20
Jul

තමිලිනී ගේ ‘අලුයම් සිහිනය‘ ගැන සංවාදය 31 දා

එල්. ටී. ටී. ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ක‍්‍රියාකාරී සාමාජිකාවකවූ තමිලිනී ජෙයකුමාරන් පුනරුත්ථාපනය වූ කාලයේදී හා ඉන්පසුව දෙමළ බසින් රචනා කරන ලද කෙටිකතා එකතුවක සිංහල පරිවර්තනය ‘අලුයම් සිහිනය’ කෙටිකතා සංග‍්‍රහය පිළිබද සංවාදයක් ජූලි මස 31 වැනිදා සවස 3.30ට ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

ප‍්‍රධාන දෙසුම් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, සුමිත‍්‍රා රාහුබද්ධ, සහ විදර්ශන කන්නංගරගෙනි. සංවාදය මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි. 

‘අලුයම් සිහිනය’ පරිවර්තනය ජී. ජී සරත් ආනන්ද සහ ලරීනා අබ්දුල් හක් ගෙනි. සාමිනාදන් විමල් විසින් පරිවර්තනය කරන ලද තමිලිනී ජෙයකුමාරන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි සංස්කරණය වූ ‘තියුණු අසිපතක සෙවණ යට- මගේ අරගලය’ කෘතිය එළිදැක්වීම ද මෙදින සිදුකෙරේ.
මෙම කෘති තෝතැන්න පබ්ලිෂිං හවුස් ප‍්‍රකාශනයකි.

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday230
mod_vvisit_counterYesterday111
mod_vvisit_counterThis week230
mod_vvisit_counterLast week1395
mod_vvisit_counterThis month10521
mod_vvisit_counterLast month19586
mod_vvisit_counterAll days2067279

Follow us on Facebook

Online Users

We have 22 guests online