09
Nov

ඒෂියන් වර්ඩ් සිනමා උළෙලේ හොඳම නිළිය අනෝමා

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති  ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ (Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන්අනෝමා ජනාදරිට හිමිවිය. අනෝමා ජනාදරි හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ ආසියානු කලාපයෙන් හොඳම විදේශීය ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් චිත්‍රපටය සඳහා සඳහා තරඟවදින චිත්‍රපට 16ක් අතුරිනි.

ජාත්‍යන්තර සම්මාන දිනුසංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (Burning Birds) වෘත්තාන්ත චිත්‍රපටය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැතිඑෂියන් වර්ඩ් සිනමා උළෙලේ (Asian World Film Festival) තරගකාරි අංශය නියෝජනය කරමින් හිම දිවියා සම්මානය (Golden Leopard Award) වෙනුවෙන් තරග වැදුණි. පසුගිය බ්‍රහස්පතින්දා (2017 නොවැම්බර් 02දා) පස්වරුවේ ලොස් ඇන්ජලීස් නුවර ආක්ලයිට් සිනමාහලේදී සම්මාන ප්‍රදානය සිදු කෙරුනු අතර  සුප්‍රකට චින- ඇමරිකානු සිනමා නිළි ලීසා ලු (Lisa Lu) ජූරීයේ සභාපතිනිය ලෙස කටයුතු කළාය.

දැවෙන විහඟුන් චිත්‍රපටය ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානයට අමතරව මීට ප්‍රථම ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival)ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize/ දෙවන ස්ථානය), 15වන ජිනිවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා (International Film Festival and Forum on Human Rights, Geneva) උළෙලේදී හොඳම චිත්‍රපයට සඳහා සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානයද දිනාගත්තේය.

මේ වනවිට බූසාන්, රොටර්ඩෑම්, මියුනික්, ගොතන්බර්ග් ඇතුළු ලොව ප්‍රබල සිනමා උළෙල විස්සකට වඩා ආරාධනා ලැබූ දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. එය ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය රටවල සම නිෂ්පාදනයකි.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනී.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday201
mod_vvisit_counterYesterday188
mod_vvisit_counterThis week389
mod_vvisit_counterLast week4095
mod_vvisit_counterThis month5000
mod_vvisit_counterLast month12073
mod_vvisit_counterAll days1976342

Follow us on Facebook

Online Users

We have 10 guests online