10
Oct

නිදහසේ පියා ඞී. එස්. ඔක්තෝබර් 12වන දා සිට තිරයට.

හැත්තෑ වසරක් ඉක්මවූ හෙළ සිනමා වංශකතාවේ, ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලාංකීය චිත‍්‍රපටයක් සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන් ම එකවර ප‍්‍රදර්ශනය කිරීමේ භාග්‍ය ලබමින්, සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ,   නිදහස් සටනට නායකත්වය සැපයූ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක ශූරීන්ගේ ජීවන චරිතය ඇසුරින් තැනූ නිදහසේ පියා - ඞී. එස්.චිත‍්‍රපටය 12වන දින සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හී දී තිරගත කිරීමට නියමිතව ඇත.

සිංහල පිටපතේ මංගල දර්ශනය කොළඹදීත්, දමිළ පිටපතේ මංගල දර්ශනය යාපනයේදීත් එක ම දවසේ පැවැත්වීම මෙහි විශේෂත්වය වේ.

විශාල පිරිවැයක් දරමින් නිෂ්පාදිත මෙම චිත‍්‍රපටයේ ඞී. එස්. සේනානායක ශූරීන්ගේ නිදහස් සටනේ නායකත්වයට අත්වැල් සැපයූ, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ශී‍්‍රමත් බාරොන් ජයතිලක, හෙන්රි පේදිරිස්, ඞී. සී. සේනානායක, ශී‍්‍රමත් ජේම්ස් පීරිස්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, ඞී. ආර්. විජේවර්ධන, ජේ. ආර්. ජයවර්ධන, ශී‍්‍රමත් පොන්නම්බලන් රාමනාදන්, ඩඞ්ලි සේනානායක, ශී‍්‍රමත් ඔලිවර් ගුණතිලක, රිචඞ් අළුවිහාරේ වැනි නිදහස් සටනේ සෙසු පුරෝගාමීන්ගේ චරිතයන් ද මෙහි පෙළගස්වා ඇත.

ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිදු දොඩම්තැන්න, සාරංග දිසාසේකර, බුද්ධදාස විතානාරච්චි, පූජිත ද මෙල්, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ජනක් පේ‍්‍රමලාල්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රොෂාන් පිලපිටිය, ජී. ආර්. පෙරේරා, සෝමසිරි අලකොලංග, උදිත් අබේරත්න, කමල් දේශප‍්‍රිය, මිලින්ද පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංහ, අනුර බණ්ඩාර රාජගුරු, `දුන් විජේසිරි, කුමාර තිරිමාදුර, අතුල ජයසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, නයනා හෙට්ටිආරච්චි, පවිත‍්‍රා වික‍්‍රමසිංහ, ප‍්‍රියා විතානාරච්චි, නිරෝෂා තලගල, අයෝධ්‍යා රත්නසිරි, ශ‍්‍රියාණි මහවත්ත, තෙසාරා ජයවර්ධන ඇතුළු නළුනිළියන් සියයකට අධික පිරිසක් රංගනයෙන් දායක වෙති.

 

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday247
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week481
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5040
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169265

Follow us on Facebook

Online Users

We have 55 guests online