04
Feb

අලුත් උල්පතින් ගැලූ අලුත් ගඟේ අසිරිය!

Lankalivestar.com වෙබ් අඩවිය මගින් සංවිධානය කළ ‘උල්පතින් අලුත් ගඟක්...‘ සයිබර් අවකාශ  සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ  (03) සවස උත්කර්ශවත් අන්දමින් නිමාවට  පත්වූයේ ලේඛකයින්- විද්වතුන්- කලාකරුවන් සහ පාඨකයන්ගේ ප්‍රසාදය මතය.

‘උල්පතින් අලුත් ගඟක්..‘  නමැති තේමා පාඨය අනුව සාහිත කෙතේ මෙතෙක් අවධානයට ලක් නොවූ ලේඛකයන්ගේ  සහ පාසල් සිසුන්ගේ කෘති එහිදී සම්මානයෙන් පිදුම් ලැබීම කාගේත් ප්‍රසංසාවට  ලක්විය.

අනුරසිරි හෙට්ටිගේ උත්සව සභාව පිළිගනිමින්

ගුණසිරි සිල්වා අරමුණ පැහැදිලි කරමින්

තිඹිරියාගම බණ්ඩාර ස්තුති කතාව පවත්වමින්

 චිරන්ත ජයසේන (කවිය) ඩබ්. ඒ. එන්. ඒ.විජේසූරිය (කෙටිකතා) කෞශල්‍යකුමාරසිංහ (නවකතා)

එසාරා සුමින්දි පුස්සෙවෙල- සත්සරණි විශ්වදිනී බණ්ඩාර-චතුරි මහේශිකා ස්වර්ණමාලි (සිසු නිර්මාණ)


අජිත්- තිලකසේන-ජයතිලක කම්මැල්ලවීර-ඩබ්. ඒ. එන්. ඒ. විජේසූරිය--ගුණසිරි සිල්වා

තිඹිරියාගම බණ්ඩාර-මල්ලිකා නවගත්තේගම -පියසේන වික්‍රමගේ-කෙෘශල්‍ය කුමාරසිංහ

සම්මාන සහ සහතික දිනූ සිසු දරුවෝ

හොදම නවකතාව සදහා වන සයිමන් නවගත්තේගම සම්මානය කෞෂල්‍ය කුමාරසිංහ ලියූ ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්නනවකතාවට පිරිනැමිණි.

2014 වසරේ හොදම කෙටිකතා සංග්‍රහය සදහා වන අජිත් තිලකසේන සම්මානය ඩබ්.ඒ.එන් විජේසූරිය ලියු ‘‘විසංවාදය“ කෘතියට පිරිනැමිණි.

2014 වසරේ හොදම කාව්‍ය සංග්‍රහය සදහා වන ලාල් හෑගොඩ සම්මානය චිරන්ත ජයසේන ලියූ “මිත්‍රවරුනි විප්ලවය සිදුවූයේ නැත“ කෘතියට හිමිවිය.

2014 වසරේ හොදම සිසු නිර්මාණය සදහා වන සම්මාන ලැබූ අය මෙසේය. 

මමත් හොද ළමයෙක් -  - එසාරා සුමින්දි පුස්සෙවෙල     

කරත්ත මාමා - සත්සරණි විශ්වදිනී බණ්ඩාර   

මගෙ සිහිනය - චතුරි මහේෂිකා ස්වර්ණමාලි


Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday121
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week954
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8358
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991147

Follow us on Facebook

Online Users

We have 16 guests online