02
May

වෙනසක පුරෝගාමියා සුනරුත් පැතුම සමග නික්ම ගියේය

ආයාලේ යමින් තිබූ ලාංක්ය සිනමාවට නිසි පදනමක් දමමින් එය ජාත්‍යන්තර කීර්තියට ලක්කළ වෙනසක පුරෝගාමියා වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද (2) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව- හමුදා ආචාර වෙඩි මුර මැද දැයෙන් සමුගත්තේ ඔහුගෙ මුළු ජීවිත කාලය තුළම පැවැති එකම පැතුම සුනරුත් පැතුමක් බවට පත්කර ගනිමිනි.

ලෙස්ටර් ස්වකීය ආදරණිය බිරිඳ සුමිත්‍රා පීරිස් සමග මුළු ජීවිතයම කැප කලේ සිනමාව වෙනුවෙන් පමණකි. දරුවන් හැදීම- ගෙවල් දොරවල් හැදීම- යාන වාහන ගැනීම ඔවුන්ගේ පුරුෂාර්ථ අතර නොවීය. සිනමාව වෙනුවෙන් ඔවුන් සතු ඉඩකම්ද අනෙකුත් දේපොළද ඔවුන්ට විකුණා දමන්නට සිදු විය. කිසිම ආණ්ඩුවකින් ඔවුන් ගෙයක් දොරක් ඉල්ලා සිටියේ නැත. මිය යන තුරුම ලෙස්ටර් ජීවත් වූයේ ඩික්මන් පාරේ කුලී නිවසේය.

ලෙස්ටර් මුළු ජීවිත කාලය පුරාම ඉල්ලා සිටියේ මේ රටේ සිනමාව අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිනමා සංරක්ෂනාගාරයකි. ඔහු ඒ සඳහා මුලින්ම හඩක් නැගුවේ 1957 වසරේදිය. එදා සිට ඔහු මිය යන තෙක්ම ගතවූ 61 වසර තුළ බලයට පතවූ කිසිදු රජයක් මේ මහා සිනමා පුරෝගාමියාගේ එකම ඉල්ලීම ඉටු කරන්නට අසමත් වූයේය. ගෙවී ගිය සෑම වසරකම අප්‍රෙල් 5 වැනිදාට යෙදුනු සෑම උපන් දිනයකදීම රාජ්‍ය නායකයො ලෙස්ටර් ජීවත්වූ කුලී නිවසට පැමිණ ඔහුට කේක් කවා සිනමාව ගැන කයිවරුවක්ද ගසා ආපසු යන්නට ගියහ.

ලෙස්ටර්ගේ එකම පැතුම සුනරුත් පැතුමක් වීම නිසා අනාග පරපුරට තබා අද පරපුරටත් ඔහුගේ චිත්‍රපට නරඹන්නට - හදාරන්නට අවකාශ නැත. ඔහුගෙ විශිෂ්ටම චිත්‍රපට සියල්ලේම නෙගිටිව්පත් විනාශ වී ගොසිනි. ලෙස්ටර්ගේ පමනක් නොව මේ රටේ හරවත් සිනමාවත් වෙනුවෙන් දායක වූ ධර්මසේන පතිරාජ- වසන්ත ඔබේසේකර- ඇතුළු සිනමාකරුවන්ගේ චිත්‍රපටද විනාශ වී අවසන්ය.

ලෙස්ටර්ට කරන්නට තිබුණු හොඳම රාජ්‍ය   ගෞරවය වූ සිනමා සංරක්ෂනා ගාරයක් ඉදිකර මේ රටේ සිනමාව ආරක්ෂා කරගන්නට කැක්කුමක් නැති පාලකයන්ගේ රාජ්‍ය ගෞරවවලින් කවර ථලයක්ද?

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday183
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1833
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4079
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149632

Follow us on Facebook

Online Users

We have 35 guests online