04
Dec

ලස්සනවීමේ රහස මංවත් දන්නේනෑ-දිල්හානි

‘දේදුන්නෙන් ආ සමනළිය‘ගෙ මේ කිවෙනි ජනප‍්‍රිය සම්මානයද?

දෙවැනි සම්මානය.
අලූත් පරම්පරාවෙත් සුරූපී නිළියො ඉදිද්දි ඔබට ජනප‍්‍රිය කිරුළ හිමිවෙන්න හේතුව මොකක් කියලද හිතෙන්නෙ?

මම චිත‍්‍රපට 110ක රඟපාලා තියෙනවානෙ. නොනවත්වා මං ජනතාව අතරෙ ඉන්නවා. ගිය අවුරුද්දෙත් චිත‍්‍රපට 4 -5 ක් තිබිල තියෙනවා.

මෙවර දෙරණ සම්මාන රාත‍්‍රිය ඔබට බොහොම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති. හොඳම නළුවා වූණේ රන්ජන්. කොහොමද ඒ හැඟීම?

ඒක සතුටු දෙයක්. අපි එකම වකවානුවෙ සිනමාවට ආව දෙන්නෙක්. එදා ඉඳලම අපි අදටත් හොඳ මිතුරෝ. රන්ජන් කොහොමත් ජනතාව අතර ප‍්‍රිය කෙනෙක්. ඔහු එක්ක මටත් මේ සම්මානය ලැබීම භාග්‍යයක්.

රන්ජන් කිව්වා ඔය දෙන්නා ජනප‍්‍රිය නළු නිළියන් විදිහට එකම වේදිකාවක හමුවුණේ ප‍්‍රථම වතාවටයි කියලා?

ඔව්. ඔව්. ඒක ඇත්ත.

මෑත කාලයේ ඔයා දේශපාලනයේත් ක‍්‍රියාකාරිනියක්. කලාකාරිනියක් විදිහට ඒක බොහොම සුබදායී ප‍්‍රවේශයක් විදිහටයි අපි දකින්නෙ. මේ සම්මානයේදී ඔයාගෙ ඒ ක‍්‍රියාකාරී කැපවීමත් බලපාන්න ඇති කියලා හිතෙන්නෙ නැද්ද?

ඔහෙම නම් ඔතැනදි අවාසිදායකයි. මොකද මං හැම තිස්සෙම ඉන්නෙ බලය නැති තැනනෙ. මං වාසියට වැඩ කරන කෙනෙක් නෙමෙයි. හරි තැන හරි දේ එක්ක ඉන්න කෙනෙක්. දේශපාලන වෙනසකට මැදිහත් වෙන්න තීරණය කළේ ඒකයි. ඒත් සම්මාන උළෙලක වගේ දෙයකදී ඒ මත නොයිවසන පිරිසකුත් ඉන්නවා. ඉතිං ජනප‍්‍රිය නිළිය වීම කෙරෙහි ඒක බලපානවා කියලා මම හිතන්නෙ නෑ.

ඔයා අලූත් පරපුර එක්කත් කටයුතු කළා. කොහොමද පෙර පරම්පරාවේ නිළියක් විදිහට ඔවුන්ගෙ පෙළ ගැස්ම දකින්නෙ.

ඒක ඉතා සුබවාදී දෙයක්. ඒගැන පුදුම සතුටක් තියෙන්නෙ. ක්ෂේත‍්‍රයේත් අදටත් මං අලූත්පරම්පරාව එක්ක වැඩ කරනවා. ඉදිරියේදීත් එහෙමයි. අපි ඔවුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෑ. අඩුපාඩුම කතා කරන්න හොඳ නෑ. එදා අපේ කාලය වගේ නෙමෙයි අද. නැවතිලා නිදහසේ ජීවිතේ වි`දින්න ඉඩක් නෑ. නිර්මාණයක් කරනවා , සල්ලි ගන්නවා, තව එකකට දුවනවා. ඒකට මේ අලූත් පරම්පරාවට දොස් පවරන්න හො`ද නෑ. අපේ කාලෙත් අපිට බොහෝ තැන් වලින් අඩුපාඩු සිදු වුණා. සමහර ප‍්‍රවීනයො මූණ දිහාවත් බලල හිනා වුණේ නෑ. ඒත් අලූත් අයට අපෙන් එහෙම දේවල් වෙන්න ඕන්නෑ කියලයි මම හිතනනෙ. මම ඒගොල්ලන්ට දෙන ගෞරවය සිය ගුණයකින් වැඩිවෙලා ආපසු මට ලැබෙනවා. මට ඒ ගොල්ලො ගැන සතුටුයි.

