බව මට වැටහුණා. ඒ වගේම 2013 වසරෙ ඉදන් නැවතත් මම රංගන ශිල්පිණියක් ලෙස සහ නිරූපන ශිල්පිණියක් ලෙස කරලියට ආවෙ මා විසින් අධ්‍යනය කර තිබූ එම විෂයත් කිසිඳු අධ්‍යනයක් නැති පුද්ගලයින් විසින් විනාශයට ඇද දමමින් එම මාධ්‍ය භාවිතය තුලින් පුද්ගල මනස විනාශයට ඇද දැමීමේ ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක වූ නිසයි.

එහෙමයි කියලා රටේ හැමෝම සුදු රෙදි පොරවගෙන, නලු නිළියන් තමන්ගේ වෘත්තියෙදී පවා සිවුරු ලා ගෙන සිටිය යුතුයි කියල මම කියන්නෙ නෑ. තැනට සහ අවස්ථාවටත් තමන්ටත් සුදුසු විදියට අපි හැමදේම ගොඩනඟාගත්තානම් වර්තමානය වෙද්දි මේ රටේ දිනක් පාසා ඇසෙන අපරාද වලට තිත තියන්න ඒකත් ලොකූ උපකාරයක් වෙයි.

අන්තිමේදී ඔබ තෝරා ගත්තේ ඔබට සුදුසුම පෙම්වතා?

අම්මාගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න හිතාගෙන මම අවසානයේ පෙම්වතියක් බවට පත් වෙමින් විවාහ හිත හදාගත්තා. ඒ මගේ පාසැල් වියේ පටන් මා හොදින්ම දන්න අඳුරන මගේ කුඩා කල මිතුරෙක්ව. මා ඔහුට මා ගැන සහ මගේ දැක්ම ගැනත් සියලු සත්‍ය තොරතුරු දන්වලා සම්බන්ධයක් පතන් ගත්තා. රම්‍ය, සුරම්‍ය, සුභ ලැබුණත් ගිහි සැප අත් හරින බවටත් කෙදිනක හෝ මේ රටේ පාලන ක්‍රමවේදයන් තුල වෙනසක් කල යුතු බවටත් අන් අයගේ යහපත වෙනුවෙන් මා කෙටි කලෙකට මගේ පුද්ගලික අරමුණ අමතක කරන බවටත් ඔහුට දන්වලා ඔහුගේ අවසරය මත පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රී ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලණයෙත් ක්‍රියාකාරීව දායක වුනා, මගේ ජීවිතයේ නොහිතපු නොපතපු අන්දමට මා සිතූ පැතූ සියලු අරමුණු දිනා ගැනීමත ඔහු මටත් මා ඔහුටත් සහයෝගය දැක්වූයේ දෙදෙනා අතර වූ ඉතා පැහැදිලි විශ්වාසයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුවයි .

ඔබේ දේශපාලන ක්‍රියාකාරකම්වලට අනුගත වෙන්න ඔහුට පුළුවන්  උනාද?

එහෙත් නොහිතූ නොපැතූ අන්දමට එක් තැනකදි ඔහුට මාවත් මට ඔහුවත් නිවැරදිව වටහාගන්න අපහසු උනා. එක්වරම රට , ජාතිය, ආගම, මනුෂ්‍යත්වය වෙනුවෙන්ම කැප කිරීමට සූදනම් වී තිබූ මගේ ජීවිතය ඔහුට පමණක් අයිති කොටගෙන මේ රටත් හැර යා යුතු තැනත මගේ පෙම්වතාගේ මනස හැදිලා තිබුනේ මේ දේශපාලණය තුල සිටින යම් යම් පුද්ගල චරිත සහ ඔවුන්ගේ හැසිරීම් රටාවන් සම්බන්ධව වූ කලකිරීම නිසයි. මට අසීමිතව පෙම් කල පුද්ගලයාලෙස ඔහු ඒ මොහොතෙ මා සම්බන්ධව ගත් තීරණය නිවැරදියි. නමුත් මට අවශ්‍යකලේ මගේ ජීවිතයටත්

මගේ පුද්ගලික සුඛ විහරණයටත් වඩා මේ රටේ බහුතරය වෙනුවෙන් මගේ ජීවිතය කැප කරන්නයි.
 

ඒ හේතුව නිසා ඔබ පෙම්වතා අතහැර වෙනත් කෙනෙක් ගැන හිතන්න පටන් ගත්තා?

