25
Jan

ලාංකේය සාහිත්‍ය සම්මානයේ නව වෙනසක්! Lankalive සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල පෙබ 03 දා

ජනාධිපති- සරසවි  -ස්වර්ණ  සංඛ  ඇතුළු මේ රටේ එතෙක් පැවැති සිනමා සම්මාන උළෙල සියල්ල නතර කොට තිබූ වකවානුවක  2014 වසරේදී  lankalive film awards නමින් සිනමා සම්මාන උළෙලක් පවත්වමින් ලාංකේය සිනමා ශිල්පීන්ට සම්මානයේ අභිමානය ප්‍රදර්ශනය කළ lankalivestar.com වෙබ් අඩවිය ලාංකේය සාහිත්‍ය යේ ප්‍රගතිය උදෙසාද ස්වකීය මැදිහත්වීම සනිටුහන් කරමින් අලුත්ආකාරයේ  සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙතෙක් මේ රටේ පැවැති  සාහිත්‍ය සම්මාන  උළෙල මගින්   නවකතාවේ -කෙටි කතාවේ  කවියේ සහ ළමා සාහිත්‍ය යේ නිරතවී සිටි ප්‍රවීණ  පිරිසක් පමණක් වරින්වර හැමදාමත් සම්මාන දිනාගනිද්දී  සිය පළමු  නවකතාව - පළමු කෙටිකතා සංග්‍රහය  -පළමු කාව්‍ය සංග්‍රහය - පළමු ළමා කෘතිය ලියා  පළ කළ ලේඛකයන් කිසිදු විනිශ්චය මණ්ඩලයක අවධානයට ලක් නොවී යටපත් වූයේය.

Lankalivestar.comවෙබ් අඩවියේ අවධානය යොමුවූයේ ඒ පිරිසගේ කෘතීන් ය. ඒ අනුව මේ රටේ පළමු වරට   ප්‍රථම නවකතාව- පළමු කෙටිකතා සංග්‍රහය -   පළමු කාව්‍ය සංග්‍රහය-  පළමු ළමා කෘතිය  ලියා පළ කළ  ආධුනික-ප්‍රවීණ  ලේඛක- ලේඛිකාවන්ගේ  කෘති සැලකිල්ලට ගනිමින් සයිබර් අවකාශ සම්මාන නමින් සම්මාන උළෙලක් පැවැත්වීමට  කටයුතු යොදා ඇති අතර එය පෙබරවාරි  03 දා සවස 3.00 ට   ජාතික පුස්තකාල සේවා මණ්ඩලීය ශාලාවේදී පැවැත්වෙයි.

 

එම සම්මාන උළෙලේදී  සම්මාන පිරිනැමීම  සඳහා නිර්දේශිත කෘති මෙසේය.
------------------

කාව්‍ය සංග්‍රහ - ලාල් හෑගොඩ සම්මානය

 

-සැදෑ යාමය- සිරිනිමල් ලක්දුසිංහ

කාගෙද වසන්තය- ජයතිලක කම්මැල්ලවීර

ආලවක ආලිංගන- චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

මිත්‍රවරුණි, විප්ලවය සිදු වුයේ නැත- චිරන්ත ජයසේන

අගුලු ලූ හැගුම් දොර- නිශාන්ත මල්ලවාරච්චි

 

විනිශ්චය මණ්ඩලය- තිඹිරියාගම බණ්ඩාර... උපුල් සේනාධිරගේ.. අජිත් නිශාන්ත ගමරාල.. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.. ජයසිරි අලවත්ත‍‍..

 

කෙටිකතා- අජිත් තිලකසේන සම්මානය

බර්ට්‍රම් නිහාල්- තහනම් ගහේ ඇපල්

ඩබ්.ඒ.එන්.ඒ විජේසූරිය- විසංවාදය

නිශාන්ත වැලිඅංග- සමරදිවාකරගේ භාර්යාව

 

විනිශ්චය මණ්ඩලය-.. ටෙනිසන් පෙරේරා-.අනුරසිරි හෙට්ටිගේ.. ගුණසිරි සිල්වා

 

 නවකතාව- සයිමන් නවගත්තේගම අනුස්මරණ සම්මානය

 

නැදිමාලේ miniහෙක් -පාස්වර්ඩ්

කෞශල්‍ය කුමාරසිංහ- මේ රහස් කවුළුවෙන් එබෙන්න

චම්පා වෛද්‍යතිලක- ඇදහිය නොහැකි නිහඩතාවය

 

විනිශ්චය මණ්ඩලය- සමන් වික්‍රමාරච්චි
පියල් කාරියවසම්
අරුණ ලොකුලියන‍

 

 

සිසු නිර්මාණ

 

            මමත් හොද ළමයෙක් - කොළඹ 8 ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලේ - එසාරා සුමින්දි පුස්සෙවෙල

 

            කරත්ත මාමා- මිලාගිරිය- ශාන්ත පාවුළු බාලිකා විදුහලේ- සත්සරණි විශ්වදිනී බණ්ඩාර

 

            මගෙ සිහිනය - ර / ඇහැළියගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ -චතුරි මහේෂිකා ස්වර්ණමාලි

 

 

 

සිසු නිර්මාණ විස්සක් කුසලතා සහතිකයෙන් ඇගයේ.

 

.

 

සම්මාන අනුග්‍රහය සරසවි/ ගොඩගේ/සදීපා/සමයවර්ධන/දයාවංශ ජයකොඩි සහ ප්‍රකාශකයන්ගෙනි

 

Bottom of Form

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday175
mod_vvisit_counterYesterday194
mod_vvisit_counterThis week1660
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12498
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030567

Follow us on Facebook

Online Users

We have 37 guests online