14
Feb

happy valentine"s day! හොඳම ආදරවන්තයා තමන්ගේම කුප්කම් තමන්ටම දකින්න පුළුවන් කෙනායි. - ප්‍රසන්න විතානගේ

‘ඇත්ත වශයෙන්ම ආදරය විටෙක අතිශය කුරිරු විය හැකියි. තවත් කෙනෙකුට එය කෘරතර අත්දැකීමක් විය හැකියි. ප්‍රේමය තුළ කෘරත්වය, වෛරය, අතපසුවීම් , නොතකාහැරීම් සියල්ල තිබෙනවා. මේ නිසා ප්‍රේමය හරිම සංකීර්ණ යි. මං හොඳම ආදරවන්තයා හැටියට දකින්නේ තමන්ගේම කුප්කම් තමන්ටම දකින්න පුළුවන් කෙනාවයි.

‘දෛවයෝයකින් ‘ ලියැවුණේ ඒ වේදනාකාරී අත්දැකීම හින්දා. මහාචාර්ය සුනිල් ආරියරත්න

 

1970.09.25 කියන්නේ ඇය විශ්වවිද්‍යාලය හැර ගිය දවස. මගෙන් ඈත් වෙච්ච දවස. ඊට පස්සේ ඈ මුණගැහෙන්නේ නැහැ. 1970.09.25 ඉලක්කම් මාතෘකාව යටතේ ‘දෛවයෝයකින් ‘ ලියැවුණේ ඒ වේදනාකාරී අත්දැකීම හින්දා. ‘දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ ඔබ හමුවුණේ‘ කියන පද ටික තමයි මුලින්ම ලියැවුණේ. ‘ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ.. ඇදුරුතුමියයි යෞවනේ.‘ ඒක ඇත්තම ඇත්ත. ප්‍රේමය මං ඉගෙන ගත්තේ ඇයගෙන්. බලාගෙන යනකොට ‘ගොළු හදවත‘ වගේ කතන්දරයක්. ප්‍රේමයේ සුන්දරත්වයත් වේදනාවත් ඉතා කෙටි කාලෙකින්ම මං අත්වින්දා.

 

ආදරයක් පටන් ගන්න නිශ්චිත හේතුවක් ඕනැ නෑ. - හඳගම

 

ආදරයක් පටන් ගන්න නිශ්චිත හේතුවක් නැති වෙන්න පුළුවන්. එක මොහොතක තමන්ටත් තේරුම් ගත නොහැකි ආකාරයකින් ආදරයක් පැනනැඟිය හැකියි. ඒත් ආදර සබඳතාවක් බිඳවැටීම අහම්බටක් නෙවෙයි. එක තීරණයක්. ඒක නිසා ඒක සවිඥානිකයි.   

 

ඇත්තටම ජීවිතය අල්ලල තියාගන්න ප්‍රධාන කාන්දම තමයි ‍ප්‍රේමය.

ඉනෝකා සත්‍යාංගනී

 

‘ප්‍රේමය මට නම් හුස්ම ඉහළ පහළ හෙළන තරම්ම වැදගත් දෙයක්. ඇත්තටම ජීවිතය අල්ලල තියාගන්න ප්‍රධාන කාන්දම තමයි ‍ප්‍රේමය.‘

 

ඔහු දෙවොන්දරාසංට සමාන වුණා - සුමිත්‍රා රාහුබද්ධ

 

‘මගේ සමනල සිහිනයට තටු දුන්නේ ඔහු. ඔහු දෙවොන්දරාසංට සමාන වුණා. පියල්ට වඩා වෙනස්. රැස්කොල්නිකෝව් තරමට උස් නොවුනත් ජිනෝ වගේ අධමයකු වුණේ නෑ. ඒත් ඔහු මිනෝ වුණේ ද නෑ.‘

 

ඒ ආදරේට පුංචි වෙනසක්වත් වෙන්න මං ඉඩ තියන්නෑ. - නීටා ප්‍රනාන්දු

 

