05
Dec

සිග්නීස් සම්මාන උළෙලේ විිනිශ්චය මණ්ඩලය හොඳම නළුවා සම්මානය දුන්නේ ජාත්‍යන්තර ලේබලයට බයේ නෙවි-ජගත් චමිල

සිග්නිස් සම්මාන උළෙලේ හොඳම සිනමා නළුවා ඔබ. එක සම්මාන උළෙලකට ඔබව මඟ ඇරෙද්දි අනෙක් සම්මාන උළෙලෙන් ඔබව අගයනවා. ඒ ඇගැයීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේ සම්මානය මම විතරක් නෙවෙයි මේ රටේ සැමීට ආදරය කරපු අයත් බලාපොරොත්තු වුණ ඇගැයීමක්. 2013 ජුනි මාසයේදී සැමී වෙනුවෙන් රටට අභිමානයක් ගේන්න මට පුළුවන් වුණා. ඒ වගේම සැමී වෙනුවෙන් මටම කියලා සම්මානයක් ලැබුණේ ර්ණීඛ්ධ්ඛ් සම්මාන උළෙලෙදී. චිත්‍රපටය බලපු එය ඇගැයීමට ලක් කරපු අය මේ සම්මානය බලාපොරොත්තු වුණා. ඒ බලපොරොත්තුව ඉෂ්ට කරලා සැමීව මේ මහ පොළොව මත OCIC සම්මාන උළෙලෙන් ස්ථාපිත කළා.


නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා වුණ ඔබට සැමීගේ චරිතය වෙනුවෙන් ලංකාව තුළ හොඳම නළුවා වෙන එක අභියෝගයක් කියලා හිතුණද?

ඔව්. ඒක පැහැදිලිවම අභියෝගයක්. නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී චිත්‍රපට තිස් පහක් අතරින් යම් තරගයක් දීලා තමයි ඒ සම්මානය හිමි වුණේ.

නමුත් ඊට පස්සේ නිර්මාණය වුණ හොඳ නිර්මාණ, හොඳ රංගන ශිල්පීන් මේ සම්මාන උළෙල වෙනුවෙන් ඉදිරිපත් වුණා. සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස් වැනි දක්‍ෂ රංග ශිල්පීන් සිටින චිත්‍රපට එක්ක හැප්පෙන එක අභියෝගයක්. සැමීට මේ ඇගයීම ලැබුණේ එවැනි දක්‍ෂයන් පිරිසක් අතින්. සරත් අයියා, කුමාර අයියා තිස් වසරක යුද්ධය අවසාන කළාට පස්සේ තිබුණු යුද මානසිකත්වය පිටපතක් ඇසුරින් ඉදිරිපත් කරලා නිලේන්ද්‍ර දේශප්‍රිය නිර්මාණයක් විදියට ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනාවා. ඒ කථිකාව අපි සමාජය ඇතුළේ බෙදා හදාගත යුතුයි. ඒ වගේම සැමීගේ කතාව තුළ තිබෙන දේශපාලන සමාජ කථිකාව සමාජ ගත කළ යුතුයි. ඒකයි විය යුත්තේ. එය සමාජ ගත කරන්නේ නිව්යෝර්ක් හන්දියේ තිබ්බ සම්මාන උළෙලක්ද කොළඹ තිබ්බ සම්මාන උළෙලක්ද, යාපනය හන්දියේ තිබ්බ සම්මාන උළෙලක්ද කියන දේ නෙවෙයි වැදගත්. නිර්මාණාත්මක කාරණා කොයි තරම් දුරට ඇතුළත් වුණාද කියන කාරණයයි වැදගත්.

ඔබ ජාත්‍යන්තර ඇගැයීමට ලක්වීම මේ සම්මාන උළෙලේ ඔබ හොඳම නළුවා ලෙස අභිෂේක කරන්න හේතුවක් කියලා හිතෙන්නේ නැද්ද?

සම්මානයක් ලබාදෙද්දී නිර්මාණය කොයි තරම් දුරට සාර්ථකද කියන දෙයයි වැදගත්. නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලෙදිත් ඔවුන් බලලා තිබ්බේ නිර්මාණය සඳහා මනුෂ්‍යයාව කොච්චර දුරට භාවිත කරනවද කියන කාරණය. OCIC  සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරපු චන්දිමා නිශ්ශංක, ගුණසිරි සිල්වා, තිස්ස ප්‍රේමසිරි, අජන්තා හපුආරච්චි, සුනිල් මිහිඳුකුල, චන්ද්‍රසිරි රාජපක්‍ෂ කියන විද්වතුන් නිර්මාණයක මනුෂ්‍යයාව කොයි තරම් දුරට භාවිත කර තිබෙනවද කියන කාරණය සලකා බලලා තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. එහෙම නැතිව ජාත්‍යන්තර ලේබලයක් තිබ්බා කියලා ඔවුන් ඔවුන්ගේ තීරණය ගන්න බය වෙලා තිබ්බේ නැහැ.

සැමීගේ කතාව තුළ තිබෙන නිර්මාණාත්මක ගුණය ගැන ඔබ කතා කරද්දී සමහරු කියනවා නිර්මාණයක් විදියට සැමීගේ කතාව බංකොලොත් කියලා?

