03
Apr

වමේ සභාග දේශපාලනය පතුරු ගැසූ වාමවාදියා

Sucharitha Gamlath

මහාචාර්ය සුචරිත ගම්ලත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව මට සැලවුයේ ඔහු මිය යන්නට සතියකට පෙරය. එම පුවත සැලවූ සැණින් ඇති වු කම්පාවත් සමග මට කල්පනා වුයේ මේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් උදාකර දීම උදෙසා සටන් වැදුණු වමේ බුද්ධීමතුන් කිහිප දෙනෙකු රටට අහිමි වු පරිද්දෙන්ම මහාචාර්ය ගම්ලත්ටත් ජීවිතයෙන් සමුගන්නට සිදු වුයේද ඔහු පැතූ ලෝකය බිහි කරන්නට නොහැකිව නොවේදයි යනුවෙනුයි. 

මහාචාර්ය ගම්ලත් මේ රටේ බිහිවු තවද එක් සාහිත්‍යකරුවෙක් නොවේ.ිශෝකයත් රසයක්ද ?’කව් සිළුමිණ විනිස’ වැනි සාහිත්‍ය විචාර ග‍්‍රන්ථ පළ කරමින් සිංහල සාහිත්‍ය සහ විචාර ක්‍ෂේත‍්‍රයේ නිම් වළලූ පුළුල් කරමින් සිටි මහාචාර්ය ගම්ලත් 80 දශකයෙන් පසු තම ඥාන සම්භාරය කැප කළේ ඔහුගේම වචන වලින්ම සඳහන් කරතොත් ජනතාවගේ ජීවන ධාරිතාව පුළුල් කරමින් ඔවුන්ගේ ජිවිත සුපුෂ්පිත කරවන සමාජ ක‍්‍රමයක් බිහි කිරීම උදෙසාය. ඔහුගේ ජීවිතය කැප කෙරුණේ ඒ සඳහා අවශ්‍ය ප‍්‍රඥාව ජනතාව තුළ දැල්වීම සඳහාය.

මහාචාර්ය ගම්ලත් එකී කාර්යය සඳහා අවියක් කොට ගත්තේ අපෝහ භෞතිකවාදී විචාර වේදයයි. ඔහුගේ එම විචාරවේදය පෝෂණය කරනු ලැබෙවේ එවකට කීර්ති බාලසුරියගේ නායකත්වයෙන් යුත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මගිනි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එදා අරගල කළේ තනි රටේ සමාජවාදය වෙනුවට මුළු ලොවම එකම සමාජවාදී රාජ්‍ය පද්ධතියක් සඳහා වන අරගලයට න්‍යාය සැපැයු ට්‍රොට්ස්කිවාදී ආස්ථානය මත පිහිටාය.
සාහිත්‍ය කලාව අරබයා ට්‍රොට්ස්කිගේ දැක්ම හුදෙක්ිජනතාව සඳහා කලාව’ යන ඊනියා ස්ටැලින්වාදී මිථ්‍යාව විස්ථාපනය කිරීමක් විය. එම දැක්ම කලාකරුවාගේ සහ කාලාවේ නිදහස ආරක්‍ෂා කිරීමක් වුවත් මෙන්ම එය සමාජ භාවිතයක් ලෙස යොදා ගැනීමක් ද විය.

කලාව හා සාහිත්‍ය අරබයා ට්‍රොට්ස්කිිවාදී දෘෂ්ටියෙන් සන්නද්ධ වු මාහාචාර්ය ගම්ලත් පේරාදෙණිය ගුරුකුලය ඔස්සේ එතෙක් වැජඹුණු සාහිත්‍ය මතවාද කුඩු පට්ටම් කරමින් නව විචාරවේදයක් දියත් කළේය. ඔහුගේ එම විචාර භාවිතය කොන්දේසි විරහිතව එතෙක් පැවැති මිත්‍යාවන් පතුරු ගැසීමක් වුයෙන් ඔහුගේ ගුරුවරයා වු මාහාචාර්ය සරච්චන්ද්‍රයන් එය දෙඤ්ඤම් බැටේ විචාරය යනුවෙන් හැදින්වුයේය.

එසේ වුවද ගම්ලත් සුරින්ගේ එම විචාර භාවිතය මේ රටේ සාහිත්‍යකරුවන්ගේ, ගීත රචකයන්ගේ, සිනමාකරුවන්ගේ හිස් ගෙඩි තුළ බැදි තිබු මලකඩ කඩා හරින්නක් විය.

‘තුන්හෙළයේ කැලෑ තුළ සිංහ පැටව්’නෙළාගන්න බෑ මගේ අත දිග නෑ’ වැනි මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු ගීත ගම්ලත්ගේ කුළු ගෙඩි පහරට ලක්වීමේන් පසු ගීත රචනයෙහි ඔහුට වඩාත් නිවැරදි මඟකට යොමු වන්නට හැකිවු අයුරු ඉන්පසුව ලියැවුණු ඔහුගේ හේමන්තයේදී’ ගීත සමුච්චය දෙස් දෙයි.

