20
Jan

සුනිල් ආරියරත්න යශෝදරාවක සොයයි

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ  නවතම චිත්‍රපටය ‘යශෝදරා‘ මුහුරත් උත්සවය අද උදේ එහි නිෂ්පාදක එච් ඩී ප්‍රෙමසිරි මහතාගේ නිවසේ පැවැත්විණි

මෙහෙණින් වහන්සේලා  විසින් සිදුකරනු ලැබූ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවැසුවේ යශෝදරා පූජනීය චරිතයක් ලෙස ඉතිහාස ගතව බැවින් එම චරිතය සඳහා මෙන්ම සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔවුන් ගේ අතීතය- වර්තමානය පමණක් නොව අනාගත ජීවිතය ගැනද විමසා බලන්නට සිදුවී ඇති බැවින් මෙම කාර්යය දුෂ්කර බවය.

 

එබැවින් මේ වනතෙක් මෙම චිත්‍රපටය සඳහා කිසිදු නළුවකු හෝ නිළියක තෝරාගෙන නැතැයිද නළු නිළියන්  කිසිවකු තෝරා නොගෙන ඔවුන් කිසිවකු සහභාගි කර නොගෙන- කාර්මික ශිල්පීන් පමණක්  සහභාගි කරගෙන පවත්වන ප්‍රථම මුහුරත් උළෙල මෙය විය හැකියැයිද මහාචාර්යවරයා පැවැසීය.

‘සශොදරා‘ චිත්‍රපටයේ නිෂ්පාදනය සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී . ප්‍රේමසිරි ගෙනි.කැමරාකරණය චන්න දේශප්‍රිය ගෙනි. සංගීතය රෝහණ  වීරසිහගෙනි. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහගෙනි. කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තගෙනි  නිෂ්පාදන කලමනාකාරිත්වය මනෝහාරි හේවාවසම් ගෙනි. නිෂ්පාදන සම්බන්ධිකරනය ඒ . ඩී. රංජිත් කුමාරගෙනි

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday389
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week623
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5182
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169407

Follow us on Facebook

Online Users

We have 23 guests online