15
May
දෙරණ සම්මාන උළෙලේ හොඳම අධ්යක්ෂ ප්‍රසන්න
ඊයේ (14) රාත්‍රී පැවැති දෙරණ සිනමා සම්මාන උලෙලේදී 2015 වසරේ හොඳම සිනමා අධ්යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේය.
හොඳම සහ ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූයේ ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂණය කළ ‘හෝ ගානා පොකුණ ‘ චිත්‍රපටයයි.
2015 වසරේ හොඳම නළුවා ලෙස ජැක්සන් ඇන්තනීද ( ‘ඇඩ්රස් නෑ) හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද (බොරදිය පොකුණ ) සම්මාන දිනාගත්හ.
හොඳම තිරනාටකය සඳහා වූ සම්මානයද ‘බොරදිය පොතුණ‘ තිරරචනය කළ සත්‍යජිත් මාඉටිපේට හිමි විය
2015 වසරේ ජනප්‍රිය නළුවා ලෙස හේමාල් රණසිංහ සහ ජනප්‍රිය නිළිය ලෙස දිනක්ෂි ප්‍රියසාද් සම්මාන හිමි කරගත්හ..