14
May

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ඉනෝකා

ප්‍රවීණ සිනමාවේදී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිනිය ලෙස පත්කොට තිබේ.

ජාතික රූපවාහිනී  සංස්ථාවේ සභාපති තනතුරට කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

සිය පළමු චිත්‍රපටය වූ ‘සුලං කිරිල්ලී‘ තුලීන්  වැඩිම ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් දිනාගත් ඉනෝකා සත්‍යංගනී අනතුරුව ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටය නිර්මාණය කළ අතර මෑතකදී ‘සාර සුබාවට මල් පිපිලා ‘ මැයෙන් අලුත් චිත්‍රපටයක වැඩ ආරම්භ කළාය.

සිනමාව-රූපවාහිනිය- මාධ්‍යය පමණක් නොව සාහිත්‍ය විෂයෙහි ලාද හසල දැනුමක් ඇති ඉනෝකා නිතරම අලුත් දැනුමෙන් යාවත්කාලීන වන නූතනවාදී කාන්තාවකි. කාලාන්තරයක් මුළුල්ලේ නිසි නායකත්වයක් නැතිව- ඉදිරි දැක්මක් නැතිව වල්බිහිවී ඇති රූපවාහිනී සංස්ථාවේ අභිවෟද්ධිය වෙනුවෙන් ඇයට කළ හැකි වැඩකොටස විශාල බව අපි විශ්වාස කරමු

අපේ උණුසුම් සුභ පැතුම් ඇයට පුදකරමු

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday173
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week442
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11865
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125368

Follow us on Facebook

Online Users

We have 22 guests online