07
Feb

වෙන්වූවන්- ඈත් වූවන්- එකට එක්කළ සින්ඩ්‍රෙල්ලා

පෙම්වතුන් හමුවෙති. එක්වෙති. වෙන්වෙති. යළි එක්වෙති! ගලන ගඟක් බඳු ජීවන රිද්මයේ අරුමය එයයි.

කලාකරුවන්ගේ පමණක් නොව සෑම මනුෂ්‍යයකුම ජීවිත කාලය තුළ මුහුණ දෙන අරුමය එයයි.

එහෙත් කලාකරුවන්ගේ ජිවිත තුළ දිස්වන ඒ අරුමය රසිකයන්ගේ  වැඩි කතා බහට ලක්වන්නේ ඔවුන් සංගීතයෙන්- ගායනයෙන්- රැඟුමෙන්  මවන ලාලසාවෙන් මන්මත්වන රසිකයින්ට ඔවුන්ගේ  පෞද්ගලික ජීවිත රහස් තලුමරන්නට ඇතිවන ආසාව නිසාමය.

 විවාහ ජීවිතවලට සමු දීම නිසා පසුගිය කාලයේ රසිකයන්ගේ වැඩිම කතාබහට ලක්වූ අතුල -සමිතා යළි එක්වන්නට යන පුවතක් පැතිර යද්දී අතුල-අමායා වෙනුවට අතුල- සමිතා  එක්ව සිටින  මේ මොහොත අපේ කැමරා ශිල්පී උපුල් නිශාන්ත සිය උකුසු ඇසට හසු කරගත්තේය.

ජනප්‍රිය නිළි උපේක්ෂාගේ ජීවන නෞකාවද රළ පහරට හසුව ඒ මේ අත ගසාගෙන ගිය පුවතද රසිකයන්ගේ කතා බහට ලක්වූයේය.  ඒ අතරතුර උපේක්ෂාත් අකලංක ගනේගමත් ප්‍රෙමයෙන් මත්වූ ජවනිකා රැසක් ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටය තුළ අඩංගුවීමත් සමග ඔවුන් ගැනද විවිධ කටකතා පැතිරයාම නිසා ‘සින්ඩ්‍රෙල්ලා‘ ප්‍රචාරක කටයුතුවලදීවත්  එකට පෙනී නොෙසිටින්නට ඔවුන්ට සිදුවිය.

 ඒ කටකතාවලින් පසු උපේක්ෂා-අකලංක එකට හමුවූ මොහොතද  සිය කැමරා කාචයේ සටහන් කරගන්නටද උපුල් නිශාන්ත යුහුසුළු විය.

මේ සියලු  දෙනා යළි මුණගස්වමින් ඔවුන් අතරට යළි සංහිදියාවකට මඟ පැදු මේ අසිරිමත් අවස්ථාව පසුගිය 5දා කොළඹ රීගල් සිනමාශාලාවේදී උදාවිය. ඒ ඉනෝකා සත්‍යංගනීගේ‘ ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටයේ මංගල දැක්ම පැවැති අවස්ථාවයි.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සහ කලාකරුවන් විශාල පිරිසක් එම අසිරිමත් අවස්ථාවට එක්වූහ


 

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday592
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week592
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12155
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099246

Follow us on Facebook

Online Users

We have 210 guests online