08
Jan

සින්ඩ්‍රෙල්ලා තිරගතවීමත් විවාහයත් සිදුවෙන්නේ නොසිතූ වෙලාවක. දිය යට පෙම් රැඟුම් ගැන රසිකයන් මොනවා කියයිද බ යයි-උපේක්ෂා

ජනප්‍රිය නිළි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මේ මස 24 වැනිදා කොළඹ  කිංස්බරි හෝටලයකදී යළිත් විවාහ දිවියට එළැඹෙන අතර  තමන් අත ගන්නා මනාලයාගේ නම හෙළි නොකරන ලෙස ඇය තමන්ට හිතවත්ම මාධ්‍ය වේදීන්ට පවසා ඇත.

ඔහු ව්‍යාපාරිකයකු බවත් තමන්ට වඩා අවුරුදු අටකින් වැඩමහල් බවත් විවාහ වන්නට පෙර දෙදෙනාගේ  කේන්දර ගැලපෙනවාදැයි සොයා බැලූ බවත් ඇය පවසා ඇත.

වෙතත් ඇගේ විවාහ මංගල්‍යයට රටේ ඉහළම  දේශපාලනඥයන් සහ ප්‍රභුවරුන් රැසක්  අැතුළු 150ක  පමණ පිරිසකට පමනක් තෝරා බේරාගෙන ඇරැයුම් කළ බවත් ඇය පවසා ඇත.

 යළි විවාහ වුවත් තමන්ගේ ස්වාධීනත්වය රැක ගන්නා බවත්  තවදුරටත් තමා කාටවත් නටවන්නට පුළුවන් බෝනිකකෙකු නොවන බවත්  තමන් අත ගන්නා අනාගත සහකරු තමන්ගේ ස්වාධීනත්වයට ගරු කරන පුද්ගලයකු බවත් ඇය තමන්ට හිතවත්ම මාධ්‍යෙව්දියකුට පවසා ඇත

ළඟදීම තිරගතවන  ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්දගේ‘ සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටයේ ඉසංකාගේ චරිතය තමාට බෙහෙවින් සමීප බවද ඇය වැඩිදුරටත් පවසා ඇත. විවාහය සහ ‘සින්ඩ්‍රෙල්ලා‘ තිරගතවීම තමන් නොසිතූ වෙලාවක එක  ළඟම සිදුවන බවද  එහි අකලංක සමග තමන් රඟපෑ දිය යට  පෙම් රැඟුම් සහ අනෙකුත් දර්ශන  තමාගේත් අකලංකගේත් කැමැත්තෙන්ම රූගත කළ ඒවා බවද   මේක ලංකාව නිසා ඒ සම්බන්ධයෙන් රසිකයන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේදැයි  තමා   එක්තරා බියකින් පසු වන බවද  උපේකෂා වැඩිදුරටත් පවසා ඇත

 


Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday598
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week598
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12161
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099252

Follow us on Facebook

Online Users

We have 205 guests online