07
Nov
උසාවිය නිහඩයි බලන්න වැඩි උනන්දුවක්
ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ ‘උසාවිය නිහඩයි‘ අර්ධ වෘත්තාන්ත චිත්රපටය උසාවි වාරණයට ලක්ව එම වාරණයෙන් නිදහස්වූ පසු දැන් වැඩි ප්රෙක්ෂක ආකර්ෂනයක් ඒ වෙත ලැබී ඇත.
ආරම්භයේදී කොළඹ සිනමා ශාලා කිහිපයකට පමණක් සීමාවූ එම චිත්රපටයේ දර්ශන සඳහා දැන් පිට පළාත්වලින්ද ඉල්ලුමක් ලැබී ඇත.
ඒ අනුව දැන් කොළඹ රීගල් සිනමා ශාලාවේ සවස 4.15 ට- බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවෙ දහවල් 12.30 ට සහ රාත්රී 7 ට- මහරගම ඇමිටි ලයිට් සිනමා ශාලාවේ සවස 4.15 ට- ගාල්ල කුවින්ස් සිනමා හෘලාවේ උදේ 9.30 ට -කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේ දවල් 12.15 ට - මාලබේ ස්කයි ලයිටි සිනමා ශාලාවේ උදේ 10.00 ට ජාඇල විස්ටා ලයිට් සිනමා ශාලාවේ සවස 6 ට මාතර ස්කයි ලයිට් සිනමා ශාලාවේ උදේ 9 ට ‘උසාවිය නිහඩයි‘ තිරගතවෙයි