31
Dec

පැතුම් ඉටුකරගත හැකි සුබ නව වසරක් වේවා !

ශ්‍රී ලංකාවාසී සැමට පැතුම් ඉටුකරගත හැකි  සුබ නව වසරක් වේවායි පතමු ! එසේම නව වසරේ අප සමග    ඔබට සුබ පතන්නට  ඔබේ  ප්‍රියතම   කලාකරුවෝත් මෙසේ  එකවූහ

 


සතුටින් විසිය හැකි වටපිටාවක් සැකසේවා-මාලිනී ෆොන්සේකාෙ

හැමදාම වගේ මේ අවුරුද්දෙත් මම ප්‍රාර්ථනා කරන්නෙ සියළු දෙනාටම සතුටින් ජීවත් විය හැකි වට පිටාවක් සැකසේවා කියලයි. කොයි කා තුළත් ඇති ගැටළු විසඳිලා, ගැටළු වලට නිසි පිලිතුරු ලැබිලා  හොඳින් ජීවිතය ගත කරන්නට හැකි වේවා! ඒ සඳහා සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

 

සකල ලෝකවාසීනටම සුබ නව වසරක්!-අමරසිරි කලංසූරිය

 

 ථනා කරමි.

අලුත් වැඩකට අත ගහනවා-ශ්‍රියාණි අමරසේන

මුලින්ම 2016 වසර සැමට සුබ නව වසරක් වේවා! කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පොදුවේ අපේ රටේ කලාවේ ප්‍රගතියක් ඇති වේවා! සිනමාවට ප්‍රබලව බලපාන ඩිජිටෙල්කරණය කටයුතු නිසි අයුරු ඉටුවේවා! ටෙලි නාට්‍ය ක්ෂේත්‍රෙය් පවතින ගැටළු නිරාකරණය වේවා! මගේ මේ ප්‍රාර්ථනාවන් එක්ක කලාවට ආදරය කරන රසිකයො හැමදෙනාමත් එකතුවන බව මං දන්නවා. ඒ අයට කියන්නත් සුබ ආරංචියක් මට තියෙනවා.  නව නිර්මාණ කිහිපයකටම මේ නව අවුරුද්දේ අතගසන්න සූදානම් කියලා. ඒ නිර්මාණ සමඟින් අලුත් රංගන කාර්යයකට මං සූදානම්. ඉතිං හැමෝටම සුබ නව වසරක් වේවා! රටට යහපතක්ම සිදුවේවා! මේ අපේ රට කියන හැඟීම සැම දෙනා තුළම ඇති වේවා!

 

 

හොද නිර්මාණවලට දායකවෙනවා-සබීතා පෙරේරා

ගෙවී ගිය වසරේ මං දායක වූ නිර්මාණ වලට ප්‍රතිචාර දක්වමින් මා සමඟ රැඳී සිටි රසික රසිකාවියන් ඇතුළු සියළු රට වැසියන්ට සාමය, සතුට පිරි සුබ නව වසරක් වේවා!  ලැබුවා වූ 2016 මේ නව වසරේ හොඳ නිර්මාණ සමඟින් ප්‍රේක්ෂකයන් හමුවට එන්නට මං බලාපොරොත්තුවෙන් ඉන්නවා.හොඳ නිර්මාණ දකින්නට බලා ඉන්න හොඳ නිර්මාණ වලට ආසා කරන සියළු දෙනාටම මේ නව වසරේ ඊට ඉඩකඩ ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.

 

 

පැතූ වෙනස  ඉටුවේවා1- දිල්හානි ඒකනායක

මගේ ප්‍රාර්ථනය හැමදාම මේ රට වෙනස් වෙවී ඉදිරියට යන්න ඕනෑ කියන එකයි. හැමදාමත් පීඩා විඳින ජනතාවට සහනය ලැබෙන්න ඕනෑ කියන එකයි. සැබෑ නිදහස භුක්ති විඳින්න පුළුවන් වාතාවරණයක් සැකසේවා!අපි බලාපොරොත්තු වෙච්ච වෙනස මේ රටේ ජනතාවට අත්විඳින්න ලැබේවා! ඒකයි මගේ ප්‍රාර්ථනය.

 

 

ජනතා සෙත සැලසේවා!-සේමිණී ඉද්දමල්ගොඩ

ලැබුවාවූ මේ නව වසරේ නව රජය යටතේ අපි ප්‍රාර්ථනය කළ, ජනතාවට සෙත සැලසෙන සියළු දේවල් ඉටු වේවා! අපි බලාපොරොත්තු වූ වෙනස, විශ්වාස කළ වෙනස මේ රටේ සියළු දෙනාට ලැබේවා! කියල මම ප්‍රාර්ථනා කරනවා.

 

සිනමා කර්මාන්තයට යහපතක් වේවා1-සනත් ගුණතිලක

මේ රටේ ජීවත් වන පුද්ගලයෙක් හැටියට නත්තල් සමයේ කතා කරන සාමය, සුහදත්වය සදාකල් පවතීවා කියල මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ප්‍රධානම කාරණය සාමය. සාමය - සතුට මේ රටේ හැමෝටම ලබා දෙන්නට රජයට හැකියාවක් ලැබේවා කියල මම පතනවා. ජනතා හඬට කන්දීලා ඊට සුදුසු විදිහේ ප්‍රතිකර්ම කරලා සුබදායී ගමනක් යන්නට රජයට හැකි වේවා! ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. එහිදී අනවශ්‍ය පීඩනයක් ඇති නොකෙරේවා! පටු වාසි වලට වහල් වෙලා එම ගමන අඩාල නොකරත්වා කියලත් මම කියන්න කැමතියි. සිනමාව නම් තවමත් කණගාටු දායක තැනක්. ඒ පිළිබඳ ස්ථිරසාර ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනෑ.මේ රජයෙන් ඒ පිළිබඳ යහපත් ප්‍රථිපලයක් ලැබිල මේ කර්මාන්තයට යහපත් තත්ත්වයක් උදාවේවා!

