04
Dec

ඔව් මං කොපි කරන්නේ විජය මාමාව-රන්ජන්

දෙරණ සිනමා සම්මාන උළෙලේ ඔබ ජනප‍්‍රියම නළුවා. මේ ජනප‍්‍රිය සම්මානය හිමිවුණේ ඔබට කීවෙනි වතාවටද?

ස්ලිම් සම්මාන 12 විතර. සරසවි සම්මාන 6ක්. ජනාධිපති සම්මාන 3ක්. දෙරණ සම්මාන 2ක්. ඕ.සී.අයි.සී සම්මාන. හොඳම නළුවා විදිහටත් සම්මාන 3ක් ලැබිලා තියෙනවා. සම්මාන වලින් රාක්කය පිරිලා.

ඔබත් දිල්හානිත් ජනප‍්‍රිය නළු නිළි යුවල වීම නිසා මෙවර සම්මාන රාත‍්‍රිය වඩාත් සුන්දර වෙන්න ඇති නේද?

ඔව් සුන්දරයි. අතීතය මතක් වුණා. අතීත කතාවකුත් තියෙනවානෙ. ප‍්‍රථම වතාවටයි දිල්හානියි මමයි ජනප‍්‍රිය නළු නිළි යුවල විදිහට මෙහෙම එකම වේදිකාවක සම්මාන ලැබුවෙ.

ඇය ගැන මොකද හිතුනෙ?

ඇය ඉතා සන්තෝසෙන් හිටියා. ඇගේ ඇස් දෙකෙන් මං ඒ සතුට දැක්කා.

සිනමාව කඩා වැටිලා කියනවා. චිත‍්‍රපට දුවන්නෑ කියනවා. ඉස්සර වාගෙ ජනප‍්‍රිය නළු නිළියො රැඳ‍ෙන්නෑ කියනවා. ඒත් ඔබ නොකඩවාම ජනප‍්‍රිය නළුවා වෙන්න හේතුව මොකක්ද?

විජය මහත්තයාගෙනුත් ඔයවගේ ප‍්‍රශ්නයක් අහපු වෙලාවක එතුමා කිව්වෙ ජනතාවගෙන් තමයි අහන්න ඕනෑ කියලා. ඇත්තටම මිනිස්සුන්ට එපා වෙලා නෑ කියන එකයි පේන්නෙ. ඡන්දයේදීත් ඔවුන් ඔවුන්ගේ මනාපය ඉහළින්ම ලබා දුන්නා. ඇත්තටම ජනතාව මෙතරම් ආදරය කරන්නෙ නළුවෙක් වීම නිසාම නෙමෙයි. සමාජසේවා නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහටත්, දූෂණ වලට විරුද්ධව කෙළින් කතාකරන කෙනෙක් විදිහටත් ජනතාව තුළ මා කෙරෙහි යම් විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ සියලූ දේවල් එක්ක එකතුවෙච්ච ගෞරවය සහ ආදරය තමයි මේ.

ඔබත් විජය වගේ හොඳ හදවතක් තියෙන කෙනෙක්. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන කෙනෙක් කියලත් මිනිස්සු කියනවා. ජනප‍්‍රියත්වයට ඒකත් හේතුවක්ද?
ඔව් මම කොපි කරන්නෙ විජය මාමාව. පුංචි කාලෙ ඉඳළම මටත් නොදැනීම ඔහු මගේ වීරයා. ටික ටික වයසෙන් වැඩෙන කොට මම ඔහුගෙ අනුගාමිකයෙක් බවට පත්වෙනවා. වජිරඥාණ මාවතේ කාර්යාලයට මිනිස්සු ඔහුව දකින්න එන හැටි මං බලාගෙන ඉන්නවා. එහෙම දවසට ඔහුගෙ අතේ තියෙන සේරම මුදල් ඉවරයි. ඒ ගැන කාටවත් දැනෙන්න ඉඩ අරින්නෙත් නෑ. චිත‍්‍රපටවල වැඩ වලට ගියත් සුපිරි කෑම ඉල්ලන්නේ නෑ. විජය මාමා තරම් ජීවිතේ අවදානමක් අපේ සිනමාවෙ වෙන කවුරුවත් අරන් නෑ. විජය මාමා කොපි කරන්නෙ චේ ව. විජය මාමාගෙ ගෙදර බිත්තිවල චේ ගෙ පින්තූර තිබුණා. චේ වෛද්‍යවරයෙක්. වෛද්‍ය වෘත්තිය අතෑරලා දාලා ඔහු කියුබාවේ ජනතා ජයග‍්‍රහණවලට සම්බන්ධ වෙනවා. පිදෙල් කස්ත්‍රෝ අමාත්‍යතනතුරු දුන්නත් චේ ආයෙ යන්නෙ බොලීවියාවට. විජය මාමා චේ ගෙ චරිතයේ දේවල් ෆලෝ කළා. නගරසභාවෙවත් මන්ත‍්‍රීධූරයක් නොදරපු ඔහු ජනතාව අතරෙ විශාල ප‍්‍රසාදයක් දිනාගෙන හිටියා. ඔහු රාජ්‍ය දේපල වංචා කළේ නෑ. අල්ලස් ගත්තේ නෑ. හොරකම් කළේ නෑ. ජනතාව ඒ බව විශ්වාස කළා. හො`දම නළුවෝ කොපමණ හිටියත් ඔහු හැමදාමත් ජනප‍්‍රිය නළුවා. ඉතිං ඒ වර්ගයේ කුරුල්ලො ඒ ඒ කුරුල්ලන්ට ප‍්‍රිය කරනවා. එක අත්තෙ වහන්නෙ.

