19
Dec

මම රඟපාන්නේ ආසාවට මිසක් සම්මාන ගන්න නෙවෙයි-මිෂෙල්

සිනමාවට එන්න අපහසුයි. සිනමාවේ හොඳම නිළිය වෙන්න ඊටත් වඩා අපහසුයි. හැබැයි කෙටි කාලයක් ඇතුළත සිනමාවට ඇවිත් හොඳම නිළියක් ලෙස සම්මානනීය වෙන්නත් මිෂෙල්ට පුළුවන් වුණා? ඒ ගැන මොකද හිතෙන්නේ?

මම වේදිකාවත් එක්ක එකතු වුණේ පුංචි කාලේ. සිනමාවට එකතු වෙලා නම් එච්චර කාලයක් නැහැ. මම සම්බන්ධ වුණු කර්ම චිත්‍රපටය වෙනුවෙනුත් මට හොඳම නිළිය සම්මානයක් ලැබුණා 2013දී. ඒක මගේ පළමුවැනි චිත්‍රපටය. හිරු  සම්මාන උළෙලේදීත් මාව හොඳම නිළියට නිර්දේශ වුණා. මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය ලැබුණේ කේසරා චිත්‍රපටය වෙනුවෙන්. ඇත්තටම ලොකු සතුටක් තියෙනවා සම්මානනීය වෙන්න ලැබීම ගැන.

කෙටි කාලයක් ඇතුළත හොඳම සම්මානය දෙවතාවක්ම ගන්න පුළුවන් වුණේ වාසනාව නිසාද? නැත්නම් දක්ෂකම නිසාද?

ඒක දක්ෂකමට ලැබුණු දෙයක් කියලා හිතන්න මම කැමැතියි. ඒත් එක්ක වාසනාවත් තියෙන්න ඇති.

කේසරා චිත්‍රපටයේ සේරා සම්මානනීය ඇගැයුමකට සුදුසු චරිතයක් වෙයි කියලා හිතුවද?

මම රඟපාන්නේ ආසාවට මිසක් සම්මාන ගන්න නෙවෙයි. මේ චරිතය කරද්දී එහෙම සම්මානනීය වෙන්න හිතාගෙන චරිතය නිරූපණය කළේ නැහැ. මම මිස්ටර් ජයසිංහටත් කිව්වා මේකට සම්මානයක් ලැබෙන්නේ නෑ කියලා. මේ චරිතය පෞද්ගලික ජීවිතේ මමමයි. මම මගේ චරිතය නිර්මාණය තුළ ප්‍රතිනිර්මාණය කළා.

මෙවර හොඳම නිළිය සම්මානය වෙනුවෙන් ඔබට කිසිම තරගයක් තිබුණේ නෑ නේද?
ඔව් මේ සම්මානයට නිර්දේශ වෙලා හිටියේ මම විතරයි.

හොඳම නිළියට නිර්දේශ වුණු එකම කෙනා ඔබ නිසා සම්මාන උළෙලට යන්න ඇත්තේ සම්මානය ගැන බලාපොරොත්තුවෙන්ම වෙන්න ඇති?

ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ මම නිර්දේශ වෙලා හිටියේ හොඳම නිළිය සම්මානයටද කියලවත්. දෙරණෙන් කිව්වා මාව සම්මානයකට නිර්දේශ වෙලා කියලා. සම්මාන උළෙල තියෙන දවසෙත් ඛ්චතත කරලා මම එනවද කියලා ඇහුවා. මම එනවා කියලා කිව්වා. මම ගියේ සම්මාන උළෙල බලන්න. හොඳම නිළියට නිර්දේශ වෙලා වෙන නිර්දේශ නැතිවම මට සම්මානය ලැබෙද්දි මම පුදුම වුණා.

මිෂෙල් වගේම ඒ ගැන අනිත් අයත් පුදුම වෙන්න ඇති?

ඔව්... මාත් එක්ක ඒ වෙලාවේ මගේ හස්බන්ඩ් මං ළඟ හිටියා. එයාටත් ඒ ගැන පුදුමයි.

හොඳම නිළිය සම්මානයට සුදුසුකම් තිබ්බ එකම කෙනා ඔබම විතරයි කියලා හිතනවද?

මම අනිත් චිත්‍රපට බැලුවේ නැහැ. ඒ නිසා මම ඒක හරියට කියන්න දන්නේ නැහැ. හැබැයි මම කරන වැඩ හරිම ඛ්පඪබඪජචත. ගොඩක් අයත් මට හොඳයි කියලා කිව්වා.