 

 

මැදපෙරදිග යන අයට යුක්තිය ඉටුකරනවා!- රන්ජන් රාමනායක

පසුගිය වසර මැතිවරණ වසරක්. කලා නිර්මණ වලට සම්බන්ධ වුණේ අඩුවෙන්. ඒත් ජනප්‍රියම නළුවා හැටියට මාව ඔසවා තැබුවා. සියළු දෙනාටම ස්තුතියි. මේ 2016 වසරේ මං රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. මං හිතනවා මගේ රසික රසිකාවියන්ට ඒක අලුත් පණිවිඩයක් වෙයි කියලා. මහජන නියෝජිතවරයෙක් විදිහට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට මේ රටේ ජනතාවට මගේ සේවය උපරිමයෙන් ඉටු කරන්නට මං සැදී පැහැදී ඉන්නවා. පසුගිය වසර අවසානයේ රජයක් විදිහට අපිට මානුශීය වශයෙන් සුවිශේෂී කටයුත්තක් කරන්නට හැකියාව ලැබුණා.ඒ සෞදියේ මරණ දඬුවමට ලක්ව සිටි කාන්තාව ඒ දඬුවමින් නිදහස් කරගන්න ලැබීම. සෞදි රජය ප්‍රථම වතාවටයි මෙවැනි තීන්දුවකට පිවිසියේ. රජයේ ඉල්ලීමට කන්දීලා ලැබුණු එම තීන්දුව ගැන අපි සතුටු වෙන්න ඕනෑ. රජයක් විදිහට ලෝකයේ රටවල් සමඟ අපි හොඳ මිත්‍රත්වයක් ඇති කරගෙන තියෙනවා. මීට කලින් ජාත්‍යන්තර ප්‍රජාව හිටියේ අපේ රට එක්ක අමනාපයෙන්.ඇත්තෙන්ම අද අපිට ලෝකයම පිළිගත් නිරහංකාර නායකයෙක් ඉන්නවා. ඒක සුබ නිමිත්තක්.මේ වෙලාවේ මම මෙහෙම ඉල්ලීමක් කරන්න කැමතියි. විදෙස් ගතවන සියළු දෙනා ඒ පිළිබඳව පවතින නීති හරියට අධ්‍යයනය කරලා ඒ ඒ රටවල ජීවත් වන්න.මේ වෙනකොට ලක්ෂ විස්සක පමණ ශ්‍රීලාංකිකයින් විදෙස්ගතව සේවයේ යෙදී ඉන්නවා. ඒ ඒ රටවල පවතින නීතියට අනුව කටයුතු කරන්න.සියළු දෙනාටම ලැබුවා වූ නව වසර ප්‍රීතිමත්ව සාමයෙන් සමගියෙන් ගත කරන්නට හැකිවේවා!

 

එක වහලක් යටට යනවා-දමිතා අබේරත්න

මම මේ අලුත් අවුරද්ද දිහා බලාගෙන ඉන්නෙ ගොඩක් ආසාවෙන්. සියළු දෙනාට  නිදහසේ ජීවත්වෙන්න පසුබිමක් හැදෙයි කියල විශ්වාසයක් තියෙනවා. මේ වෙනකොට රටේ සිදුවෙන අපරාධ දුරුවී, විකෘති මානසික සිත් සුවපත්වී බියෙන් සැකෙන් තොරව ජනතාවට ජීවත් වන්නට යහපත් වටපිටාවක් සැකසේවා! කලාව තුළ දියුණුවක් ඇති වේවා! මේ නව වසරේ ලෙන්ලි ත් මමත් චාම් සහ සරළ විදිහට පුංචි උත්සවයක් අරගෙන එකවහලක් යටට යන්නයි හිතාගෙන ඉන්නෙ. මම රඟපෑ ‘ස්වර‘ සහ ‘ජූලි හතයි‘ චිත්‍රපට දෙකත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.ටෙලි නාට්‍යකිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතිං ගෙවුණු අවුරුද්දත් සුබදායී විදිහට ගත වුණා . එළැඹුණු මේ අවුරුද්දත් හොඳින් ගත කරන්නට බලාපොරොත්තු වෙනවා. සියළුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!

අවුරුද්ද පටන් ගන්නෙම සතුටින්-විශ්ව කොඩිකාර    

2016 නව වසර ශ්‍රී ලංකාවාසී සියළු දෙනාට හිතන පතන සියලු කටයුතු ඉටුවන , සාමය සතුට සපිරි සුබම සුබ නව වසරක් වේවා! මේ අලුත් අවු‍රුද්දේ මට අලුත් ටෙලි නාට්‍ය කිහිපයක්ම ලැබිලා තියෙනවා. ටෙලිකාස්ට් වෙන්නත් ටෙලි නාට්‍ය හතක් විතර තියෙනවා. පසුගිය අවුරුද්දෙ මම පිය පදවියෙන් පිදුම් ලැබුවා. මේ අවුරුද්ද පටන් ගන්නෙ ඒ සතුටින්මයි. පුංචි දියණියට දැන් මාස පහයි. 

 


Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday140
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week973
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8377
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991166

Follow us on Facebook

Online Users

We have 35 guests online