සෆීර්ර්ගේ දස වසරක ජර්මානු නාට්‍ය අත්දැකීම්
කොළඹ නාට්‍ය කථීකාව පසුගිය වසර පුරාවටම ඉතා සාර්ථකව ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් ඉන්ටර් ඇක්ට් ආර්ට් ආයතනය මගින් පවත්වන ලදී. වසරක කාලයක් පුරා නාට්‍ය කලාවේ විවිධ මානයන්වල රංගකලා වාර්තා චිත්‍රපටි රැසක් සංවාදය සඳහා ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය තරුණ සහ ප්‍රවීණ නාට්‍යකරුවන්ද සහභාගී වෙමින් එම අත්දැකීම් ඛෙදා ගන්නා ලදී.
එම්, සෆීර් පසුගිය දශකය පුරා විදේශීය නාට්‍ය පිළිබඳ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලැබූ ප්‍රවීන නාට්‍යකරුවෙකි. එසේම දේශීය හා විදේශීය නාට්‍ය අධ්යකෂවරයෙකි. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය අවස්ථා ගණනකදී එම්. සෆීර් නාට්‍යවේදියා යුරෝපයේ පැවැත්වූ නාට්‍ය සම්මේලන සහ ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල් සඳහා සහභාගී කරවමින් ඉතා විශාල ජාත්‍යන්තර ජාලයක් සකස් කිරීමට පසුබිම සාදා දෙනු ලැබීය.
එහි කූටප්‍රාප්තිය වන්නේ මෙරට තුළ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් සංවිධානය වීම සහ අති විශාල රටවල් ගණනක නාට්‍යකරුවන් මෙරටට පැමිණීීම සහ මෙරට තරුණ නාට්‍යකරුවන්ට ජාත්‍යන්තරයට පිවිසීමේ අවස්ථාව උදාවීමයි.
දශකයකට පසු එම්. සෆීර් තමන්ගේ අත්දැකීම් මෙවර කොළඹ නාට්‍ය කථීකාවෙන් ඛෙදා හදා ගනු ඇත.