අතීතය හැම තිස්සෙම සිහිපත් වෙනවා. ඔහු මාව රැකගත්ත හැටි මට දැනෙනවා. විවාහයක තියෙන ඒ ආදරය, බැඳීම, ළෙන්ගතුකම , ජීවිතය බෙදාහදා ගැනීම, රැකවරණය මතක් වෙනවා. ඔහු හරිම -ආදරණීය සැමියෙක්. මහත්තයා නැති වුණාට පස්සේ ඒ ආදරේ සිහිවටන තියාගෙන ඉන්නවා නම් හොඳයි කියලා හිතුණා. සිනමාවට, ටෙලි නාට්‍යවලට මං අද යන්නෙත් ඒ ආදරෙත් එක්ක. ඒ ආදරේට පුංචි වෙනසක්වත් වෙන්න මං ඉඩ තියන්නෑ.

 

මං හිතන විදිහේ ආදරයක් ලැබිලා නෑ - වීණා ජයකොඩි

 

මං විශ්වාස කරන සැබෑ ආදරේ මට ලැබිලා නෑ. මගේ දෙමාපියන් සහෝදරයන් ගෙන් ඇනේන වෙන කාගෙන්වත් මං හිතන විදිහේ ආදරයක් ලැබිලා නෑ දෙමාපියන්ගෙ සහෝදරයින්ගෙ ආදරේ කවදාව් වෙනස් වෙන්නේ නැහැනෙ.

 

ලිංගික හැසිරීමෙන් ඈත් වෙන තරමට ආදරයේ පාරිශුද්ධත්වය රැකෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක

 

ආදරය ගැන තෝල්ස්තෝයිගේ ප්‍රකාශයක් මං කියවල තියෙනවා. ඒක මෙහෙමයි. ‘තමන් ආදරය කරන වස්තුව සමඟ ලිංගික හැසිරීමෙන් ඈත් වෙන තරමට ආදරයේ පාරිශුද්ධත්වය බෙහෝදුරට ආරක්ෂා වෙනවා.‘ හැබැයි තෝල්ස්තෝයි මේ අදහස ප්‍රකාශ කරන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී. මමත් දැන් එතැන ඉන්න නිසා මට හිතෙනව ඒක නිවැරැදියි කියලා.

 

‍ප්‍රේමය නැතුව ජීවත් වෙන්න බෑ -- ශ්‍රියාණි අමරසේන

 

‘එදා අපි චිත්‍රපටවලින් ප්‍රේම කළා. ඒ රැඟුම්වලට ප්‍රේක්ෂකයො ආදරේ කළා. පෞද්ගලික ජීවිතයේදීත් ප්‍රේමය අත් විඳිනවා. ඒත් ඒක සිනමාව තුළ මුසු කරන්න ඕනෑ වුණේ නෑ. පෞද්ගලික ජීවිතය තුළම විඳින්න පරෙස්සම් කර ගත්තා. කාන්තාවක් හැටියට ද වෙනකොට මම ජීවිතයේ අවස්ථා කීපයක්ම ගත කළ කෙනෙක්. ළමා කාලය, යොවුන් විය, බිරියක්, මවක්, මිත්තනියක් හැටියට අත් විඳින ජීවිතය සුන්දරයි. ඒ විවිධ අවස්ථාවල ජීවිතයේ අත්විඳින ප්‍රේමයත් විවිධයි. ප්‍රේමය සුන්දරයි. මැරෙනකම්ම ඒ ‍ප්‍රේමය නැතුව ජීවත් වෙන්න බෑ.

 

ප්‍රේමය තියෙන්නෙ ඇය තුළ විතරමයි-කලංසූරිය

 

‘පුදුම වැඩක්. ඇය වගේ තවත් කෙනෙක් චරිතයකින්වත් හමුවෙලා නැහැනෙ. අපිට ආදරේ කරන්න ලැබුණෙ ටික කාලයයි. ඒත් අපේ විවාහය තුළ, බැඳීම තුළ ඕනෑතරම් ප්‍රේමය තියෙනවා. ඇගේ ප්‍රේමය ගෞරවනීයයි. ඇය නැතිව මං කොහොමද ඉන්නෙ. මං නැතිව අය කොහොමද ඉන්නෙ කියලයි දැන් මට හිතෙන්නෙ. ඇය මාව රැකබලා ගන්නා හැටි මට දැනෙනවා. මං දිහා බලන හැටි, මට ඇඳුම් තෝරන හැටි මට දැනෙනවා. ඒ ප්‍රේමය තියෙන්නෙ ඇය තුළ විතරමයි.