මෑත කාලයේ ඔබ දේශපාලඥයෙක් විදිහටත් වඩාත් ජනප‍්‍රීයයි. ඒ ජනප‍්‍රියත්වය ගැන මොකද හිතෙන්නෙ?

සැබෑ ජීවිතේ චරිතෙනෙ. පීපල්ස් ඇක්ටර් කියන්නෙ ඒකනෙ. ජනතාව එක්ක ඉන්නවානම් ජනතාව ප‍්‍රතික‍්‍රියා දක්වනවා.

විජය වගේ හොඳ හදවතක් තියෙන, කොන්ද කෙළින් තියාගෙන වැඩකරන කෙනෙක් කියලත් මිනිස්සු කියනවා. ජනප‍්‍රියත්වයට ඒකත් හේතුවක්ද?

තමුන් ආදරය කරන මිනිහා කෙලින් කතා කරන කෙනෙක් වෙන්න ඕනෑ. ඇත්ත වෙනුවෙන් කතා කරන එක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ලොකු වටිනාකමක් තියෙනවා. ඇත්ත නැති රටක ලොකු ජීවිත අවදානමක් අරගෙන ඉන්න බව මිනිස්සුන්ට දැනෙනවා.

ඇවන්ගාඞ් ප‍්‍රශ්නයේදී අමාත්‍ය රාජිත සේනාරත්නට මිලියන ගණනක අල්ලසක් දෙන්න ගියා කියන සාක්ෂිත් එක්ක ඔබ පසුගිය දා අල්ලස් හා ෂණ කොමිසමට ගියා නේද?

ඔව්. රාජිත ඇමති තුමා ගෘප් මීටන් එකේදි කිව්වා. එයාට ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක කටවහං ඉන්න කියල මාසෙකට මිලියන විස්සක ඔෆර් එකක් කළා කියලා. එයා ඒක ප‍්‍රතික්ෂේප කළා කියලත් කිව්වා. මේක ඇවන්ගාඞ් සභාපතිවරයා අල්ලස් දෙනවා කියල ඔප්පු කරන්න හො`දටම ඇති. ඒ හ`ඩපටය අල්ලස් ¥ෂණ කොමිසමට බාර දුන්නා.

ඔබ මේ කරන සටන එක වෙලාවකට හුදෙකලා සටනක් කියලා පේනවා?

ඔව් . ඔබ කියන එක හරි. හුදෙකලා සටන් කරුවා කියලා කියනවානෙ. මම හුදෙකලා වෙන්නෙ සත්‍යයත් එක්ක. ඒකට මං කැමතියි. මං මේ පක්ෂ දේශපාලනයට ගැලපෙන්නෑ කියල වෙලාවකට මට හිතෙනවා. සමහරදාට මං පාර්ලිමේන්තුවෙ කෑම කන්නෙත් පැත්තකට වෙලා. වටපිට බලනකොට හරක් හොරු, මාල කඩාගත්ත අය, ගෑණු මරපු අය, එතනෝල් කාරයො, කුඩු කාරයො, කප්පං ගත්ත අය පේනවා. මේ කට්ටියට මං සෙට් වෙන්නෙම නෑ. ඒ හින්ද ෆොටෝ ගනිද්දිත් මං ප‍්‍රවේසම් වෙනවා. මට ගොඩක් දේවල් අහිමිවෙයි. ඒත් මං ගෙදර ඇවිල්ල සන්තෝසෙන් නිදා ගන්නෙ මගේ ඩියුටිය හරියට කළා කියලා.

මේ ඔබට සතුරො වැඩිවීමක් නෙමෙයිද?

අනිවාර්යයෙන්ම සතුරො වැඩියි.පක්ෂය ඇතුළෙ, විපක්ෂයෙ, ජනතාව අතරෙත් සතුරො ඉන්නවා. කුණුවී ගිය සමාජයක අපි ඉන්නෙ. මහින්දපාලනයේ දූෂිතයො ආරක්ෂ කළානෙ. දූෂණයෙන් පිරුණු ලෝකයේ ලොකු අවදානමක් . කොයි වෙලාවේ මරලදායිද දන්නෙ නෑ. නමුත් මගේ හෘදසාක්ෂිය මාළ`ග තියෙනවා. මට හිංසා කරන පීඩා කරන නඩු දාන අයට හෘද සාක්ෂිය අහිමිවෙලා. ලෝකෙ පුරා ඇත්ත කතා කරන අයට තමන්ගෙ හෘද සාක්ෂිය තියෙනවා. හැබැයි ජීවිතේ කෙටියි. බැනුම් අහන, ගුටිකන ප‍්‍රවනතා වැඩියි.

