26
Dec

2018 රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රීය මාර්තු 24 දා

රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන වසරේ සිට ආදාල වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට තීරනය කළ බව ‘ද කිංඩම් ඔෆ් රයිගම්‘ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා පවසයි.

ඒ අනුව මීළඟ රයිගම් ටෙලීස් සම්මාන උළෙල මාර්තු 24 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි.

2018 රයිගම් සම්මාන සඳහා 2017 වසරේ විකාශය වූ ටෙලි නාට්‍ය සහ රූපවාහිනී වැඩ සටහන් සලකා බැලේ.  ඒ සඳහා ඉදිරිපත්වන නිර්මාණකරුවන්ට ස්වකීය නිර්මාණ දැන් ඉදිරිපත්කළ හැකිය.

මෙවර සම්මාන සමග ත්‍යාග මුදල් වැඩි කොට ඇති අතර සම්මාන සඳහා නිර්දේශවන  සියලුම ශිල්පීන් වෙත රුපියල් දශ ලක්ෂයක් වටිනා රක්ෂණයක් සමග රුපියල් පනස් දහසක වෛද්‍ය ආවරණයක්ද හිමිවෙයි.  

මෙවර සම්මාන උළෙලේ  විනිශ්චය මණ්ඩල සභාපති ලෙස ජයසුමන දිසානායක කටයුතු කරන අතර මහාචාර්ය අජන්තා හපුආරච්චි- මහාචාර්ය ආරියරත්න කලුආරච්චි-කථිකාචාරිනී හංසමාලා රිටිගහපොල- ගුණසිරි සිල්වා- අරුණ ගුණරත්න- රංග දසනායක  සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති. 

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday38
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week710
mod_vvisit_counterLast week1605
mod_vvisit_counterThis month4717
mod_vvisit_counterLast month6938
mod_vvisit_counterAll days2176575

Follow us on Facebook

Online Users

We have 27 guests online