ඒ කියන්නේ මේ විනිශ්චය ගැන ඔබ වගේම අනිත් අයත් සතුටු ඇති කියලා හිතනවාද?
හැම කෙනාම එක වගේ නෙවෙයිනේ. එක එක කෙනාට තියෙන්නේ එක එක අදහස්. හැබැයි ගොඩක් අය මට සුබ පැතුවා. ඉතින් මං වටේ ඉන්න අය සතුටු නම් මටත් ගොඩක් සතුටුයි.

වෘත්තීයමය නිළියන්ට වෙන් වෙලා තිබ්බ හොඳම නිළිය සම්මානය වෘත්තීයමය නොවන නිළියකටත් ලබාගන්න පුළුවන් කියලා මිෂෙල් ඔප්පු කළා නේද?

ඔව්. ඇත්තටම සියයට සියයක්ම රංගනය වෙනුවෙන් ඉන්න ශිල්පීන්ටත් මම ගෞරව කරනවා. ඒ අයටත්
ඇගයීමක් ලැබෙන්න ඕනේ. වෘත්තීය නිළියක් නොවුණට මමත් මගේ චරිතය වෙනුවෙන් කැප වෙනවා. ඕනම කෙනෙක්ට ඇගයීමක් ලැබෙන්න කැපවීම වගේම දක්ෂතාවත් තියෙන්න ඕන.

වෘත්තීයමය නිළියක් නොවුණු මිෂෙල්ට සම්මානයක වටිනාකමක් තියෙනවාද?

ඔව්... මට ඒක ගොඩක් වටිනවා. මම රංගනයේ යෙදෙන්නේ ගුරු වෘත්තියේ නියැළෙන ගමන්. ඒ වගේම මම මාස්ටර් එකට පාඩම් කරනවා. දරුවන්ගේ වැඩත් කරනවා. මේ හැම දෙයක්ම එක්ක තමයි රංගනයටත් කාලය වෙන් කළේ. ඉතින් මට මේ ඇගැයීම වටිනවා.

හොඳම නිළි සම්මානයත් එක්ක රංගනයට ආරාධනා වැඩි ඇති?

ඊට පස්සේ නම් ආරාධනා ලැබුණේ නැහැ. මම අන්තිමට කළේ කේසරා චිත්‍රපටය විතරයි.

හොඳම නිළිය වුණු නිසා නිර්මාණවලට සම්බන්ධ වෙද්දි ගණන් උස්සයි නේද?

මම මුදල් බලාගෙන වැඩ කරපු කෙනෙක් නෙවෙයි. අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක් නම් තිර රචනය හොඳ නම් ඒකෙන් සමාජයට පණිවුඩයක් දෙනවා නම් ඒ නිර්මාණයට මම සම්බන්ධ වෙනවා. එහෙම නැතිව මුදල් ගැනම හිතලා වැඩ කරන්නේ නැහැ.

සම්මානනීය ඇගැයුම් ලැබුණු නිසා රංගනයට වැඩි බරක් දෙන්න කැමැති නැද්ද?

ගුරුවරියක් විදියට ලොකු සතුටක් මට ලැබෙනවා. ඒක සම්මානයක් ලැබෙනවට වඩා තෘප්තිමත් දෙයක්. හැබැයි රංගනයත් මගේ ජීවිතයට ඕන. මොකද ඒක මගේ ජීවිතය සම්පූර්ණ කරනවා. කේසරා කළායින් පස්සේ වෙන මුකුත් කරන්නේ නෑ කියලා හිතුවා. ඒත් සම්මානයකුත් ලැබුණු නිසා හොඳ දෙයක් ලැබුණොත් කරනවා.

ඒ කියන්නේ සම්මානය තමයි මිෂෙල්ව ක්‍ෂේත්‍රය තුළ නතර කර ගත්තේ?

මම රංගනයට කැමැතියි. වේදිකා නිර්මාණ මම කොහොමත් කරනවා. මම මං ගැන අඩු තක්සේරුවක් කරන නිසා තමයි ආයේ මුකුත් කරන්නේ නෑ කියලා හිතුවේ. ඒත් දැන් මම දෙයක් නොකළොත් අපරාදේ. මම තමයි හොඳම නිළිය කියලා හිතාගෙන වැඩ කරනවා නෙවෙයි. ඒත් හොඳ දෙයක් ලැබුණොත් සිනමාව තුළත් වැඩ කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (හදගැස්ම)

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday602
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week602
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12165
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099256

Follow us on Facebook

Online Users

We have 200 guests online