ලාංකේය සිනමාවේ දෙවැනි කැරැල්ල ගැසු ධර්මසේන පතිරාජගේ දේශපාලන සිනමාව පිළිබඳව නිසි අර්ථකථනයක් දෙමින් ගම්ලතුන් ලියු විචාර මෙරට සිනමා විචාරයෙහිලා එතෙක් පැවැතිඋෘනතාවන් අතික‍්‍රමණය කිරීමක් විය. පතිරාජගේ සිනමාව පිළිබඳව දේශපාලන දෘෂ්ටියක් සහිතව දකින්නට නැණැස පැදුවේ මහාචාර්ය ගම්ලත්ය.

ඵීප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හිතවතකු ලෙස විචාරයට බට ගම්ලත් පසුව එහි මධ්‍යයම කාරක සභිකයකු ද විය. දැඩි විනයක් ඇති පක්‍ෂයක් වු එහි සාමාජිකත්වය දරන අතර ආණ්ඩුවේ සංස්කෘතික ඇමැති සමඟ එකම වෙදිකාවට නැඟීමේ චෝදනාව මත ඔහු පක්‍ෂයෙන් නෙරපා හැරුණේය. එදා ඔහු වේදිකාවට නැඟුණේ මහාචාර්ය සරච්චන්ද්‍ර අභිනන්දන උත්සවයක් වෙනුවෙනි.

තමා පක්‍ෂයෙන් පලවා හැරියද එය මනෝබද්ධ ප‍්‍රශ්නයක් කර නොගැනීම ගම්ලත්ගෙන් දකින්නට ලැබුණු සුවිශේෂම ලක්‍ෂණයක් ලෙස මම දකිමි. ඔහු ඒ වෙනුවට කළේ පක්‍ෂයෙන් ලත් පෝෂණය මත තම විචාරවේදය ඔස්සේ වඩාත් ඉදිරියට යෑමකි.

මේ කාලය වන විට මහාචාර්ය ගම්ලත් විශ්වවිද්‍යාලයකට වද්දා නොගත යුතු පුද්ගලයකු ලෙස ආණ්ඩුවේ උදහසට ලක්ව සිටියේය. එහෙත් ඒ කිසිවකින් ඔහු සැලුනේ නැත. ඒ වෙනුවට ඔහු කළේ වඩ වඩාත් පුළුල් ලෙස තම සාහිත්‍ය කාර්යයෙහි සහ විචාර කාර්යෙහි යෙදීමයි. එහි ප‍්‍රතිපලයක් ලෙස වචන ලක්‍ෂ 5 කින් සමන්විත මහා පරිමාණයේ ඉංග‍්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් ඔහු අතින් බිහි වුයේය.

මහාචාර්ය ගම්ලත් සම්මාන උපහාර නොඉවසු බුද්ධිමතෙකි. ඔහුගේ සාහිත්‍ය සේවය උදෙසා පිරි නමන්නට ගිය සම්මාන කිහිපයක්ම ඔහු ප‍්‍රතික්‍ෂ්ප කළේය. එපමණක් නොවේ ‘සිංගප්පුරු දරුවා’ නමින් ඔහු විසින් පරිවර්තනය කර න ලද කෘතියකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණු අවස්ථාවේ අලූයම ලූ කෙළ පිඩක් සේ එය ප‍්‍රතික්‍ෂ්ප කළේ ලේ තැවරුණු ආණ්ඩුවේ ඇමැතියන්ගේ දෑත්වලින් සම්මාන ගන්නට නොයන බව අවධාරණය කරමිනි.

මහාචාර්ය ගම්ලත් ස්වකීය ජීවිත කාලය තුළ සාහිත්‍ය කලාව සහ විචාරය අරබයා ඉතිරි කළ දැ තව පරම්පරාවකගේ සාහිත්‍ය හා දේශපාලන දැක්ම පුළුල් කිරිම සඳහාත් ඒ අනුව සාහිත්‍යකරණයේ සහ විචාර යේ යෙදීම සඳහාත් වන මහඟු දයාදයකි. එහෙත් මේ ලිපියෙහි මුලින්ම සඳහන් කළ ආකාරයට තම ජීවිත කාලය පුරා ප‍්‍රාර්ථනා කළ ලෝකය බිහි කරන්නට නොහැකිව ඔහුටද ජීවිතයෙන් සමුගන්නට සිදු වුයේ මේ රටේ වමේ ව්‍යාපාරයේ පුරෝගාමී පක්‍ෂ සහ එම පක්‍ෂවල නායකත්වයෙහි රැඳි දේශපාලකයන් ඉතිහාසය පුරා මෙන්ම අදත් ජනතා ද්‍රෝහි ආණ්ඩු සමඟ සභාග ගත වෙමින් ගෙන ගිය සහ ගෙන යන මහා පාවාදීම්වල ප‍්‍රතිපලයක් වශයෙනි.

ගුණසිරි සිල්වා

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday161
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1811
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4057
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149610

Follow us on Facebook

Online Users

We have 18 guests online