19
May

සිංහල සිනමාවට ස්වර්ණමය දායාදයක්

සිංහල සිනමාවට දක්ෂ නිළියන්ගේ හිඟයක් පවතින කාලයක විශිෂ්ටතම රංග කුසලතා ප්‍රකට කරමින් සිටින නිළියකගේ  සම්ප්‍රාප්තිය යළිත්  අද හෙටම සිනමා තිරයේ දකින්නට හැකි වනු ඇත. ඇය  තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘නිනෝ ලයිව්‘  චිත්‍රපටයේ රඟන  උමාලි තිලකරත්නය.

 

උමාලි    මීට පෙර ජයන්ත චන්ද්‍රසිරිගේ  ‘මහරජ ගැමුණු‘ චිත්‍රපටයේ එළාරගේ දියණිය  ලෙස රිදී තිරයේද -  රූපවාහිනි තිරය ඔස්සේද  ස්වකීය රංග කුසලතා ප්‍රකට ආකාරය දකින්නට ලැබුණු අතර ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන රංගනයක් ඇය වෙතින් ඉදිරිපත් කෙරුණේ  ‘බොහීමියානුවා‘ ටෙලි නාට්‍ය යෙනි.

අලුත් පරපුරේ සෙසු නිළියන් අතරින් උමාලිගේ කැපී පෙනෙන විශේෂත්වයක් ඇත.  එනම් අපේ විශිෂ්ටතම රංග ශිල්පිනියක වන  ස්වර්ණා  මල්ලවආරච්චි සිනමාවට පැමිණ අවස්ථාවේ  ඇය කෙරෙන් දිස්වූ  රූපකායට  බෙහෙවින් සමාන රූප කායක් ඇය සතු වීමයි..

‘බොහීමියානුවා‘ ටෙලි නාට්‍ය යේ  ඇතැම් රූපරාමුවක ඇය ස්වර්ණාමය!  ඇතැම් රූප රාමුවක උමාලිගේ  මුහුණේ  හැඩතලද දෙතොලේ හැඩතලද  සිනහවේ ස්වරූපයද 70 - 80 දශකවල තිරයේ දුටු  ස්වර්ණා සිහියට නංවයි. රංග කාර්යයේදීද  ඇයගේ සාත්වික අභිනයන්ද  අනාගත ස්වර්ණා  මල්ලවාරච්චි වැනි නිළියක බිහිවන බවට ඉඟි සැපයීමකි.

 

 

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday107
mod_vvisit_counterYesterday152
mod_vvisit_counterThis week107
mod_vvisit_counterLast week1327
mod_vvisit_counterThis month4844
mod_vvisit_counterLast month18258
mod_vvisit_counterAll days2110789

Follow us on Facebook

Online Users

We have 14 guests online