01
Feb

උල්පතින් අලුත් ගඟක් ගලන්නේ 03 දා

සාහිත්‍ය  සම්මාන ප්‍රදානෝත්සව වලට නව අරුතක් එක් කරමින් lankalivstar .com   සංවිධානය කරන ‘උල්පතින් අලුත් ගඟක්...‘  2015 සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 03 දා සවස 3.00 ට  කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි

2014 වසරේ දී ලේඛකයකු අතින් ලියැවුණු   පළමු නවකතාව- පළමු කෙටිකතා සංග්‍රහය- පළමු කාව්‍ය සංග්‍රහය සහ පළමු ශිෂ්‍ය නිර්මාණ කෘති මෙම සම්මාන සඳහා සලකා බැලිණි

කිසිදු දේශපාලනඥයකුගේ ප්‍රධානත්වයක්  හෝ ඔවුන්  කිසිවකු අතින් සම්මාන ප්‍රදානය කිරීමක් හෝ සිදු නොකිරීමද මෙම සම්මාන උළෙලේ විශේෂත්වයකි.

එදින සම්මාන සඳහා නිර්දේශිත කෘති මෙසේය

කාව්‍ය සංග්‍රහ - ලාල් හෑගොඩ සම්මානය


-සැදෑ යාමය- සිරිනිමල් ලක්දුසිංහ

කාගෙද වසන්තය- ජයතිලක කම්මැල්ලවීර

ආලවක ආලිංගන- චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

මිත්‍රවරුණි, විප්ලවය සිදු වුයේ නැත- චිරන්ත ජයසේන

අගුලු ලූ හැගුම් දොර- නිශාන්ත මල්ලවාරච්චි

විනිශ්චය මණ්ඩලය- තිඹිරියාගම බණ්ඩාර... උපුල් සේනාධිරගේ.. අජිත් නිශාන්ත ගමරාල.. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.. ජයසිරි අලවත්ත‍‍..

 

කෙටිකතා- අජිත් තිලකසේන සම්මානය

බර්ට්‍රම් නිහාල්- තහනම් ගහේ ඇපල්

ඩබ්.ඒ.එන්.ඒ විජේසූරිය- විසංවාදය

නිශාන්ත වැලිඅංග- සමරදිවාකරගේ භාර්යාව

විනිශ්චය මණ්ඩලය-.. ටෙනිසන් පෙරේරා-.අනුරසිරි හෙට්ටිගේ.. ගුණසිරි සිල්වා

 

නවකතාව- සයිමන් නවගත්තේගම අනුස්මරණ සම්මානය

නැදිමාලේ miniහෙක් -පාස්වර්ඩ්

කෞශල්‍ය කුමාරසිංහ- මේ රහස් කවුළුවෙන් එබෙන්න

චම්පා වෛද්‍යතිලක- ඇදහිය නොහැකි නිහඩතාවය

විනිශ්චය මණ්ඩලය- සමන් වික්‍රමාරච්චි
පියල් කාරියවසම්
අරුණ ලොකුලියන‍


සිසු නිර්මාණ   

මමත් හොද ළමයෙක් - කොළඹ 8 ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලේ - එසාරා සුමින්දි පුස්සෙවෙල     

කරත්ත මාමා- මිලාගිරිය- ශාන්ත පාවුළු බාලිකා විදුහලේ- සත්සරණි විශ්වදිනී බණ්ඩාර   

මගෙ සිහිනය - ර / ඇහැළියගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ -චතුරි මහේෂිකා ස්වර්ණමාලි

විනිශ්චය මණ්ඩලය

තිඹිරියාගම බණ්ඩාර- අනුරසිරි හෙට්ටිගේ- තනුජා එන් අයගම

සිසු නිර්මාණ විස්සක්  සඳහා කුසලතා සහතිකද   පිරිනැමෙයි

සම්මාන අනුග්‍රහය සරසවි/ ගොඩගේ/සදීපා/සමයවර්ධන/දයාවංශ ජයකොඩි සහ ප්‍රකාශකයන්ගෙනි

 

 

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday162
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1067
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4633
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141909

Follow us on Facebook

Online Users

We have 13 guests online