‘ඇගේ ඇස අග‘ මැයි 13 වෙනිදා සිට සීමිත දින කිහිපයකට.
දැනටමත් උණුසුම් කතා බහකට විෂය වී ඇති අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය 'ඇගේ ඇස අග' මැයි මස 13 වෙනිදා සිට කොළඹ රීගල් ඇතුළු ප්රධාන පෙලේ සිනමාහල් වල සීමිත දින ගණනකට ප්රදර්ශනය අරඹයි.
හෙළ සිනමාවේ අග්රගන්ය නිලි ස්වර්ණා මල්ලවාරච්චි වසර විසි ගණනකට පසු ප්රධාන භූමිකාවක් නිරූපණය කරමින් නැවත සිනමා රංගනයට පිවිසෙන මෙම චිත්රපටය දැනටමත් ප්රේක්ෂක විචාරක අවධානය යොමුකරගන තිබෙයි. ස්වර්ණා සමඟ සුප්රකට බෙංගාලි නළු ද්රිතිමාන් චැටර්ජි සමඟ හඳුන්වාදෙන රිතිකා කොඩිතුවක්කු සහ සඳලි ඈශ් මෙම චිත්රපටයේ ප්රධාන භූමිකා පන ගන්වයි. චිත්රාල් සෝමපාල සංගීතවත් කර ගායනා කරන ජනප්රිය 'ඇහැරෙන්න' ගීතය 'ඇගේ ඇස අග' චිත්රපටයේ තේමා ගීතයයි.
ප්රධාන ප්රවාහයේ චිත්රපට දෙකක් අතරට නිදහස් වන බැවින්, චිත්රපටය ප්රදර්ශනය වන්නේ ඉතාම සීමිත දින ගණනකටයි. මේ සීමිත කාලය තුල පැමිණ නරඹන්නට යැයි චිත්රපටය නරඹන්නට අපේක්ෂා කරන ප්රේක්ෂකයින් ගෙන් "ඇගේ ඇස අග' නිෂ්පාදන කණ්ඩායම ඉල්ලා සිටියි. එමෙන්ම කොළඹ රීගල් සිනමා ශාලාවේ 13 වෙනිදා සවස 06:30 ට පැවැත්වෙන මංගල දර්ශනය මහජන දර්ශනයක් ලෙසද තිරගතවන බැවින්, එම විශේෂ දර්ශනය චිත්රපට කණ්ඩායම සමඟ නැරඹීමට ප්රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙයි.