19
Oct

මඩුවලිගෙන් ගහන්නට ඕනෑ කාටද?

වසර 62 පුරා මේ රටේ නාට්‍යකරුවන්ට සෙවන දුන් සුදර්ශි සිංහල සංස්කෘතික ආයතනය සතු ඉඩම  ඊනියා යහපාලන ආණ්ඩුව මගින් ජපානයේ සසකාවා ආයතනයට විකීණීමට පියවර ගෙන ඇත.

නාට්‍යකරුවන්ට පුහුණුවීම් සදහා  අවශ්‍ය ස්ථාන පහසුකම් සහ නාට්‍ය ශාලා ඉදිකරන බවට   කලාකරුවන්ගේම කරපිටින් එදා මෙදාතුර බලයට පත්වූ  ආණ්ඩු හැමදාමත් කණේ පහර ගැසුවේ කලාකරුවන්ටමය. වසර ගණනක් මුළුල්ලේ නාට්‍යකරුවන්ට පහසු මිලට වෙන්කරවා ගත හැකිව තිබූ ජෝන්ද සිල්වා සමරු රඟහල පසුගිය රජයේ පාලකයන් විසින් ඩෝසර් කර දැමුවේය. ජනකලා කේන්ද්‍රය වසා දැමුවේය. එල්පින්ස්ටන් රඟහලද පසුගිය ආණ්ඩු සමයේ සිට අලුත්වැඩියා කිරීම සඳහා වසා දැමු ගමන්ය. ලුම්බිණි රඟහලද අලුත්වැඩියාව සඳහා වසා දමා වසර ගණනාවකි.

දැන් සුදර්ශි ශාලාව ජපානයට විකිණිමට එරෙහිව කලාකරුවන්ට පාරට බසින්නට සිදුවී ඇත. හැමදාමත් කලාකරුවන්ට සිදුවූයේ මෙසේ පාරට බසින්නටය. මඩු වලිගයෙන් ගහන්න ඕනෑ කාටදැයි දැන්වත් කලාකරුවන්ම වටහා ගන්නට කාලය ඇවිත්ය.

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday163
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week362
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12401
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083734

Follow us on Facebook

Online Users

We have 52 guests online