10
May

මරාගෙන මැරෙන මේ උත්සාහය ගෞරවාන්විතයි-හඳගම

ඇගේ ඇස අග' චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම දා 'තහනම වෙනුවට වසඟය' මැයෙන් බෙදූ අත් පත්‍රිකාව සම්බන්ධව කථා බහක් ඇති වෙමින් තිබෙනවා. ඒ චිත්‍රපටය පිළිඹඳ සමන් වික්‍රමාරච්චි ගේ කියවීමයි. පත්‍රිකාව බෙදා හැරියේ දර්ශනය අවසානයේ ගෙදර යන ගමන් ( කැමති නම් ) කියවන්නටයි. 

එදා ( අප්‍රේල් 27 වෙනිදා) තරංගනී ශාලාවේ පැවැත්වුනේ චිත්‍රපටයේ පළමු ප්‍රසිද්ධ ප්‍රදර්ශනයයි. එය ද වසර ගණනක් පෝලිමේ හිඳ ප්‍රධාන ධාරාවේ නිදහස් කරනවා වෙනුවට පෙළගස්වා ඇති චිත්‍රපට දෙකක් අතර ඇතිවන හිඩැසක ට ( Gap ) නිදහස් කිරීමට සූදානමිනි. එය දිවිනසා ගැනීමේ තීන්දුවක් වුවද පල්වී කුණුවන්නට හැර නිදහස් කරනවාට වඩා මේ මරාගන මැරෙන උත්සාහය ගෞරවාන්විතයැයි මට සිතුනු නිසයි. තම සිනමා පටය ප්‍රදර්ශනයට අවස්ථාවක් ලැබෙන තෙක් දින නියමයක් නොමැතිව බලා සිටින අලුත් සිනමා කරුවන්ට මෙය සාර්ථක වුවහොත් අත් හදා බැලිය හැකියි. 

මීට කලින් ප්‍රදර්ශනය නොවුණු සිනමා කෘතියක් සම්බන්ධව කියැවීමක් මාධ්‍ය දැක්ම දා බෙදා හැරෙනුයේ එය ආරාධිතව කල එකක් නිසා බව ඕනෑම කෙනෙකුට පැහැදිළි වන කරුණක්.
චිත්‍රපටයේ පූර්ව සංස්කරණයෙන් පසු කිහිප දෙනෙකුට එය නරඹන්නට සලස්වා ඔවුන්ට දැනෙන විදිය පිළිඹඳ අදහස් ලබා ගැනීම මගේ සිරිතයි. එම අදහස් අවසන් සංස්කරණය සකසා ගැනීමට ඇතැම් විට ඉවහල් විය හැකිබව මගේ අත්දැකීමයි. මේ පිරිස බොහෝ විට මගේ සිනමාව පිළිඹඳ උනන්දුවක්, කියවීමක් ඇති හිතවතුන් මෙන්ම කිසිම සම්බන්ධයක් නැති අහඹුව තෝරාගත් අය ගෙන්ද සැදුම් ලත් හත් අට දෙනෙකුගේ කණ්ඩායමක්.

'ඇගේ ඇස අග' චිත්‍රපටය වෙනුවෙනුත් මා මේ අභ්‍යාසය කලා. චිත්‍රපටය නරඹා ඒ පිලිඹද සමන් මා සමග පැවසූ අදහස් කැමතිනම් සටහනකට ලයා දෙන්න යැයි ඔහුගෙන් ඉල්ලා සිටියේ ඒ අදහස් වැදගත් බව මට හැඟුණු නිසයි.

ච්ත්‍රපටය පිළිඹඳ විවිධ කියවීම් මතු වීම ප්‍රයෝජනවත් කතිකාවකට වැදගත්. එදා මාධ්‍ය දර්ශනය අවසානයේ සමන් ගේ එම සටහන නැරඹු අය අතට පත් කලේ එය එවැනි එක කියවීමක් ලෙස මට වටිනා බැවිනි. එසේ බෙදා හැරීම නිෂ්පාදන කණ්ඩායමේ අදහසක් මිස සමන් ගේ අදහසක් නොවේ. චිත්‍රපටය 'මේ ඇසින් නරඹන්න යැයි ' කීමේ අදහසින් එය බෙදා හැරියේ නම් එසේ කරනුයේ ච්ත්‍රපට දර්ශනයට ප්‍රථමය. අප එසේ කලේ නැත. ඒ එසේ කිරීම බලහත්කාරයක් බව අප දන්නා නිසා. එම සටහන කාගේ හෝ කියවීමකට බාධාවක් වූයේ නම්, එහි වගකීම බාරගත යුත්තේ මා විසින්මයි.

එහෙත් චිත්‍රපටයෙන් මතුකර ගත හැකි එකම අදහස එය නොවන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. චිත්‍රපටය නරඹා බොහෝ දෙනෙකු දැනටමත් විවිධවූ තම අදහස් පල කරමින් තිබෙයි. ඒ පිලිඹද තම කියවීම ලියන බව මා සමඟ කියූ අය අතර බූපති, බුද්ධි, අජිත්, සුනිල් සෙනෙවි, විදර්ශන, විකුම්, චමිල, සන්නස්ගල, ගුණසිරි යන අය ද තවත් අයද ඉන්නවා. ඒවා මට අතිශය වැදගත් කියවීම් වනු ඇති. එදා චිත්‍රපටය නරඹන්නට මාධ්‍ය සගයින් ට අමතරව දුරකතනයෙන්, email මගින් සම්බන්ධ කරගත හැකි හැමෝටම අරාධනා කලා. මගේ චිත්‍රපට වලට කැමති අය මෙන්ම අකමැති අයද ඒ ආරාධිතයින් අතර සිටියා. අරාධනා නොකළ බෙල්ලන්විල සේපාලද ඒ අතර සිටි බවට පසුව Fb එකේ මතුවන සටහන් වලින් පෙනෙනවා. 
ඉතිං හැමෝම තම තම රුචි අයුරින් අදහස් මතු කරපු දෙන්. ඇයි කාටවත් වේදනා....?

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday92
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3396
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7496
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990285

Follow us on Facebook

Online Users

We have 89 guests online