 

 

ඒ තරම්ම ගැඹුරක් අපි දෙන්නගේ ආදරය තුළ තිබුණා.-අසංකා අබ්සේකර

 

‘තිස්ස තුළ ජීවත් වෙච්ච උතුම් මිනිසාටත්, විශිෂ්ට නිර්මාණකරුවාටත් මං හරිම ආදරෙයි. ඒක මේ විශ්වය තරම්ම විශාල හැඟීමක්. අපි අතරෙ තිබුණු විශ්වාසය එක සමානයි. ඒක හරි පුදුමාකාරයි. එතකොට අපි දෙන්නෙක් නෙවෙයි. එක්කෙනෙක් කියලයි මට හිතුණේ. ඒක බොහොම සුන්දරයි. ඇත්තටම මගේ ජීවිතේ ආයෙ කවදාවත් ලබන්න බැරි දෙයක් ඒක. ඒ තරම්ම ගැඹුරක් අපි දෙන්නගේ ආදරය තුළ තිබුණා.‘

 

 

ප්‍රේමයට පූර්වාදර්ශ ලැබුණෙ විජේ මාමාගෙන - රන්ජන්

 

ප්‍රේමය කියන්නෙ පුදුම දෙයක් තමයි. වෙලාවකට ජීවිතයට තටු ලැබුණා වගේ. තවත් වෙලාවකට අඬල ඉවර කරන්න බැරි තරම් කඳුලක් වාගෙ. ඒක හරියටම මං ඉගෙන ගත්තෙ මගේ අම්මාගෙන්. සිනමාවත් එක්ක බැඳුණට පස්සෙ ඒ හා මුසු වෙච්ච පෙම් හැඟුම් ඕනෑ තරම් තිබුණා. ඒවා පේවෙලා ඇක්ට් කළා. එහෙම නැහැයි කියලා බොරු කියන්න මට බැහැ. විජය කුමාරතුංග කියන්නෙ අපේ සිනමාවෙ ප්‍රේමණීයම චරිතයක්. මට ප්‍රේමයට පූර්වාදර්ශ ලැබුණෙ විජේ මාමාගෙන්.

 

 ප්‍රේමය සුරංගනා වැඩක්. - කමල්

 

ප්‍රේමය කියන වචනය පොඩ්ඩක් පැත්තකින් තියලා විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇතිවෙන යම්කිසි ආකාරයක ආසක්තකම ගැන හිතුවොත් එතෙන්දි ප්‍රේමය සුරංගනා වැඩක්. මේක අපි විඳිනවා. හරිම ආසා දෙයක්. එහෙම විඳින එකෙන් මේ අධ්‍යාත්මික ලෝකයේ අපි බලාපොරොත්තු වෙන්නෙ ඊළඟ ආත්මය. ඒත් ප්‍රේමයේ නම් තියෙන්නෙ මේ මොහොමෙ ලැබෙන ආනිසංස. බලාගෙන යනකොට මේක එක්තරා විදියක මායා ලෝකයක්.

 

හුස්ම ගන්න ඔක්සිජන් ඕනෑ වගේම ප්‍රේමයත් ඒ රමටම ඕනෑ. - මහේන්ද්‍ර

 

ප්‍රේමය කියන්නෙ විවිධාකාර අර්ථකථන දෙන්න පුළුවන් දෙයක්. ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා වාගෙ ප්‍රේමයත් වෙනස් වෙනවා. ඒත් මිනිස්සුන්ට ප්‍රේමයෙන් වියුක්ත වෙලා ඉන්න බෑ. ඒක මොනවගේද කියනවා නම් මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් ඕනෑ වගේම ප්‍රේමයත් ඒ තරමටම ඕනෑ.

-






Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday593
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week593
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12156
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099247

Follow us on Facebook

Online Users

We have 210 guests online