Print
10
Nov

2016 සිග්නීස් උත්තමාචාර උළෙල ‍ හෙට (12)

 

ලංකාවේ පැරණි සහ අඛණ්ඩව පවත්වාගෙන එන සීග්නීස් උත්තමාචාර 2016 සිනමා සහ ටෙලි සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් ආකාරයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි 2016 නොවැම්බර් මස 12 වන දින (හෙට)ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.එසේම මෙම උළෙලේ ප‍්‍රධාන ආරාධිතයින් ලෙස ලෙස්ටර් ජේමිස් පිරීස් මහතා සහ සුමිත‍්‍රා පීරිස් මහත්මියද සහභාගි වෙති.

මෙවර සිග්නීස් උත්තමාචාර උළෙලේ තේමාව අභිමන් 60 අභීත මිනිසුන්ගේ අඬහැරය යි. ඊට හේතු සාධක වන කාරණ රාශියකි. පටු සාමයික අරමුණු පසෙකලා, ඉහළ සිනමා රසස්වාදයක් උදෙසා අන්තර් ජාතික සිනමා පර්ෂදය ( ඕ.සී.අයී.සී) උත්තමාචාර උළෙල ජාත්‍යන්තර සම්මාන ප‍්‍රදානය ආරම්භ කර මේ වන විට හැටවසරක් ඉක්ම ගොස් තිබේ.
එසේම සමස්ත ලාංකේය කලාවටම පොදු සාධකයක්ද මේ අතර වෙයි. ඉන්දියානු හැඩතල සහිත කෝවෙන් දේශීය සිනමාව මුදවා ගනිමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් දේශීය සිනමාවකට කඩතිර විවර කරමින් රේඛාව චිත‍්‍රපටය නිර්මාණය කරන ලද්දේද, සිංහල නාට්‍ය කලාවේ දේශජ ලක්ෂණ පොහොනි කරමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යය රංගගත කරන ලද්දේද, සිංහල නවකතාව මානවිය හැඩතලයකින් යුත් නිර්මාණ කාරණාවක් බවට පත්කරමින් මාටින් වික‍්‍රමසිංහයන් විරාගය නවකතාව රචනා කරන ලද්දේද මින් 60 වසරකට එපිටදිය.

වර්තමානයේ සිග්නීස් ලෙස හැඳින්වෙන ඕ.සී.අයි.සී. උත්තමාචාර උළෙල ශ‍්‍රී ලංකවේ ආරම්භ කිරීමට පුරෝගාමිවූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාගේ පූජාත්වරයද ඊට සමඟාමිව හැට වසර පුරයි. මෙය හුදෙක් ආගමික කි‍්‍රයාවලියක් නොව ලාංකේය සිනමා හා රූපවාහිනි ක්‍ෂේත‍්‍රයන්හි ප‍්‍රගමනය සහ විද්වත් ඇගයුම වෙනුවෙන් කෙරෙන යහ පරිශ‍්‍රමයකි. මෙය ඕ.සී.අයි.සී. ය ශී‍්‍ර ලංකාවේ පවත්වන 39වන උත්තමාචාරයයි. මෙවර උළලේ සංවිධානය ජාතික කතෝලික ජානමාධ්‍ය අධ්‍යක්‍ෂ නිමල් මරිය නිකායික ගරු ලාල් පුෂ්පදේව පියතුමා විසිනි.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday205
mod_vvisit_counterYesterday140
mod_vvisit_counterThis week609
mod_vvisit_counterLast week2296
mod_vvisit_counterThis month6453
mod_vvisit_counterLast month10711
mod_vvisit_counterAll days2000129

Follow us on Facebook

Online Users

We have 85 guests online