15
Jun

ප්‍රසන්නලාගෙන් ප්‍රශස්ත කාර්යයක්

ප‍්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර ඇතුළු පිරිසක් අලූත් කටයුත්තකට මුල පුරා ඇති බව ආරංචියි. එනම් ලංකාවේ සාමාන්‍යයෙන් ප‍්‍රදර්ශණය නොකෙරෙන සම්මානනීය විදෙස් සිනමා නිර්මාණ ගෙන්වා ප‍්‍රදර්ශණය කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමයි. මේක ඉතා අගය කළ යුතු කටයුත්තක්.

මේ වෙද්දි ලංකාවේ සිනමා පේ‍්‍රක්‍ෂකයින්ට නරඹන්න ලැබෙන්නෙ බොහෝ දුරට ඉන්දියානු සහ ඇමෙරිකානු ප‍්‍රධාන ධාරාවේ චිත‍්‍රපට පමණයි. අනෙක් බොහෝ, හොඳ, ස්වාධීන චිත‍්‍රපට නරඹන්න ලැබෙන අවස්ථා ඉතාම සීමිතයි. මේක අපේ රටේ සිනමා පේ‍්‍රක්‍ෂකයින් මුහුණ දෙන කණගාටුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අන්තර්ජාලය හරහා වෙනත් චිත‍්‍රපට යම් ප‍්‍රමාණයක් නරඹන්න ලැබුණත් මේ වගේ සම්මානනීය චිත‍්‍රපට විශාල තිරයේ නරඹනකොට තරම් පරිපූර්ණ ආස්වාදයක් එහිදී විඳින්න ලැබෙන්නෙ නැහැ. මෙවැනි නිර්මාණ සිනමාත්මක ලක්‍ෂණවලින් පරිපූර්ණයි, එ් නිසා එ්වා වඩාත් හොඳින් රස විඳින්න පුලූවන් වෙන්නේ සිනමා ශාලාවක, විශාල සිනමා තිරයක් මතම පමණයි. එ් නිසා මෙවැනි නිර්මාණ මෙරටට ගෙන්වා ප‍්‍රදර්ශණය කරන්නට ගත්තු මේ පියවර ගැන ඔවුන්ට කෘතඥතාව හිමි විය යුතුයි.

මෙම වැඩපිලිවෙල යටතේ මුලින්ම තිරගත කෙරෙන්නේ Dhanak (Rainbow) නම් ඉන්දියානු චිත‍්‍රපටයයි. ලබන 17 වැනිදා පටන් එය Liberty Lite (Colombo) Amity Light (Maharagama), Vista Light (Ja-Ela). Sky Light ( Matara) සිනමා ශාලාවල ප‍්‍රදර්ශණය කෙරෙනවා. ඉතා කීර්තිමත් සිනමා සම්මාන උළෙලක් වන බර්ලින් සම්මාන උළෙලේ එක් අංශයකින් හොඳම චිත‍්‍රපටය ලෙසත් Dhanak සම්මාන හිමි කරගෙන තියෙනවා.

චිත‍්‍රපටයට පසුබිම් වන්නේ පාරි සහ චෝටු නම් සහෝරයෙකු සහ සහෝදරියක ගැන කතාවක්. චෝටු ගේ දෑස් අන්ධයි. ඔහුට වයස අවුරුදු 10 පිරෙන්න කලින් ඇස් පෙනීම ලබා දෙන බව චෝටුගේ සොහොයුරිය වන පාරි පොරොන්දු වෙනවා. දිනක් ඇස් දන්දීමේ ව්‍යාපාරයක සවිකර ඇති ෂාරුක් ඛාන්ගේ පෝස්ටරයක් දකින පාරි තමාගේ අරමුණ ඉටු කරගන්නට තම සිනමා වීරයා උදව් වනු ඇතැයි විශ්වාස කරනවා.

Dhanak ගැන අන්තර්ජාලයේ තිබූ හැදින්වීමක සදහන් වුණේ එහෙමයි.

-නිහාල් පීරිස්




Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday67
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week216
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4461
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150014

Follow us on Facebook

Online Users

We have 13 guests online