15
Dec

සරසවිය සම්මාන උළෙලේ හොඳම තිරනාටකය සහ හොඳම අධ්‍යක්ෂණය සම්මාන ප්‍රසන්නට

අද(15) රාත්‍රී නෙළුම් පොකුණ රඟහලේ පැවැති 33 වැනි සරසවිය සම්මාන උළේලේදී 2015 වසරේ හොඳම තිර නාටකය- හොඳම අධ්‍යක්ෂණය- හොඳම  නිළිය සඳහා වූ සම්මාන හිමිවූයේ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතිව ඔබ එක්ක‘ චිත්‍රපටයටය.

එහිදී හොඳම තිරනාටකය  සහ හොදම අධ්‍යක්ෂණය සඳහා වූ  සම්මාන ප්‍රසන්න විතානගේට හිමිවූ අතර හොඳම නිළිය සම්මානය අංජලී පටෙල්ට හිමි විය.

වසරේ  ජනප්‍රියම චිත්‍රපටය- හොඳම චිත්‍රපටය-  සහ හොඳම නළුවා  (ජැක්සන් ඇන්තනී) හොඳම ගායිකාව (නිරෝෂා විරාජිනී ) හොඳම වේශ නිරූපනය (ජයන්ත රණවක) හොඳම කලා අධ්‍යක්ෂණය  (රොහාන් සමරදිවාකර)  හොඳම සංගීතය (නදීක ගුරුගේ)  හොදම කැමරාකරණය (රුවන් කොස්තා ) ඇතුළු සම්මන රැසක් ජයන්ත චන්ද්‍රසිරි  අධ්‍යක්ෂනය කළ ‘මහරජ ගැමුණු‘ චිත්‍රපටයට හිමිවිය. හොදම ගායකයා සම්මානය එඩ්වඩ් ජයකොඩිට හිමි විය.

හොදම සහාය නළුවා ලෙස ජයලත් මනෝරත්න  (හෝගානා පොකුණ)සහ සහාය නිළිය ලෙස දමිතා අබේරත්න (ප්‍ර වේගය) සම්මාන දිනූහ.

රංගනය සදහා වන විශේෂ ජූරි සම්මානය හේමාමාල් රණසිංහට හිමිවිය.

 

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday26
mod_vvisit_counterYesterday175
mod_vvisit_counterThis week915
mod_vvisit_counterLast week11212
mod_vvisit_counterThis month21013
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2054148

Follow us on Facebook

Online Users

We have 26 guests online