 

ඒ හේතුව මත මට මගේ ආදරය කැප කරන්න සිද්ධ උනා. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ මං වෙනත් කෙනෙක් සමඟ වෙනත් සම්බන්ධතාවයක් පවත්වන්න සුදුසුයි කියන එක නෙවෙයි. මා ගිහි ජීවිතේක අනගාරිකා දිවියක් ගත කොට පැවිද්දට යන්න පැතූ කෙනෙක්. ඒ වගේම මගේ ආදරය, ගෞරවය, විශ්වාසය, ජීවිතය අයිති මගේ පෙම්වතා ඔහුම පමණයි.

දේශපාලන හා සමාජ ක්‍රියාකාරිනියක නිසා  ඔබට විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න සිදුවීම ඔබට එරෙහිව කට කතා පැතිරවීමට හේතුවක් උනාද?

මට ඕන තරම් ගැහැණු පිරිමි බේදයකින් තොරව උස් මිටි බාල මහලු බේදයකින් තොරව මිතුරන් ඉන්නවා.මිනිසුන් පමණක් නෙවෙයි, සතුන් ස්වභාවධහම පවා මා සලකන්නෙ මගේ ලඟම මිතුරන් ලෙසයි. මම තවම මෙහෙණියක් නෙවෙයි, ගිහි ජීවිතයක් ගත කරන තරුණියක්, ඉතින් ඒ සෑම අවස්ථාවකදීම අනිත් සාමාන්‍ය තරුණියන් ලෙසම මං හැසිරෙනවා. නමුත් ප්‍රතිපත්තියෙන් සහ සිතිවිල්ලෙන් කිලිටක් නොකරගෙන. මා ගැන යම් යම් ඕප දූප පුවත් සමහර වෙබ් අඩවි වල දකින්න ලැබුණ නිසා ලඟම හිතවතුන් පවා ඒඒ දේවල් විශ්වාස කරන්න පටන් ඇරන් නිසා ඒ අයගෙ දැනුවත් කිරීම වෙන්වෙන් මම හැමෝටම දන්වනවා වගකීමක් නැති පුහු ප්‍රචාර විශ්වාස නොකරන ලෙස.

කොහොම උනත් දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඔබට වඩා සමීපවූ කිසිවතු නිසා මේ කට කතා පැතිරවුණා වෙන්න බැරිද?  

ප්‍රසිද්ධිය, ධනය, බලය වෙනුවෙන් ඕනෑම කුරිරු සාහසික ක්‍රියාවකට උනත් පෙළඹිය හැකි මට්ටමේ දුදන මිනිසුන් විසින් කරගෙන යනු ලබන පුහු මඩ ව්‍යාපාර නිසා මගේ පෙම්වතාගේ ගෞරවයද හානි වීම හොද දෙයක් නෙවෙයි. මගේ පාසැල් වියේ සිට මා හැඳින ගත් මගේ කල්‍යණ මිත්‍රයාට පමණයි මා මගේ ජීවිතයේ මගේ පෙම්වතා යන තැන ලබා දී තිබෙන්නෙ, එම නිසා කවුරුවත් මා සම්බන්ධව මගේ වෙනත් මිතුරන් සමඟ එවැනි සිතිවිල්ලක්වත් සිතීම ඉතා කණගාටු දායකයි. මා වෙනත් සම්බන්ධතාවයක් පටන් ගත්තානම් අනිවාර්‍යෙන්ම මේ විදියටම ප්‍රසිද්ධියෙ හැමදෙනෙක්ටම දන්වන්නම්. ප්‍රසිද්ධියෙ කියන්න බැරි විදියෙ සම්බන්ධතා මං මගේ ජීවිතේට ලං කරගන්නෙත් නැහැ. ඒ නිසා උපදින්න කුසදුන් ලේ ටික කිරිකරදුන් ලොවෙන් උතුම් ගැහැණියකගෙන් උපත ලද හැම දෙනෙක්ගෙන්ම මා ඉතා කාරුණිකව ඉල්ලාසිටිනවා විවිද අදහස් , විවිද මතවාද දැරූ පමණින් පුහු පුවත් මවා, කුමන්ත්‍රණ කරවා මා ඇතුලු කිසිඳු කාන්තාවකට අගෞරව නොකරණ ලෙස.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday60
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3364
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7464
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990253

Follow us on Facebook

Online Users

We have 58 guests online