30
May

සුනිල් මිහිඳුකුල ජීවිත සිනමාවෙන් සමුගනී - අවසන් කටයුතු ජුනි 01

ස්වකීය ජීවීත කාලයෙන් අඩකටත් වඩා සිනමා ලේඛනයෙන්- විචාරයෙන් ලාංකේය සිනමා සංස්කෘතිය පෝෂණය කළ ප්‍රවීණ  පුවත්පත්කලාවේදී සුනිල් මිහිඳුකුල අද (30) උදෑසන ජීවිත සිනමාවෙන් සමුගත් අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජුනි 1දා සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් සිට මහජන  ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.

කලක් රෝගී  තත්ත්වයෙන් පසුවූ සුනිල්ගෙන් සිනමා ලේඛනයට- ග්‍රන්ථකරණයට සහ සිනමා සංස්කෘතියට ඉටු වූ මහඟු මෙහෙවර උදෙසා පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී උපහාර සම්මානයක් පිරිනැමුණු අතර ඉන් අනතුරුව ඔහුගේ සේවය අගැයීමේ උපහාර උළෙලක් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණේ ප්‍රවීණ සිනමාවේදීන්- සිනමා නළු නිළියන්- ජනමාධ්‍යව්දීන් සහ අනෙකුත් කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි

Share

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday173
mod_vvisit_counterYesterday421
mod_vvisit_counterThis week1551
mod_vvisit_counterLast week3643
mod_vvisit_counterThis month15534
mod_vvisit_counterLast month22523
mod_vvisit_counterAll days1954531

Follow us on Facebook

Online Users

We have 39 guests online