ඔයා ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයත් එක්ක එකතු වුණා. මොකක්ද ඒ පෙළඹීමට හේතුව?

මෙහෙමයි සෑහෙන කාලයක් තිස්සේ වෙනසක අවශ්‍යතාවයක්, පැවතුනු ක‍්‍රමවේදයේ වෙනසක් සොයමිනුයි හිටියෙ. ඒත් ඒ වෙනකොට ප‍්‍රසිද්ධියේ කතා කරන්න පුලූවන්කමක් තිබුණෙ නෑ. එහෙම කතා කළා නම් ජීවිතේ පැත්තකට තියන්න සිදුවෙනවා. නිහ`ඩව විමසිල්ලෙන් හිටියා. ජනවාරි 8 වාැනිදා ජනාධිපතිවරණයේදී තමයි ඍජුවම බලපෑම් කරන තැනකට ආවෙ. ජනතා විමුක්ති පෙරමුණ හු`ගක් වෙලාවට ඉන්නෙ සමාජ බලපෑම් එක්ක. ඔවුන්ගෙන් ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. මම හිතුවා මට නැවතිලා දෙයක් කරන්න පුලූවන් කිට්ටුම තැන එතැන කියලා.

මේ සූදානම ඉදිරි මැතිවරණයකට ඉදිරිපත්වෙන්නද?

නෑ. නෑ. මගේ වෘත්තීය මට්ටමෙන් හඩක් නංවන්නයි මට ඕනෑ. ඡන්දෙ ඉල්ලන මට්ටමට එන්න මට වුවමනාවක් නෑ. ඒක බාර¥ර වගකීමක්. මගේ ජීවිතේ ඉදිරි කාලයේදී මට ඒ වගේ වගකීමක් දරන්න බෑ.

අලූතෙන් දායක වෙච්ච සිනමා නිර්මාණ මොනවාද?

සෝමරත්න දිසානායක මහත්මයාගෙ අලූත්ම චිත‍්‍රපටයේ ලිංගික විකෘති භාවයක් සහිත මානසික රෝගයකින් පෙළෙන පිරිමියෙකු සමඟ ජීවිත කාලය ගතකරන ගැහැනියකගේ චරිතයක් මට ර`ගපාන්න ලැබිලා තියෙනවා. දෙසැම්බර් 01 වැනිදා රූගත කිරීම් පටන් ගන්නවා. ටෙලි නාට්‍ය දෙකකුත් විකාශය වෙන්න තියෙනවා.
දැන් ජනප‍්‍රිය ධාරාවේ චිත‍්‍රපටවල ර`ගපාන්නෙම නැද්ද?

ජනවාරි 7වැනිදා ජුනයිඞීන් මහත්මයාගේ චිත‍්‍රපටයක රගපෑම් පටන් ගන්නවා. ඒක හාස්‍යමය චිත‍්‍රපටයක්. මම සිනමාවෙ මේ දෙපැත්තෙම මිශ‍්‍රනයක්. මේ දෙපැත්තෙන්ම යන්නයි මගේ කැමැත්ත.