එහෙම කියනවා නම් කියන්නේ ඒ ඒ අය ඒ නිර්මාණය කියව ගන්න විදිය අනුව. අපි හැම
තිස්සෙම ඍණාත්මකව අදහස් ප්‍රකාශ කරන්නේ. අපි ඔය මානසිකත්වයෙන් එළියට එන්න ඕන. සැමීගේ කතාව බංකොලොත් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙනම් නම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ සුනන්ද මහේන්ද්‍ර මහත්මයා සැමීගේ කතාව පිළිබඳ කථිකාවක් ගොඩනඟා ගන්න සැමීට ආරාධනා කරන්නේ නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිනමා විචාරයක් ගොඩනඟන්න ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒ වගේම ocic සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය තුළත් විශ්වවිද්‍යාල ආචාර්යවරු නියෝජනය කළා. නිර්මාණය බංකොලොත් නම් සම්මාන නවයක් ලැබෙන්න විදියකුත් නැහැ.

ocic සම්මාන උළෙලේ සැමීගේ කතාවට සම්මාන මෙතරම් ලැබෙද්දී දෙරණ සිනමා සම්මාන උළෙලේ සැමීගේ කතාව වගේම සැමීවත් මඟහැරෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද?

අපි ගෙවල් ඇතුළේ ඉඳන් තර්ක හදාගෙන එළියට බැස්සම ඒ තර්ක එළියට බැස්ස අපිට හම්බෙන්නේ නැහැ. ඒ විනිශ්චයත් මම භාර ගන්නවා. මම ඒක ප්‍රත්‍යක්‍ෂ කරන්න යන්නේ නෑ. මොකද ඒ ගැන කතා කරනවට ඊට එහා ගිය ලෝක සත්‍යයක් මම විශ්වාස කරනවා. මගේ ක්‍රමවේදය තුළ තරගයක් නැහැ. නිර්මාණාත්මක කථිකාවක් හදාගන්න උනන්දුවක් විතරයි මට තියෙන්නේ.
එක සම්මාන උළෙලක සැමීව මඟ හැරෙන්නයි අනෙක් සම්මාන උළෙලේ සැමී හොඳම නළුවා වෙන්නයි කොතැන හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතෙන්නේ නැහැ. මම අදහන දර්ශනයට අනුව හරි, වැරදියි කියලා දෙයක් නැහැ. මම විශ්වාස කරන බුද්ධ දර්ශනය ඇතුළේ මට කිසිම පුද්ගලයෙක් එක්ක විභේදනයක් නැහැ.

මගේ විශ්වාසය තියෙන්නේ වෙන තැනක. නිව්යෝර්ක් සිටි සම්මාන උළෙලේ මට සම්මානය ලැබුණම එරට මාධ්‍යවේදීන් මගෙන් ඇහුවා මෙවර හොඳම නළුවා වුණ ඔබ තව අවුරුදු පහකින් අපිට මුණ ගැහෙන්නේ කොහොමද කියලා. මම කිව්වා අද ඉන්න ජගත් චමිල නෙවෙයි එදාට ඉන්නේ මීට වඩා ඊට එහා ගිය ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය වුණ කෙනෙක් කියලා. මම ඒ දර්ශනය විශ්වාස කරනවා. ඒ දර්ශනය තුළ කාලය, තරගය, හරි වැරැදි නැහැ. ඒකට වැදගත් බුද්ධි අවබෝධය විතරයි. දෙරණ සිනමා සම්මාන උළෙලේ සම්මාන නොලැබුණාට නිර්දේශ වීමත් සම්මානයක් ලැබීමක්. ඒ අයගේ ගෞරවාන්විත විනිශ්චය අපි විශ්වාස කරනවා.

සැමී හොඳම නළුවා වුණාට සමහර විචාරකයන් කියනවා සැමී තුළ තියෙන්නේ අධි රංගනයක් කියලා?

මම මේක අහපු පළමු වැනි වතාව මේක. සැමීගේ චරිතය තුළ තියෙන්නේ ඇතුළාන්තයෙන් කරන රංගනයක්. මේ තුළ අධි රංගනයක් නැහැ. අධි රංගනයත් වරදක් නෙවෙයි. ඒකත් රීතියක්. ඔය දෙකම තුළ ඉන්න පුළුවන් කෙනා තමයි ශිල්පියා. කොහොම වුණත් එක එක පුද්ගලයන්ට තමන් ඉන්න තැන ඉඳගෙන අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්නේ. එක අවස්ථාවක ජෝන් ඩෑෂ් ඔහුගේ විචාරයක් තුළ කියලා තියෙනවා. මම සැමී ලෙස කරන චරිතයත් ලෙනාඩෝ කැප්රියෝ ඹඩචබ'ඵ ඥචබඪදඨ ඨඪතඡඥපබ ඨපචනඥ හි කළ චරිතයත් අතර වෙනසක් දකින්නේ නෑ කියලා. සැමී තුළ තියෙන්නේ අධි රංගනයක් කියලා කියන අයට වගේම අනිත් අයටත් මේ විචාරය ඹඹඹ.බථචඬඹධපතඤ.ජධථ කියන වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්.

තිලිණි කෞෂල්‍යා (හදගැස්ම)



Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday146
mod_vvisit_counterYesterday194
mod_vvisit_counterThis week1631
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12469
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030538

Follow us on Facebook

Online Users

We have 9 guests online