සතුරො වැඩිවීම ජනප‍්‍රියත්වයට බාධාවක් වෙන්නෙ නැද්ද?

එහෙම වෙලා නෑ. මිනිස්සු ඇත්ත අ`දුනනවා. ෆේස් බුක් එකේ ලක්ෂ හතරකට ආසන්න පිරිසක් මාත් එක්ක ඉන්නවා. මං ඒ එක්ක නුදෙනු කරනවා. කොච්චර සතුරො හිටියත් මට ගහන්න මං ඔවුන්ට ආයුධ දිල නෑ. ඒකත් ජනතාව දන්නවා.

අපි සිනමාව ගැන කතා කරමු . දැන් සිනමාවට මොකද වෙමින් පවතින්නෙ?

අලූත් ආණ්ඩුව සිනමාකරුවාට තහංචි දැමීම නවත්තලා. රජාට කැමති චිත‍්‍රපට පෙන්නපු කාලයක්නෙ තිබුණෙ. ගයන්ත අමාත්‍යතුමා සැදී පැහැදී ඉන්නවා. නිරවුල්ව කටයුතු කරගෙන යන්න. ඩිජිටල් කරණය වෙලා සිනමා ශාලා ටික හැදිලා පේ‍්‍රක්ෂකයින්ට අවහිරතාවයකින් තොරව සිනමා ශාලා වලට එන්න කටයුතු කරගෙන යනවා. ඒකට ටික කාලයක් දෙන්න. මමත් ඒ ගැන අවදියෙන් ඉන්නෙ.

පසුගිය ආණ්ඩුවේ කලාකරුවන්ට වගේ ඔබටත් අවසානයේදී කියන්න සිදුවෙයිද අපිට මොනවත් කරන්න බැරි වුණා කියලා?

මට අපේ අයට විරුද්ධවත් අල්ලස් කොමිසමට යන්න පුළුවන් වුණානම් ඔයවාගෙ දෙයක් කියන්න වෙන්නෙ නෑ. ඉදිරියට තව අවුරුදු එකහමාරක් දීල ඊට පස්සෙ මට බනින්න. මිලියන විසිපහක් මේ බජට් එකෙනුත් කලාකරුවන්ගෙ විශ‍්‍රාම වැටුපට වෙන්කරල තියෙන්නෙ. ඔවුන් වෙනුවෙන් නිවාස වැඩ පිළිවෙලක් තියෙනවා. ඉදිරියේදී ඒ සියළු කටයුතු සිදුවෙනවා.

සරසවිය සහ ජනාධිපති සිනමා සම්මාන උළෙල නොපැවැත්වීම ගැන ඔබත් නිතර කතා කළා. තාමත් ඒ ගැන දින වකවානුවක්වත් නැද්ද?

කර්තෘතුමාත් මට කතා කරල කිව්වා. බජට් අනුමත වෙලා තියෙන්නෙ. ඉදිරියේදී ඒවා සිදුවෙයි.

හැමදාමත් අන්තිමේදි මාධ්‍යවේදියො ඔබගෙන් අහන ප‍්‍රශ්නයක් තියෙනවානෙ. මෙතරම් ජනප‍්‍රියත්වයක් හිමිව තියෙද්දිත්, දේශපාලනයේ කැපීපෙනෙන චරිතයක් වෙලා ඉ`දිත්දිත් ජීවිතේ අඩුව සපුරා ගන්න තාමත් හිතලා නැද්ද කියලා. රසිකයො ඒ ගැන දැන ගන්න කැමැත්තෙන් ඉන්නවා?
තනිකඩ ජීවිතය ගැනද ඔය කියන්නෙ?

විවාහ වුණොත් මටත් පුතා රජෙක් කරන්න හිතෙයි. දුව රැුජනක් කරන්න හිතෙය. බිරි`ද සම්බන්ධීකරණ ලේකමිවරිය කරගන්න හිතෙයි. ඉතිං මං මොකටද එතැනට යන්නෙ.හැට හතර දහස් පන්සීයක වටුප එක්ක සේරම දෙලක්ෂ හරටහතරදාහක් ලැබෙනවා. ඒත් ලක්ෂයක වියදමක්වත් යන්නෙ නෑ. ආණ්ඩුවෙන් ගෙයක් දීලා තියෙනවා. සිනමාවෙන්, ටෙලි නාට්‍යය වලින් ,වෙළඳ දැන්වීම් වලින්, ගීත ගයලා ලැබෙන මුදල් සේරම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවන්න මට පුළුවන්. ඔය සේරම කරන්න පුලූවන් වුනේ මං තනිකඩ හින්දා. නැත්නම් මෙහෙම ගැහැණු ළමයෙක් එක්ක ? දොළහත් පහුවෙනකම් දුරකථනයෙන් කතා කරන්න බිරිඳක් ඉඩ දෙයිද? තනිකම වගේ සුවක් ලොවේ... මිනිසත් බවේ තවත් නොවේ.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday3657
mod_vvisit_counterYesterday197
mod_vvisit_counterThis week4310
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month17960
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2131463

Follow us on Facebook

Online Users

We have 16 guests online