ඔයාගෙ රූපය අදටත් එදා වගේමයි. කවුරුත් ඒ ගැන කියනවා. ඒක රහසක්ද?
(සිනහසෙමින් මාත් හොයනවා උත්තර. තාම හම්බවුනේ නෑ. ඒකට යම්කිසි භාග්‍යයකුත් ඇති. මං යථාර්ථය එක්ක ජීවත්වෙන කෙනෙක්. කෑම, ව්‍යායාම, සිතේ නිදහස්බව , සරළකම එක්ක රූපය පවතිනවා වෙන්නඇති. මට හිතෙන්නෙ වෙහෙසවෙන්න ඕනෑ මානසික සුවයට කියලයි. මම හුඟක් වෙලාවට නිතර සමාජයේ ගැවසෙන කෙනෙක් නෙමෙයි. මට ෆේස්බුක් නෑ. හේතුව ඒවා අනවශ්‍ය කරදර ජීවිතයට එනවයි කියන හ`ගීමක් මට තියෙන්නෙ. ඒත් මගේ නමින් ෆේස් බුක් ගිනුම් 10ක් විතර තියෙනවාලූ. චට් කරනවාලූ. ඒවා කවුරු කරන ඒවාද කියලා කියන්න මම දන්නෙ නෑ. ඒත් මම කියන්න කැමතියි මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.ඒ දේවල්වත් හරියාකාරව භාවිතා කරන්න දන්නෙනැති සමාජයක මට ඒ දේවල් එක්ක ගැටෙන්න අමාරුයි. මං ගැටෙන්න බැරි තැන් වලින් ඈතයි. මට ගේ ඇතුලට ගේන අනවශ්‍ය කරදර නෑ.

ඔයා පවුල තුළ බැඳීම් ගැනත් බොහොම විවෘතව කතා කරනවා. කොහොමද ඔයාට එහෙම විවෘතව හිතන්න පත්න්න පුළුවන් කමක් ලැබුණෙ?

ලෝකයේ බොහෝ මානුශීය බැඳීම් අධ්‍යයනය කරන්න මං කැමතියි. අව්‍යාජත්වයට මං හරි කැමතියි. තමන්ට තියෙනවාට වඩා වැඩිය දෙයක් ලෝකයට පෙන්නන්නනෙ බොහෝ අය උත්සාහ කරන්නෙ. ජනයාට ප‍්‍රිය චරිතයක් විදිහට මං විවෘතයි. ස`ගවාගත්ත ජීවිතයක් මට නෑ.
පවුල තුළ ඔය තුන්දෙනා එකිනෙකා කෙරෙහි දක්වන සහෝගය සහ ප‍්‍රාර්ථනා ගැනත් කියන්න?
අපේ මේ පවුල තුළ ලොකුම ප‍්‍රා්ර්ථනය දරුවා සහ දෙමාපියන්. දරුවාට වගේම මගේ අම්මට තාත්තාට ආදරය ගෙෘරවය සැලකීම කියන කාරණා පවුල තුළ බොහොම ප‍්‍රීතිමත් දේවල්. පුතා තාත්තාවත් හොඳටම අඳුරනවා. අම්මාවත් හොඳටම අඳුරනවා. ප‍්‍රියංකර ලොකු සහයෝගයක් දක්වනවා. දරුවාගෙන් තොර ලෝකයක් එයාට නෑ. ජීවිතේ නිදහසේ ගලාගෙන යන්න හේතුව ඒක. එයාගෙ ලෝකය මගේ ලෝකයට වඩා වෙනස්. මිතුරු ඇසුරට, සමාජයේ ගැවසෙන්න, ගයන්න එයා කැමතියි. මම ඊට වෙනස්. ගෙදරට වෙලා ඉන්න, වැඩපල ඉවරකරල ඉක්මනට ඇඳට යන්නමං ආසා. හදිසියේවත් ඒක අවබෝධ නොවුණානම් අනිවාර්යයෙන්ම අපි අතරෙ ගැටළු මතුවෙනවා.අනිකාගේ නිදහසට ගරු කරනවා වගේම ඕනෑවට වඩා හාරා අවුස්සමින් හොයන්න යන්න හො`ද නෑ. හොයන්න ගියහම දේවල් අහුවෙනවා. ඇත්තටම පවුල තුල එකට ජිවත්වෙනකොට අනවශ්‍ය විපරම කියනදෙය බාධාවක්. අපි ජීවිතේ එච්චර පහළට වැටෙන්න හොඳ නෑ.

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday213
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1453
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10295
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028364

Follow us on Facebook

Online Users

We have 3 guests online