සයිබර් අවකාශ සාහිත්‍ය සම්මානය "මේ රහස් කවුළුවෙන් එබෙන්න" නවකතාවට
Lankalivestar.com වෙබ් අඩවියේ මෙහෙයවීමෙන් මේ මොහොතේ කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වෙන ‘‘උල්පතින් අළුත් ගගක් සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උලෙළේ 2014 වර්ශයේ හොදම නවකතාව සදහා වන සයිමන් නවගත්තේගම සම්මානය කෞෂල්‍ය කුමාරසිංහ ලියූ ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්න“ නවකතාවට පිරිනැමිණි.
2014 වසරේ හොදම කෙටිකතා සංග්‍රහය සදහා වන අජිත් තිලකසේන සම්මානය ඩබ්.ඒ.එන් විජේසූරිය ලියු ‘‘විසංවාදය“ කෘතියට පිරිනැමිණි.
2014 වසරේ හොදම කාව්‍ය සංග්‍රහය සදහා වන ලාල් හෑගොඩ සම්මානය චිරන්ත ජයසේන ලියූ “මිත්‍රවරුනි විප්ලවය සිදුවූයේ නැත“ කෘතියට හිමිවිය.
2014 වසරේ හොදම සිසු නිර්මාණය සදහා වන සම්මාන ලැබූ අය මෙසේය.
මමත් හොද ළමයෙක් - - එසාරා සුමින්දි පුස්සෙවෙල
කරත්ත මාමා - සත්සරණි විශ්වදිනී බණ්ඩාර
මගෙ සිහිනය - චතුරි මහේෂිකා ස්වර්ණමාලි
සයිබර් අවකාශ සම්මාන උලෙලේ විනිශ්චය මණ්ඩලය ලෙස සමන් වික්‍රමාරච්චි කතිකාචාර්ය අරුණ ලොකු ලියන, පියල් කාරියවසම්, ටෙනිසන් පෙරේරා තිඹිරියාගම බණ්ඩාර, අනුරසිරි හෙට්ටිගේ, ගුණසිරි සිල්වා, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, උපුල් සේනාධීරගේ, ජයසිරි අලවත්ත, තනූජා එන් අයගම අය අය සහභාගී වූහ.