18
Apr

ප්‍රසන්න විතානගේ අන්තර්ජාතික බුපෙන් හසරිකා සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දියාවේ බිහිවූ විශිෂ්ට  ගීත රචකයකු - ගායකයකු  සංගීඥයකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය බුපෙන් හසරිකා සමරමින් ඔහු උපන් ඇසෑම් ප්‍රාන්තයේදී ඇසෑම් සාහිත්‍ය සභාවෙන් පිරි නැමෙන ආචාර්ය බුපෙන් හසරිකා  අන්තර්ජාතික සහයෝගිතා සම්මානය මෙවර  හ්‍රී ලාංකේය සිනමාවේදී ප්‍රසන්න විතානගේට පිරි නැමිණි.

ඉකුත් අප්‍රේල් 10දා ඇසෑම් ප්‍රාන්තයේ රධීන්ද්‍ර බවන් ශාලාවේදී මෙම සම්මානය පිරිනමන ලදී

දෙවසරකට වරක් පිරිනමනු ලබන මෙම සම්මානය  2013 දී බංගලදේශයේ නර්තන ක්ෂේත්‍රෙයේ  පර්යේෂිකාවක සහ නර්තන ශිලිපිනියක වන ලුබිනා මෙරියම්ට පිරිනැමුනු අතර 2015දී එම සම්මානය කේරළ සිනමාවේදී අදූර්ගෝපාල් ක්‍රිෂ්ණන්ට හිමිවිය

බහුවිධත්වය රටක ශක්තියක් ලෙස අදහමින් තම ජීවිත කාලය තුළ ඒ සඳහා කැපවුනු කලාකරුවකු වෙනුවෙන්  පිරි නැමෙන මෙම සම්මානය  අත දැරීම තමන්ට දිරි දීමක් මෙන්ම විශාල වගකීමක් පැවරීමක් බවද සම්මානය ලබා ගනිමින් ප්‍රසන්න විතානගේ පැවැසීය.

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday37
mod_vvisit_counterYesterday175
mod_vvisit_counterThis week926
mod_vvisit_counterLast week11212
mod_vvisit_counterThis month21024
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2054159

Follow us on Facebook

Online Users

We have 37 guests online