29
Dec

කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය ඩිප්ලෝමාවට අයදුම්පත් කැඳවයි

Written by Administrator on 29 December 2016.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මෙහෙයවන ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2017 අධ්‍යයන වර්ෂය සඳහා මේ දිනවල අයදුම්පත් භාර ගැනේ. ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවල නියුක්ත හා අදාළ සේවා පළපුරුද්ද ඇති මාධ්‍යවේදීන්ට මේ සඳහා අයදුම් කළ හැකි ය. මීට අමතරව, නිදහස් මාධ්‍යවේදීහු ද දැනට ලේඛන කටයුතුවල නියුක්ත සාහිත්‍යවේදීහු ද ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිර්මාණ ශිල්පීහු ද මෙම පාඨමාලාවට අයදුම් කිරීමට සුදුසුකම් ලබති.


එමෙන්ම, ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයට පිවිසීමට අපේක්‍ෂා කරන, දැනට ජනමාධ්‍ය ක‍්‍රියාකාරකම්වල නියුක්ත ප‍්‍රමාණවත් සුදුසුකම් සහිත ආධුනිකයන් සීමිත සංඛ්‍යාවක් ද පාඨමාලාවට ඇතුළත් කරගැනෙන බැවින් ඔවුන්ට ද සිය අයදුම්පත් යොමු කළ හැකි ය.

සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම මෙම පාඨමාලාව පැවත්වෙන අතර සිසුන් බඳවා ගැනෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයක් මගිනි.

මෙම ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලව සඳහා අයදුම්පත් 2017 ජනවාරි මස 13 වැනි දින දක්වා නිකුත් කිරීමට ජනමාධ්‍ය අංශයේ දුරකතන අංක 011-2 500431 ඇමතීමෙන් ලබාගත හැකි ය.

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday660
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week660
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12223
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099314

Follow us on Facebook

Online Users

We have 135 guests online