ලාංක්ය සිනමාවට 69 වසරක් සපිරෙන ජන 21 දා සිංහල චිත්‍රපට උළෙලක්
2016 ජනවරි 21 දිනට ලාංකේය සිනමාවට 69 වසරක් පිරිම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන සිංහල චිත්‍රපට උළෙලක් ජනවාරි 17 දා සිට 20 දා තෙක් චිත්‍රපට සංස්ථවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙයි.
ඒ අනුව ජන .17 සවස 3 ට ‘සිකුරුලියා‘ චිත්‍රපටයද සවස 6 ට ‘ හතරදෙනාම සූරයෝ‘ චිත්‍රපටයද ජන. 18 දා සවස3 ට සාරවිට‘ චිත්‍රපටයද සවස 6 ට‘ රේඛාව‘ චිත්‍රපටයද ජන. 19 දා සවස 3 ට ‘වල්මත්වූවෝ‘ චිත්‍රපටයද සවස 6ට ‘තුෂාරා‘ චිත්‍රපටයද ජන. 20දා සවස 3 ට ‘අල්ලපු ගෙදර‘ චිත්‍රපටයද තිරගතවයි.
ජනවාරි 21 දා උදෙි 9.30 ට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ චිත්‍රපට සංස්ථා සභාපති දීපාල් චන්ද්‍රරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයේදී පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ විසින් ලියන ලද ‘ජලයෙන් යට වූ ලීන්ගේ ලෝකය‘ (සිනමාවේදී ඩේවිඩ් ලීන්ගේ සිනමා භාවිතාව) නමැති කෘතිය ජනගත කෙරේ