29
Apr

ආසියාවේ මහා සිනමා ප්‍රාඥයා අාචාර්ය ලෙස්ටර් සමු ගනී


ලාංකේය සිනමාවේ පෙර ගමන්කරු මහා සිනමාවේදී අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද රාත්‍රී ජිවිත සිනමාවෙන් සමුගත්තේය .

ආසියාවේ මහා සිනමාවේදීන් හැටියට ගෞරවයට පාත්‍රව සිටි ඉන්දීයාවේ සත්‍යජිත් රේ - ජපානයේ අකිර කුරෝසොවා හැරුණු විට මෙතෙක් ජීවත්ව සිටි ආසියාවේ එකම මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් පමණක් විය.

ඒ මහතාගේ 99වෙනි උපන් දිනය යෙදී තිබුණේ අප්‍රේල් 5දාය.

 

1956 දී ‘රේඛාව‘ නිර්මාණය කරමින් සිංහල සිනමාවට පිවිසි ආචාර්ය  ලෙස්ටර් එමගින් දේශිය සිනමාවට නිසි පදනමක් දමමින් එය ජාත්‍යන්තර තලයට ගෙන ආවේය. ඔහුගේ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටයට නවදිල්ලි චිත්‍රපට උළෙලේදී රණ මයුර සම්මානය හිමිවීම අපේ සිනමාව ජාත්‍යන්තර අවධානයට යොමු වුණු පළමු අවස්ථාව විය.

මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවඇසුරින් ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය නිර්මාණය කළ ආචාර්ය ලෙස්ටර් අනතුරුව ‘කලියුගය‘ සහ ‘යුගාන්තය‘ නවකතා ඇතුළුව වික්‍රමසිංහගේ තුන් ඈඳුතු නවකතාවම සිනමාවට නැගීම  විශේෂ සිද්ධියක් විය.

කරුණාසේන ජයලත් ගේ ‘ගොළු හදවත‘ නවකතාව ඇසුරින්ද සිනමාරූපී චිත්‍රපටයක් නිර්මාණ කළ ආචාර්ය ලෙස්ටර් ජී. බී සේනානායකගේ ‘නිධානය‘ කෙටිකතාවද අතිශය සිනමාරූපී චිත්‍රපටයක් බවට පත් කරමින් ජාත්‍යන්තර සම්මානයට හා ගෞරවයට පාත්‍රවිය.

‘සංදේශය‘ ‘දෙලොවක් අතර‘- ‘රන් සළු‘ ‘අහසින් පොළොවට‘ – ‘මඩොල් දූව‘ – ‘බැද්දේගම‘ -වීර පුරන් අප්පු‘- ‘වෑකන්ද වළව්ව‘ -‘අවරගිර‘ – ‘අම්මාවරුනේ‘ -ආචාර්ය ලෙස්ටර්ගේ සෙසු චිත්‍රපට අතර විය.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday195
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1845
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4091
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149644

Follow us on Facebook

Online Users

We have 44 guests online